Showing posts with label Crime. Show all posts
Showing posts with label Crime. Show all posts

Wednesday, April 12, 2017

Woman cut off boyfriend's penis in Polonnaruwa

By: Prosperity Tech On: 7:48 PM

අනියම් සැප සොයා ගෙට රිංගූ රොෂාන්ට රහසඟ බෑග් එකක දාගෙන ඉස්පිරිතාලෙ නවතින්න වූ හැටි - Video

- අනියම් සැප සොයා ගෙට රිංගූ රොෂාන්ට රහසඟ බෑග් එකක දාගෙන ඉස්පිරිතාලෙ නවතින්න වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


‘‘ඇඳ උඩ මස්කට් මුදවපුවා වගේලු..“
‘‘ඇයි අක්කා මට මෙහෙම කළේ කියලා කපපු කෑල්ල ඉල්ලුවා..“
‘‘ඒකි කපලා අනිත් අයට කියනවා කෑල්ල ගේන්නලු..“
පොලොන්නරුව, මින්නේරිය පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌තව සේවයෙහි නියුතු පොලිස්‌ කොස්‌තාපල්වරයකුගේ රහසඟ තියුණු ආයුධයකින් කපා දමා දැමීමේ සිද්ධිය වාර්තා වුයේ පසුගිය 10 වන දායි.

Saturday, April 8, 2017

World's Top 10 Most Expensive Virginities Ever Sold

By: Prosperity Tech On: 11:54 PM

ලොව වැඩිම මුදලකට කන්‍යාභාවය විකිණූ තරුණියන් 10 දෙනා මෙන්න (VIDEO)

මිනිස්සු සල්ලිවලට නොකරන දෙයක් නෑනේ. ඉතින් අපි මේ කියන්න යන්නේ සල්ලි නිසා කරපු අමුතුම ආකාරයේ වැඩක් ගැන. ඒ තමයි ලෝකයේ වැඩිම මිළකට තමන්ගේ කන්‍යාභාවය විකුණපු කාන්තාවන් ගැන.
ඉතින් මෙහෙම කන්‍යාභාවය විකුණපු කාන්තාවන් දස දෙනෙකු ගැන වාර්තා වෙනවා..
මේ ඔවුන් ගැන දැක්වෙන වීඩියෝවක්.

Monday, February 20, 2017

Friday, February 10, 2017

SAITM campus rohitha abeygunawardena daughter

By: Prosperity Tech On: 3:20 AM

රෝහිතගේ දුව සයිටම් එකට දාන්න නාමල් එක්ක ගිය හැටි..!

ආන්දෝලනයට ලක්ව තිබෙන මාළඹේ පුද්ගලික වෛද්‍ය පීඨය සයිටම් ආයතනයට දිගුකලෙක සිට විරෝධතා පැවතුණද පසුගිය රජය සමයේ විවිධ ආධාර අනුබල ලැබිණි.පහතින් දැක්වෙන්නේ එවක ජාතිය ගොඩනැංවීමේ ඇමති රෝහිත අබේගුණවර්ධනගේ දියණිය සයිටම් ආයතනයට ඇතුලත් කිරීමට රෝහිත අමාත්‍යවරයා සමග එදින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද සයිටම් ආයතනය වෙත ගොස් තිබෙනවා.වැඩි දුරටත් සයිටම් විශ්ව විද්‍යාලයේ සිසුන් සදහන් කරන්නේ නිතිණි අබේගුණවර්ධන සයිටම් විශ්වවිද්‍යාලය තුල ඉහල අවධානයක් ලබාගැනීමේ අරමුණින් විශ්ව විද්‍යාලයට ඇතුල් වන දිනයේ නාමල් මන්ත්‍රීවරයාට කල ඉල්ලීමකට අනුව නාමල් රාජපක්ෂ පැමිණි බවයි.ඉන් අනතුරුව නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ සයිටම් විශ්ව විද්‍යාලය නාමල් මන්ත්‍රීවරයාට සයිටම් ආයතනයේ කාර්යමණ්ඩල විසින් නිරීක්ෂණ චාර්කාවද රැගෙන ගොස් තිබෙනවා. එම චාරිකාවට එවක සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායකද එක්ව සිටියහ.

Sunday, January 22, 2017

Lucia Perez Dead: Argentine Girl, 16, Dies After Being Raped

By: Prosperity Tech On: 11:16 PM

දූෂණයකර මරා දැමුණු 16 හැවිරිදි ලූ‍සියා රටක් හඬවයි


ආර්ජන්ටිනාවේ නව යොවුන් වියේ තරුණියක ඉතා අමානුෂික ලෙස දූෂණය කර මරා දැමීමේ සිදුවීමකට එරෙහිව එරට වැඩකරන කාන්තාවන් සිය සේවාවලින් ඉවත්ව දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ. ආර්ජන්ටියාවේ, මාර් ඩෙල් ප්ලාටා නගරයේදී 16 හැවිරිදි ලූ‍සියා පෙරේස් නමැති මෙම නව යොවුන් වියේ තරු‚ය ඝාතනයට ලක්ව තිබුණේ මෙම මස මුලදීය. පසුගිය ඔක්තෝබර් 08 වැනිදා පුරුෂයන් දෙදෙනෙකු විසින් මෙම තරු‚ය රෝහලක් වෙත ගෙනැවිත් භාරදී තිබුණේ ඇය මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ලබාගෙන ඇති බව පවසමිනි.

Saturday, December 17, 2016

Sri lankan music video

By: Prosperity Tech On: 5:12 AM

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අසැබි මියුසික් වීඩියෝවක් එලියට

අසැබි දර්ශන සහිත ගීතයම වීඩියෝවක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇති බවට වාර්තා වනවා.

අසැබි වීඩියෝ පටවල මෙන්ම නිරුවත් වූ කාන්තාවන් මෙම වීඩියෝ පටයේ ඇතුලත් වන බවයි වාර්තා වන්නේ.

ෆිල් ටි නම් රැප් ගායකයාගේ නවතම ගීතය වන මෙහි ඇතුලත් දර්ශණ ලිංගික ඉරියව් නිරුපනය කෙරෙනවා.
එහි ඡායාරුප පෙළක් ඔහුගේ ෆෙස්බුක් ගිණුමට එක් කර තිබෙනවා.

Wednesday, November 30, 2016

Sudu hansi child abuse

By: Prosperity Tech On: 4:21 AM

35 හැවිරිදි සුදු හංසි 15 හැවිරිදි සාමණේර නමක් ලිංගික ඇසුරකට පොළඹවාගෙන- වැඩේ අතේ පත්තුවෙලා


‘සුදු හංසි’ නමින් මුහුණු පොතේ පෙනී සිටිමින් වයස අවුරුදු 15ක සාමණේර හිමිනමක් චීවරයෙන්ද මුදාගෙන අඹු සැමියන් ලෙස ජීවත් වූ 35 හැවිරිදි විවාහක දෙදරු මවක් අවිස්සාවේල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන බාල වයස්කරුවකු අඹු සැමි ඇසුරකට පොලඹවා ගැනීම, බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම යන චෝදනා මත අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත සැකකාරිය මුදාහැර තිබේ. අවිස්සාවේල්ල, උඩුවිල ජනපදය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අවුරුදු 05 සහ 09 වයස්වල පසුවන දියණියන් දෙදෙනකුගේ මවක් වන ‘සුදු හංසි’ගේ සැමියා විදෙස් රටක රැකියාවක නියුතු වූවෙකි.

Thursday, November 10, 2016

Man arrested for sexually abusing air hostess

By: Prosperity Tech On: 6:16 AM

නරුමයෙකු අතින් මහ රෑ දූෂණය වී හිතේ හයියෙන් ඔහුට පාඩමක් ඉගැන්වූ අපේ ගුවන්සේවිකාවගේ පුංචි මොලේ

පසුගියදා ගුවන් සේවිකාවකගේ නිවහනට පැන අයව දූෂණය කළ පුද්ගලයෙකුව උපාය මාර්ගයෙන් පොලිසියට අල්ලා දුන් තරුණියක් සම්බන්දයෙන් පුවතක් වාර්තා වුණා. ඒ සිද්ධියේදී ඇය ක්‍රියාකල ආකාරය නිසාවෙන් ඇයගේ ජීවිතය සේම අපරාධකාරයාද පොලිසියට කොටු වූ ආකාරය සම්බන්ධයෙන් සති අන්ත පුවත් පතක් මෙලෙසින් වාර්තා කර තිබුණා.
අයෝමි ප්‍රනාන්දු ගල්කිස්‌ස ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණියකි. උසට සරිලන මහතකින් යුක්‌ත වූ ඇය ඉන්දියානු නිළියක මෙන් රූමත් වූවාය. සිහින් සිරුර පුළුලුකුල ඇයට ගෙන ආවේ අමුතුම ලස්‌සනකි. සිනහ වන විට වක ගැහෙන කම්මුල් දෙකෙන් කියාපෑවේ ඇයගේ සිරියාවයි. අයෝමි දුටු කෙනකු කිහිප වරක්‌ම ඇය දෙස බලනුයේ මිහිපිට සිටින දෙවඟනක්‌ යෑයි සිතමින්ය. ඒ තරමටම ඇය සුන්දරය.
මෙරට ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක සේවයට ඇය සම්බන්ධ වන්නේ මීට වසර කිහිපයකට පෙරයි. ඇයගේ රූමත් බව එම රැකියාව ලැබීමට බලවත්ම සාධකයක්‌ වූවාය. කලක්‌ ගල්කිස්‌සේ දෙමාපියන් සමඟ ජීවත් වූ ඇය පසුකාලීනව රාජගිරියේ නිවසක්‌ කුලියට ගෙන තනිවම ජීවත් වූවාය. ඒ රැකියාවට යැමේ පහසුව සහ තවත් පෞද්ගලික කාරණා රැසක්‌ මතයි.

Tuesday, September 27, 2016

Mamta Kulkarni denies role in drug racket

By: Prosperity Tech On: 12:03 PM

කෙන්යාවේ සැඟවුණු මම්තා කතා කරයි 

සරාගී නිළියක ලෙස ප්‍රසිද්ධ වී සිටි මම්තා කුල්කාර්නි, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ යැයි සැක කරන බව පසුගිය දිනවල ආරංචි පැතිරී ගිය හැටි ඔබට මතක ඇති ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, ථානේ නුවර පොලීසිය මම්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පසුපස ලුහු බඳින බවත් පැවසුණා. ඒ නිසා ඇය කෙන්යාවට පලා ගොස් සැඟවී සිටින බවයි දැනගන්නට ලැබු‍ෙණ්.

මෙලෙස සැඟවී සිටින මම්තා, පසුගියදා මාධ්‍ය හමුවක් ඉදිරියේ කරුණු කියා සිටියා. ඇය එහිදී පැවසුවේ ථානේ පොලීසිය චෝදනා කරන අයුරින් තමන් කිසිදු අවස්ථාවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නොයෙදුණු බවයි.

පොලීසිය විසින් තමන් වෙත කරන ලද චෝදනා තවමත් ඔප්පු වී නැති බවත් මම්තා ප්‍රකාශ කරනවා. පොලීසිය චෝදනා කරන්නේ ඇය, රු. කෝටි 2000 ක් පමණ වූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවකි. මේ චෝදනාවන් ප්‍රතික්ෂේප කරන මම්තාට සහය පිණිස නීතිඥවරු පස් දෙනකු ද මාධ්‍ය හමුවෙහි කරුණු ප්‍රකාශ කළා.

Friday, September 23, 2016

Giniyam Ra - Shermaine Willis Ft. IRAJ & Kaizer

By: Prosperity Tech On: 10:28 AM

සමලිංගික පෙමින් ගිනිගත් ඉරාජ්ගේ ගිනියම් රෑ එළිදකී – වීඩියෝව මෙන්න!

ඉරාජ් වීරරත්නගේ නවතම මියිසුක් වීඩියෝව මීට සුළු මොහොතකට පෙර එළි දක්වනු ලැබුවා.
මේ ගීතය නම්කොට ඇත්තේ ගිනියම් රෑ ලෙසින්. මෙය ගායනා කරනු ලබන්නේ Shermaine Willis, ඉරාජ් හා පසුගිය දිනවල මවට කුනුහරපයෙන් බැන්නා යැයි දැඩි කතාබහට ලක්වූ කයිසර් කයිස් විසිනුයි. සමලිංගික ආදරයක් ගැන කියැවෙන මෙම වීඩියෝවද මේ වන විටත් සමාජ ජාලා වෙබ් අඩවි වල ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

Friday, September 16, 2016

piumi hansamali & harin fernando photo goes viral

By: Prosperity Tech On: 7:44 PM

පියුමි හංසමාලි සමග සිටින ජයාරුපය ගැන හරින් කතා කරයි

පියුමි හංසමාලි සමග සමීපව පෙනී සිටින ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබීම සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අදහස් දක්වනු ලැබුවා. ඔහු සඳහන් කළේ මෙම ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවලට නිකුත් කර ඇත්තේ භාරත ඝාතන නඩුව සමාජ ජාලවල ජනප්‍රිය වීම වැළක්වීම සඳහා බවයි. ඒ සම්බන්ධයෙන් ඇතිවූ කතාබහ පිළිබඳව ද තමන්ට තොරතුරු ලැබී ඇති බව ඔහු සඳහන් කළා. මීට පෙර හිරුණිකා,නදීෂා සහ රිතූ ආකාර්ෂා සමග සම්බන්ධ කර ගනිමින්ද තමන්ට මඩ ප්‍රහාර එල්ල කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. තමගේ කට නිසා එවැනි ප්‍රහාර එල්ලවීම වැළක්විය නොහැකි බවයි හරීන් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ.

Tuesday, September 13, 2016

Duminda Silva's facebook account activated

By: Prosperity Tech On: 11:13 AM

එල්ලුම් ගහට ගිය දුමින්දගේ ෆේස්බුක් ගිණුම හදිසියේ සක්‍රිය වෙයි – ඡායාරූප කිහිපයක් එළිදක්වයි (PHOTOS)

මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට දැනට පැය කිහිපයකට පෙර ඡායාරූප කිහිපයක් එක්කර තිබෙනවා. මුල්ලේරියාව වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව ඔහුගේ හිසට සිදුවූ හානිය පිළිබඳව එම ඡායාරූප මගින් පැහැදිලි කර තිබෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන්ගේ හිසට වෙඩි වැදී තිබූ අයුරු දැක්වෙන ඡායාරූපයක් මීට දින කිහිපයකට පෙර ෆේස්බුක් වෙත එක්කර තිබුණා. දුමින්දගේ ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කර ඇත්තේ පසුගිය අප්‍රේල් 13 වැනිදාට පසුවයි.

Monday, September 12, 2016

Hirunika Premachandra Releases murdered Bharath's photos

By: Prosperity Tech On: 7:23 AM

භාරතට වෙඩි තැබූ ඡායාරූපය හිරුණිකා පළමු වරට හෙළි කරයි (PHOTOS)

සිය පියාගේ හිසට එල්ල වී තිබූ වෙඩි ප්‍රහාරය දුටුවිට එවැනි ප්‍රහාරයකට ගොදුරුවූවෙකුට එකදු තත්පරයක්වත් ජිවත්වය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. සිය පියාවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ හිසට වෙඩි වැදී තිබුණ අයුරු දැක්වෙන ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධ කරමින් ඇය මේ බව සඳහන් කරන්නීය. එසේම එම ඡායාරූපය පළ කරන්නේ ප්‍රථම වතාවට බවත් තම පියාගේ හිසට එල්ල වූ වෙඩි පහර පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සිටින්නන්ට දැන ගැනීමට බවත් ඇය පවසන්නීය.
"මේ පිංතූරය දකින හැම වෙලාවකම මම හිතන්නේ එය ඇත්ත ඡායාරූපයක් නොවෙයි කියලයි. මොකද මම හැමවෙලාවෙම මතක තිබෙන්නේ ඔහුගේ සිනහවින් පිරුණ ඔහුගේ කඩවසම් මුහුණයි. මගේ ජීවිතයේ පළමුවරට තමයි මෙම ඡායාරූපය පළ කරන්නේ. ඔබගේ අනුකම්පාව පිණිස නොවෙයි. නමුත් මෙයින් ඔබට දැනගත හැකිවේවි ඔහුගේ හිසට වෙඩි පහර එල්ල වී තිබුණේ කෙසේද කියා. මෙවැනි වෙඩි පහරකින් පසුව තත්පරයක්පවා ජීවත්වීම සිදුවිය නොහැක්කක්.. යමක් සිතන්නට.." යැයි ඇය ඡායාරූපය ඉදිරිපත් කරමින් පවසයි.

Thursday, September 8, 2016

Duminda Silva sentenced to death for Bharatha Lakshman murder

By: Prosperity Tech On: 6:43 AM

දුමින්ද සිල්වාට මරණ දඬුවම

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 5ස් දෙනෙකුට මරණ දඬුවම නියම කෙරිණි.
මරණ දඬුවම නියම වූයේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, ප්‍රියන්ත ජනක බණ්ඩාර යන අයට යි.

ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලගොඩ අතුරුදන්ව ඇතැයි නඩු විභාගයේදී අනාවරණය විය. නඩුවේ සෙසු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය කියා සිටියේ, දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා මෙම අපරාධයට නායකත්වය ලබා දී ඇති බව ය. ඔහු එම අවස්ථාවේ බීමත්ව සිට ඇති බව ත් අධිකරණය කියා සිටියේ ය.
ශිරාන් ගුණරත්න, පද්මිනී රණවක ගුණතිලක සහ එම්.සී.ජී.එස්. මොරායස් යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය ආරම්භ වූයේ, 2015 ඔක්තෝබර් 12 වන දින යි.

පළාත් පාලන මැතිවරණය පැවති 2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා මුල්ලේරියාව වල්පොළ මංසන්ධියේදී සිදු වූ වෙඩි හුවමාරුවකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් මිය ගියහ.

නඩුවේ සෙසු විත්තිකරුවන් වූයේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, ලංකා රසාංජන, ඩබ්ලිව්.ඒ. මාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, චමින්ද සමන්කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි ෂාමින්ද යන අය යි.


Wednesday, August 31, 2016

AL Student girl raped

By: Prosperity Tech On: 1:47 AM

උසස්පෙල අතරතුර සිසුවිය දූෂණය කරලා: සැඟවුණු අපරාධය හෙළිවෙයි

පසුගිය දා නිමා වූ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක්, විභාගයට මුහුණ දී නිවස බලා යමින් සිටිය දී පොල්වත්තකට රැගෙන ගොස් දූෂණය කර ඇති පුවතක් සඳලංකාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.සිසුවියගේ පෙම්වතා බව පැවසෙන ස්ත්‍රී දූෂණය සිදු කළ තරුණයා සොයා දංකොටුව පොලීසිය මේවන විටත් පරීක්ෂණ අරඹා තිබෙනවා.පසුගිය 7වැනි දා මෙම සිසුවිය උසස් පෙළ විභාගයට පෙනී සිට සිය නිවස බලා පැමිණෙන අතරතුර පොල්වත්තක් තුළට රැගෙන ගොස් දූෂණය කළ බවට යි ඇය අනාවරණය කර තිබෙන්නේ.
තමන් පෙනීසිටින විභාගයට මෙම සිද්ධියෙන් බාධාවක් වේවි යැයි සිතූ නිසා සිසුවිය මේ පිළිබඳව කිසිවෙකුට හෙළි නොකර ඇති අතර විභාගය අවසන් වීමෙන් අනතුරුව තමන්ට සිදුවී ඇති අපරාධය සම්බන්ධයෙන් තම මව සමග පවසා තිබෙනවා.

පසුව සිසුවියගේ මව විසින් පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන අතර අදාළ තරුණයා සෙයා විමර්ශන ආරම්භ කර ඇත්තේ ඒ අනුව යි.

දූෂණයට ලක්ව ඇති පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහරෝහල වෙත යොමු කර තිබෙනවා.

Tuesday, August 30, 2016

Motor Bike Accident In Padukka Road CCTV Footage

By: Prosperity Tech On: 5:30 AM

රිය අනතුරක CCTV දර්ශන ලබාදුනාට නිරුවත් දර්ශන පෙන්නලා

පසුගිය පසුගිය දිනෙක පාදුක්ක මලගල මාර්ගයේ කැබ් රථයක ගැටුණු යතුරුපැදි කරුවෙක් ලයිට් කණුවක වැදී මියමියගියා.

අසල පිහිටි නිවසක සාදයක් පැවති අතර,එම නිවසේ සිට අපරික්ෂාකාරී අයුරින් කැබ් රියක් පදවාගෙන පැමිණ තිබෙනවා.මෙම කැබ් රියේ ගැටී 19 හැවිරිදි තරුණයෙක් මියගියා.

පසුව කල පරීක්ෂණයකදී අනාවරණය වුයේ මෙම කැබ් රථය පදවා ඇත්තේ 17 හැවිරිදි තරුණයෙක් බවයි.


අනතුරුව මෙම රථය පැදවූ 17 හැවිරිදි තරුණයා පොලිස් අත්අඩංගුවට පත්වුණා.

මේ සිදුවීම් සියල්ල සාදය පැවති නිවසට යාබද නිවසක තිබූ සිසිටීවී කැමරාවක් සටහන් වී තිබුණා.

පසුව මෙම දර්ශන ඔවුන් පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබුණා.

ඉන්පසුව දිගින් දිගටම මෙම නිවසේ පුද්ගලයින්ට සාදය පැවති නිවසේ සිටි අයගෙන් තර්ජන ගර්ජන එල්ලවන බවයි වාර්තාවන්නේ.

පසුගිය ඉරිසා රාත්‍රියේ සිසිටීවී තිබු ස්ථානය පැමිණි මෙම පුද්ගලයින් පරුෂ වචනයෙන් බැණ වදිමින් නිරුවත් පෙන්වමින් හැසිරුණ බවයි එම නිවෙස් හිමියන් ප්‍රකාශ කරන්නේ..

ඔවුන් නිරුවත පෙන්වන මොහොතේ වීඩියෝව සහ හැපෙන මොහොතේ වීඩියෝ පහතින්..


Sunday, August 28, 2016

Two daughters raped by matchmaker

By: Prosperity Tech On: 11:10 PM

පියාගේ ලෙඩේ හොඳ කරන්න කියලා දියණියන් දෙදෙනාව කෙළෙසූ කපුවා

මානසික රෝගයක් සුවකිරීමට බව පවසා අවුරුදු 22 ක හා 20 ක දියණියන් දෙදෙනෙකු දූෂණය කළ 55 හැවිරිදි වියේ පසුවූ කපුවෙකු ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලග්ගල පැත්තේ ජීවත්වූ මෙම දියණියන්ගේ පියාගේ මානසික රෝගයක් සුව කිරීමට ලිංගික ඇසුරක් පැවැත්විය යුතු බව පවසායි දියණියන් දෙදෙනාව දූෂණය කර ඇත්තේ.

මෙම සැකකාර කපුවා කැකිරාව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අසනීප තත්ත්වයේ පසුවූ පියා සුවපත් කර ගැනීමට අවශ්‍ය නිසා කපුවාගේ ගොදුරු බවට පත්වූ දූවරුන් දෙදෙනා තමන්ට සිදුවූ මෙම සිද්ධිය ගැන නාඋල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ලග්ගල පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

Saturday, August 27, 2016

Nanu Oya shooting - businessman killed

By: Prosperity Tech On: 12:09 PM

පිලිමතලාවේ ව්‍යාපාරිකයා නාඳුනන තුවක්කුකරුවකුට බිලි වූ CCTV දර්ශන 

මෙම ව්‍යාපාරිකයා පේරාදෙණිය පිළිමතලාව ප්රදේශයේ වෙඩි තබා ඝාතනය කර තිබේ.

පිළිමතලාව දී අවන්හලකට යතුරු පැදියකින් පැමිණ හිමිකරු වෙඩි තබා ඝාතනය කළ නාඳුනන තුවක්කුකරුවන් පලාගොස් ඇත.
 සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ පිළිමතලාව දී නානුඔය සිට 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඝාතනය හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පේරාදෙණිය පොලිසිය සැකකරුවන් හඳුනා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත. Watch Video Bellow..


Monday, August 22, 2016

පිරිමින් 7ක් එක්ක සංවාසයේ යෙදෙත්දී ලන්ඩන් පොලීසියට හසුවේ

By: Prosperity Tech On: 12:33 AM

විල්පත්තු සංහාරයට මුදල් දුන් කටාර් රජුගේ දියණිය, පිරිමින් 7ක් එක්ක සංවාසයේ යෙදෙත්දී ලන්ඩන් පොලීසියට හසුවේ

මහා වන සංහාරයක් සිදුකර විල්පත්තු මහවනය මැද අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ඉදිකරමින් පවතින Jussim City නම් මුස්ලිම් කලාපය සදහා මුදල් ලබාදුන්, කටාර් රාජ්‍යයේරජු වනහමාඩ් බින් ජසීම් බින් ජබෝර් අල් තානි (Hamad bin Jassim bin Jabor Al Thani)ගේ දියණිය වන Sheikha Salwa රජ කුමරිය ලන්ඩනයේ ඇයට අයත් නිවසක් තුලදී පිරිමින් 7 දෙනෙකු සමග සංසර්ගයේ යෙදී සිටියදී බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිලිබදව පරීක්ෂණ පැවැත්වූලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය අනාවරණය කරගන ඇත්තේ, කටාර් කුමරිය විසින් තැරැවුකරුවෙකුට මුදල් ලබාදී, විශේෂ දේහ ලක්ෂණවලින් සහ සමූහ සංසර්ගය පිලිබදව අත්දැකීම් ඇති පුද්ගලයින් 6 දෙනෙකු සමග පැමිණෙන ලෙස පවසා ඇති බවයි.

පොලිසිය විසින් කුමරියගෙන් ප්‍රශ්න කර ඇති අතර, එහිදී ඇය පවසා ඇත්තේ, මෙය ගණිකා වෘත්තියේ දීමක් නොවන බවත්, තමන් පිරිමින්ට මුදල් ගෙවා ලබාගත්තත්, එය බ්‍රිතාන්‍ය නීතියට අනුව වරදක් නොවන බවත්ය.

නමුත් අපරාද චෝදනා සහිත පුද්ගලයින් බාවිතා කිරීම සහ පිරිමින් ගණිකා සේවයේ යොදා ගැනීම එරට නීතියට පටහැනි බව පොලීසිය පෙන්වාදී ඇත.

කුමරිය සතුව රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තිබීම හේතුවෙන් බ්‍රිතාන්‍ය කටාර් තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර මෙම තත්වය මාධ්‍යයට නොයැවීමට තානාපති නිලධාරීන් උත්සහ ගෙන ඇත.

තොරතුරු හෙළිකිරීමට සුදානම් වූ Financial Times සගරාව සදහා ඩොලර් මිලියන 50 ක අල්ලසක් ලබාදීමට තානාපති කාර්යාලය උත්සහ දැරූ බවයි එම සගරාව වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.
 විල්පත්තු මහ වනය දෙබෑ කර කටාර් ආධාරවලින් ඉදිවුණු ජාසිම් සිටී

 

Friday, August 19, 2016

The suspect had photographed Sulekha while she was changing.

By: Prosperity Tech On: 3:16 AM

සුලේඛා ඇඳුම් මාරු කරන කොට ෆොටෝ ගහපු මොහොමඩ් කුඩුවට

ටෙලි නාට්‍ය නිළි සුලේඛා ජයවර්ධන ඇඳුම් මාරු කරන අවස්ථාවේ ජංගම දුරකතනයකින් ඡායාරූප ලබාගත් බවට ගල්කිස්ස අධිකරණයේ පැවැති නඩු විභාගයකදී වරද පිළිගත් සැකකරුවකුට ගල්කිස්ස අතිරේකමහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය මාස තුනක සිර දඩුවමක් සහ රුපියල් එක්දහස් පන්සියයක දඩ මුදලක් නියම කළාය.
සිර දඩුවම වසර පහකට අත්හිටුවන ලදී.මොහොමඩ් අශාන් සුවහිර් නමැති සැකකරුවකුට මේ සිර දඩුවම සහ දඩ මුදල නියම විය.

සැකකරු සේවය කරන දෙහිවල හීල් වීථීයේ අංක 121 ලෙවල් ෆී්‍රටර්ස් නමැති නිමි ඇඳුම් අලෙවි සලට සුලේඛා ජයවර්ධන ඇඳුමක් මිලදී ගැනීමට ගොස් තෝරා ගත් ඇඳුම ඇඳ බැලීම සඳහා ඇඳුම් මාරුකරන කුටියකට ගොස් ඇත.

ඒ අවස්ථාවේ සැකකරු එම කුටියේ යටින් ඔහුගේ ජංගම දුරකතනය තබා ඇය ඇඳුම් මාරු කරන අයුරු ඡායාරූප ලබාගත් බවට ඇය විසින් දෙහිවල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර තිබිණි.
මිතුරන්ටත් බලන්න Share කරන්න..