Thursday, November 10, 2016

Tagged Under: ,

Man arrested for sexually abusing air hostess

By: Prosperity Tech On: 6:16 AM

නරුමයෙකු අතින් මහ රෑ දූෂණය වී හිතේ හයියෙන් ඔහුට පාඩමක් ඉගැන්වූ අපේ ගුවන්සේවිකාවගේ පුංචි මොලේ

පසුගියදා ගුවන් සේවිකාවකගේ නිවහනට පැන අයව දූෂණය කළ පුද්ගලයෙකුව උපාය මාර්ගයෙන් පොලිසියට අල්ලා දුන් තරුණියක් සම්බන්දයෙන් පුවතක් වාර්තා වුණා. ඒ සිද්ධියේදී ඇය ක්‍රියාකල ආකාරය නිසාවෙන් ඇයගේ ජීවිතය සේම අපරාධකාරයාද පොලිසියට කොටු වූ ආකාරය සම්බන්ධයෙන් සති අන්ත පුවත් පතක් මෙලෙසින් වාර්තා කර තිබුණා.
අයෝමි ප්‍රනාන්දු ගල්කිස්‌ස ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණියකි. උසට සරිලන මහතකින් යුක්‌ත වූ ඇය ඉන්දියානු නිළියක මෙන් රූමත් වූවාය. සිහින් සිරුර පුළුලුකුල ඇයට ගෙන ආවේ අමුතුම ලස්‌සනකි. සිනහ වන විට වක ගැහෙන කම්මුල් දෙකෙන් කියාපෑවේ ඇයගේ සිරියාවයි. අයෝමි දුටු කෙනකු කිහිප වරක්‌ම ඇය දෙස බලනුයේ මිහිපිට සිටින දෙවඟනක්‌ යෑයි සිතමින්ය. ඒ තරමටම ඇය සුන්දරය.
මෙරට ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක සේවයට ඇය සම්බන්ධ වන්නේ මීට වසර කිහිපයකට පෙරයි. ඇයගේ රූමත් බව එම රැකියාව ලැබීමට බලවත්ම සාධකයක්‌ වූවාය. කලක්‌ ගල්කිස්‌සේ දෙමාපියන් සමඟ ජීවත් වූ ඇය පසුකාලීනව රාජගිරියේ නිවසක්‌ කුලියට ගෙන තනිවම ජීවත් වූවාය. ඒ රැකියාවට යැමේ පහසුව සහ තවත් පෞද්ගලික කාරණා රැසක්‌ මතයි.

තනිකඩව ජීවත් වූ අයෝමි සැප පහසු ජීවිතයක්‌ ගත කළාය. ඇය නවීන විලාසිතාවලට දැක්‌වූයේ දැඩි රුචිකත්වයකි. සතියට දින දෙකක්‌වත් ඇය සාප්පු සවාරි ගියාය. එන එන නවීන විලාසිතාවලින් යුක්‌ත ඇඳුම් පැළඳුම් ඇය මිලදී ගත්තාය. රූපවාහිනියේ පවා ඇය වැඩිපුර නැරැඹුවේ විලාසිතා වැඩසටහන්ය. මීට අමතරව යහළු යෙහෙළියන් සමඟ උත්සවවලට සහභාගි වීමටද ඇය කැමැත්තක්‌ දැක්‌වූවාය.
අයෝමිගේ සේවා ස්‌ථානය පිහිටා තිබුණේ කටුනායකයි. රැකියාවට යැම ඒම සඳහා ඇයට කාර්යාල පහසුකම් සේවා සපයා තිබුණි. සමහර දිනවල ඇයගේ සේවය නිම වන්නේ රාත්‍රී හතට පමණය. එවැනි දිනවල ඇය නිවසට පැමිණෙන විට රාත්‍රී නමය පවා පසුවෙයි. එලෙස පැමිණෙන ඇය පුරුද්දක්‌ වශයෙන් දුරකථන ඇමතුමක්‌ ලබාදී නිවසට කෑම සපයන ස්‌ථානයකින් රාත්‍රී ආහාරය ගෙන්වා ගනී. එය ඇයගේ සාමාන්‍ය සිරිතයි.
කෝසල යුද හමුදා සෙබළෙකි. විවාහ වූ පසු ඔහු යුද හමුදා සේවය අතහැර දමා පලාගිය සෙබළෙකු ලෙස තම බිරිඳ සමඟ පානදුර, මොරොන්තුඩුව ප්‍රදේශයේ ජීවත් වෙයි. කලක්‌ යද්දී එම කැදැල්ලට දරු දෙදෙනකුද එකතු වෙති. හරි හමන් රැකියාවක්‌ නොමැති නිසා කෝසල ආර්ථික අර්බුද රැසකට මුහුණ දුන්නේය.
එම ආර්ථික අර්බුද හමුවේ කෝසල කුලී වැඩ පවා කළේය. මොන ප්‍රශ්න තිබුණත් ඔහු කාන්තාවන්ට දැඩි ලෙස ඇළුම් කළේය. මඟතොටදී හමුවන නාඳුනන කාන්තාවන් සමඟ පවා ඔහු බලෙන් හෝ කතා කරන්නේ වෙන අරමුණක්‌ සිතේ සඟවාගෙනය. රූමත් කාන්තාවක්‌ දුටුවහොත් ඇය දෙස ඇසිපිය නොහෙළා කෑදර බැල්මක්‌ හෙළන්නේ සිත තුළ දහසකුත් පවිටු අදහස්‌ මවාගෙනය.
විවිධ කුලී රැකියා කරන කෝසලට දිනක්‌ නාඳුනන පෙදරේරුවකු දින ගණනක්‌ නැවතී තමාගේ අත් උදව්වට පැමිණෙන ලෙස කතා කළේය. ඒ රාජගිරිය ප්‍රදේශයේය. කෝසල එක පයින්ම එයට කැමැති විය. කෝසල එලෙස අත්උදව්වට පැමිණෙන්නේ අයෝමි කුලියට ගත් නිවසේ යාබද නිවසටයි. දින කිහිපයක්‌ ඔහු එම ස්‌ථානයේ අත්උදව්කරුවකු ලෙස සේවය කළේය.
එදින ඉරිදා දිනයකි. විවේකී දවසක්‌ නිසා අයෝමි අවදි වූයේ වෙනදාට වඩා තරමක්‌ ප්‍රමාද වෙමින්ය. ඇය අවදි වූවා පමණි. ජංගම දුරකථනය නාද වන්නට පටන් ගත්තේය. එය අතට ගත් ඇය නිවස ඉදිරිපිට ඇති බැල්කනියට වී එම ඇමතුමට සම්බන්ධ වූවාය. අයෝමි රාත්‍රියේ ඇඳ සිටියේ කෙටි දුහුල් ඇඳුමකි. එය තුළින් ඇයගේ සිරුරේ රහස්‌ තැන් පවා පෙනුණි. බැල්කනියට වී ඇය ජංගම දුරකථනයෙන් කතා කරමින් සිටියේ එම රාත්‍රී ඇඳුම පිටින්ය.
යාබද නිවසේ වැඩ කරමින් සිටි කෝසල එක්‌වරම එලෙස සිටිනා අයෝමිව දුටුවේය. මොහොතක්‌ ගල් ගැසුණ ඔහු තමා දකින්නේ සිහිනයක්‌ දැයි කල්පනා කළේය. තත්පර ගණනක්‌ තුළ එය සිහිනයක්‌ නොවන බව වැටහුණේය. අයෝමිගේ සුන්දර සිරුර දෙස ඇසිපිය නොහෙළා ඔහු බලා සිටියේය. එදින රාත්‍රියේ ඔහුට හරි හැටි නින්ද පවා ගියේ නැත. අයෝමිගේ සුන්දර සිරුරේ පහස කිහිප වරක්‌ම ඔහු සිතින් විඳ ගත්තේය.
කෝසල පසු දිනද අයෝමිගේ නිවස දෙස බැලුවාය. එදින ඇය පෙනෙන්නට සිටියේ නැත. ඔහුගේ සිතට මහත් දුකක්‌ දැණුනි. එදා සිට සෑම දවසකම ඔහු අයෝමි ගැන ඇස ගසාගෙන සිටියේය. ඇය නිවසට යන එන වේලාවන් ආදී සියලු දේ ගැන කෝසල අධ්‍යයනය කළේය. නිවසේ සිටින බොහෝ අවස්‌ථාවලදී අයෝමි අඳින්නේ කොට කලිසමක්‌ සහ ටී ෂර්ට්‌ එකකි. එවැනි දිනවල වැඩ කරනවාට වඩා කෝසල බලා සිටින්නේ අයෝමිගේ නිවස දෙසයි.
කෝසල අයෝමි ගැන දැඩි ආශාවකින් සිටියාය. ඇයගෙන් තොර ලොවක්‌ ඔහුට තිබුණේ නැත. එන්න එන්නම අයෝමි ගැන තිබූ අසහනය වැඩිවිය. අවසානයේ කෝසල බලෙන් හෝ අයෝමි සමඟ යහන්ගත වීමට තීරණය කළේය.
එදින සිකුරාදා දවසකි. අයෝමි සේවය අවසන් කර නිවසට පැමිණෙන්නේ රාත්‍රී නමයට පමණය. ඒ බව කෝසල දැන සිටියේ මාස ගණනක්‌ ඇය ගැන අධ්‍යයනය කළ නිසාය. වෙනදා වේලාවට අයෝමි නිවසට පැමිණියාය. පුරුදු ලෙස එදින රාත්‍රී ආහාර ගෙන ඒම සඳහා දුරකථන ඇමතුමක්‌ ලබා දුන්නාය. ඒ අතර කාලය තුළ ඇය නාන කාමරයට ගොස්‌ ස්‌නානය කර වෙනත් ඇඳුමක්‌ ඇඳ ගත්තාය.
කෝසල මේ වන විට සිටියේ අයෝමිගේ වත්තට පැන ගසකට මුවා වෙමින්ය. ඇනවුම් කරපු කෑම රැගෙන යතුරුපැදියකින් තරුණයකු පැමිණියේය. ඔහු තාප්පයේ සවිකර තිබූ සීනුව නාද කළ පසු අයෝමි නිවසේ ප්‍රධාන දොරටුව විවෘත කර කෑම පාර්සලය රැගෙන ඒම සඳහා තාප්පය අසලට ගියාය. ඒ ලද සැණින් කෝසල අයෝමිගේ නිවස තුළට ඇතුළු වී නිදන කාමරයේ සැඟවුණේය.
කෑම කා රූපවාහිනිය නරඹමින් රාත්‍රී දොළහට පමණ අයෝමි නිදන කාමරයට ගියාය. ඒ වන තුරු කෝසල නිදන කාමරයේ සැඟවී සිටියේ තම තිරිසන් ආශාව කෙසේ හෝ ඉටුකර ගැනීමටයි. නිදන කාමරයට පැමිණි අයෝමි ඇඳුම් මාරු කිරීමට සැරසුණා පමණි. සැඟවී සිටි කෝසල එක්‌වරම අයෝමිව බදා ගත්තේ කෑගැහුවොත් මරනවා කියා තර්ජනය කරමින්ය. ඇයට කළ හැකි දෙයක්‌ නොවීය. එම නරුමයාගේ කීමට ඇයට අකමැත්තෙන් හෝ කීකරු වීමට සිදුවිය.
මාස ගණනක්‌ සිත තුළ සඟවාගෙන සිටි කාම ආශාව එම තිරිසනා අයෝමිගෙන් ඉටුකර ගත්තේය. පැය දෙකක්‌ ඇතුළත එම තිරිසනා ඇයව කිහිප වරක්‌ම දූෂණය කර තිබුණේය. තම පහත් ආශාවන් ඇතිවූ පසු මෙම තිරිසනා යළිත් තර්ජනය කර ඇයගෙන් මුදල් සහ රත්‍රං භාණ්‌ඩ ඉල්ලා තිබේ.
තැනට සුදසු නුවණ පාවිච්චි කළ ඇය, කලබල නොවී එම තිරිසනාට පවසා ඇත්තේ... "ඔයා මාව කිහිප වරක්‌ම දූෂණය කළානේ... ඇඟටත් අමාරුයි. මට නාන කාමරයට යන්නත් ඕනෑ. විනාඩියෙන් ගිහින් ඇවිත් තියෙන සියලු දේවල් දෙන්නම් කියා ය. එම තිරිසනා එම වචනවලට රැවටුණි. අයෝමි රාත්‍රියට අඳින ඇඳුමේ ජංගම දුරකථනය රඳවාගෙන නාන කාමරයට ගියාය. ඉන්පසු ඇය පොලිස්‌ හදිසි ඇමතුම් අංකය අමතා සියල්ල පැවසුවාය.
විනාඩි කිහිපයක්‌ ඇතුළත වැලිකඩ පොලිසියේ නිලධාරීහු පැමිණ අයෝමිගේ නිවස වැටලූහ. පොලිසිය පැමිණ ඇති බව දැනගත් එම තිරිසනා ඇඳුම් නැතිවම පැන යැමට උත්සාහ කළේය. නමුත් පොලිස්‌ නිලධාරීන් ගෙන් එම නරුමයාට බේරීමට නොහැකි වූහ. කාමයෙන් උන්මත්තක වූ එම තිරිසනාව අවසානයේ රක්‍ෂිත බන්ධනාගාරගත කළේය.
Description: Man arrested for sexually abusing air hostess, A man was arrested today on charges of sexually abusing an air hostess at her residence

0 comments:

Post a Comment