Tuesday, September 27, 2016

Tagged Under: , , ,

Mamta Kulkarni denies role in drug racket

By: Prosperity Tech On: 12:03 PM

කෙන්යාවේ සැඟවුණු මම්තා කතා කරයි 

සරාගී නිළියක ලෙස ප්‍රසිද්ධ වී සිටි මම්තා කුල්කාර්නි, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ යැයි සැක කරන බව පසුගිය දිනවල ආරංචි පැතිරී ගිය හැටි ඔබට මතක ඇති ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, ථානේ නුවර පොලීසිය මම්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පසුපස ලුහු බඳින බවත් පැවසුණා. ඒ නිසා ඇය කෙන්යාවට පලා ගොස් සැඟවී සිටින බවයි දැනගන්නට ලැබු‍ෙණ්.

මෙලෙස සැඟවී සිටින මම්තා, පසුගියදා මාධ්‍ය හමුවක් ඉදිරියේ කරුණු කියා සිටියා. ඇය එහිදී පැවසුවේ ථානේ පොලීසිය චෝදනා කරන අයුරින් තමන් කිසිදු අවස්ථාවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්වල නොයෙදුණු බවයි.

පොලීසිය විසින් තමන් වෙත කරන ලද චෝදනා තවමත් ඔප්පු වී නැති බවත් මම්තා ප්‍රකාශ කරනවා. පොලීසිය චෝදනා කරන්නේ ඇය, රු. කෝටි 2000 ක් පමණ වූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවකි. මේ චෝදනාවන් ප්‍රතික්ෂේප කරන මම්තාට සහය පිණිස නීතිඥවරු පස් දෙනකු ද මාධ්‍ය හමුවෙහි කරුණු ප්‍රකාශ කළා. අධිනීතිඥ මජිඩ් මෙමන්, නීතිඥවරුන් වන ඩැනියල් එන්. ආශාක්, සුදීප් පැස්බෝලා සහ කෙන්යාවේ නීතිඥයකු වන ක්ලිෆ් ඔම්බෙටා සහ අධිනීතිඥ සුල්ෆිඛාර් මෙමන් එලෙස මම්තා වෙනුවෙන් කරුණු කීවා.

ගුජරාට් ‘පොලීසිය ඉදිරිපත් කළ චෝදනා පිටු දහසක කොටස් තුනකින් යුතුව සඳහන් කරලා තියෙනවා. ඒත් එහි කිසිම තැනක මම්තා ගේ නම සටහන් වෙලා නැහැ. ථානේ පොලීසිය තමයි මම්තා ගේ නම මේකට ඈඳා ගන්න හදන්නේ” අධිනීතිඥ මජිඩ් මෙමන් මාධ්‍ය හමුවේදී කියා සිටියා.‍

මේ අතර මම්තා, තමන්ගේ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ රූප රාමු පෙළක් නිකුත් කර තිබෙනවා. එහි ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ බැංකු ගිණුමෙහි දැනට ඇත්තේ රු.‍ ලක්ෂ 25 ක මුදලක් පමණක් බවයි.

මෙම මුදල් තමන් උපයා ගත්තේ වසර 10 ක පමණ කාලයක් තුළ බොලිවුඩ් චිත්‍රපටවල රඟපෑමෙන් බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා. බොලිවුඩ් සිනමාවෙන් ඈත්ව සිටි පසුගිය වසර 20 තුළ තමන් ගත කළේ අධ්‍යාත්මික ජීවිතයක් යැයි ද ඇය එම වීඩියෝ රූප රාමුවල ප්‍රකාශ කර තිබෙනවා.


Description: After disappearing from limelight for 16 years, former Bollywood actress Mamta Kulkarni exclusively reveals details about

0 comments:

Post a Comment