Friday, October 31, 2014

Plane Without Windows Scare You?

By: Prosperity Tech On: 10:17 PM


අපූරු ගුවන්යානයක සංකල්පයක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සමාගමක් කටයුතු කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් නිර්මාණය කිරීමට සැලසෙන ගුවන් යානයේ ජනෙල් නැති වූවත් ජනෙල් නැතැයි අඩුවක් දැනෙන්නේද නැති  වීමයි.

ගුවන්යානයේ එක් කොණක සිට අනෙක් කොණ දක්වා විහිදෙන විසල් අධි තාක්ෂණික තිරයක් මෙම ගුවන්යානයේ ජනෙල් වෙනුවට යොදා ඇති අතර  පිටත සවිකර ඇති කැමරා වලින් ලබාගන්නා ඡායාරූපයන් හා වීඩියෝවන් එහි දර්ශනය වේ. අනෙක් ගුවන්යානාවල මෙන් කවුළුව අසල ආසන සඳහා පොරකන්නටද අවශ්‍යතාවයක් මෙහිදී උදාවන්නේ නැත. මන්ද සියලුම ආසනවලට වටපිටාව  ඉතා මනරම් ලෙස දර්ශණය වෙන ආකාරයෙන් මෙම ගුවන්යානය නිමවා ඇත.


ඔබට අන්තර්ජාලයේ සැරිසරන්නට  අවශ්‍ය වූ විට අදාල තිරය යොදාගන්නටද පුලුවන්ය. ඒ සඳහා සිදුකල යුත්තේ  තමන් ඉදිරියේ ඇති තිරයේ කොටසක් ස්පර්ෂ කිරීම පමණකි. එවිට අදාලා පුද්ගලයා ඉදිරියේ ඇති තිරයේ කුඩා කොටසක් සාමාන්‍ය පරිගණක තිරයක් බවට පරිවර්තනවේ.

කෙසේ නමුත් මෙය තවමත් සංකල්පයකටම පමණක් සීමා වනු ඇති බවක් පෙනෙන්නට ඇතත් විශේෂඥයින් පවසන්නේ මෙවැනි ගුවන් යානා නිපදවිය හැකිනම් විශාල ලෙස ලාභ ලැබීමට හැකිවනු ඇති බවයි. මෙහිදී යානයේ බර අඩුවීම නිසා වැයවන ඉන්ධන ප්‍රමාණයද අඩුකරගැනීමට හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. සීපීඅයි නම් සමාගම විසින් මෙම සංකල්පය ඉදිරිපත් කර ඇති  අතර තමන් දැනටමත් මෙම තිර නිපදවීම සදහා වන පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.





hirufm.lk




Man who loves his hand

By: Prosperity Tech On: 3:40 AM

තමාගේ එක් අතක් පෙම්වතියක් කරගත් තරුණයෙක්

Make Others Think You Have a Girlfriend - තමාගේ එක් අතක් පෙම්වතියක් කරගත් තරුණයෙක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


කොල්ලෝ කියන්නේ කෙල්ලෙක් සෙට්කරගන්න ඕනිම කට්ටක් කන පිරිසක් කියලා අපි කවුරුත් දන්නවනේ. ඒ වෙනුවෙන් සමහර කොල්ලෝ තමන්ගේ චර්යාවන් විතරක් නෙවෙයි, කොණ්ඩ මෝස්තර, අඳින පළඳින විදිය වගේම යන පන්ති වුනත් වෙනස් කරගන්නවා.

ඒ වගේ කට්ටක් කාලත් කෙල්ලෙක්ව සෙට්කරගන්න බැරිවුනු කොල්ලොත් ඕනිතරම් ඉන්නවා. ෆේස්බුක් එකේ කෙල්ලෙක් එක්ක අතින් අල්ලන් දාන ෆොටෝ දිහා බල බල, ඒවට ලයික් දදා ඉන්න ගමන් ‘‘අනේ මමත් කවදා හරි දවසක මේ වගේ ෆොටෝ එකක් දානවා‘‘ කියලා හිතින් හිතාගන්න කොල්ලොත් නැතුවම නෙවෙයි.


අන්න ඒ විදියට හිතපු කොල්ලෙක්, තාමත් කෙල්ලෙක් නැති නිසා අනිත් අයට කෙල්ලෙක් ඉන්නවා කියලා පෙන්නන්න අපූරු විදියේ ඡායාරූප ටිකක් අරන් තියෙනවා. මේ වෙනකොට ඒ ඡායාරූප අන්තර්ජාලය පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම බලන කෙනෙක්ට හිතෙන්නේ ඇත්තටම මේ කොල්ලා ඉන්නේ කෙල්ලෙක් එක්ක කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. වැඩි විස්තර ඕනි නෑ, බලන්නකෝ මේ කොල්ලා කෙල්ලෙක් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නලා තියෙන්නේ කොහොමද කියලා...















 
















 

  



 


(hirufm.lk)