Friday, October 3, 2014

Tagged Under: ,

Nadeesha was not in Hareen's bangalow Ravindrani Dias, Harins wife says

By: Prosperity Tech On: 5:40 AM

හරීන්ගේ සැප බංගලාවට නදීෂා ආවේ නැහැ - හරීන්ගේ බිරිඳගෙන් හෙළිදරව්වක්

පසුගිය ඌව පළාත් සභා මැතිවරණදී හරීන් ප්‍රනාන්දුගේ ජන්ද කටයුතු සඳහා ඔහුට අයත් සුඛෝපභෝගී බංගලාවක විශේෂ පහසුකම් රැසක් රෝසි මහත්මියට සලසා තිබුණද ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් ඉන්පසුව එය නදීෂා හේමාමාලිට නැවත්වීම සඳහා ලබාදුන් බවත් අප විසින් මෙයට පෙර වාර්තා කරන ලදී.

නමුත් එම පුවත හරීන්ගේ බිරිඳ වන රවීන්ද්‍රනි යසේන්ද්‍රා ඩයස් විසින් ප්‍රතික්ෂේපකොට තිබේ. ඇයගේ පිළිතුර බලන්න පහතින්. 

කැම්පේන් එකට නදීෂා හේමමාලි වගේ රූමත් නිළියන් පවා ආවා උදවු කරන්න. හරීන් නදීෂාට විශේෂ සැප පහසුකම් සහිත නවාතැන් සපයා ඇති බවත් වෙබ් අඩවි ප‍්‍රචාරය කළා. මේ කතාව ඇත්තද?


නදීෂා බදුල්ලේදී අපි දැක්කේ නෑ. එක දවසක් ඇවිත් මෙහෙම කැම්පේන් එක කරනවා කියලා නදීෂා ගියා. ආයේ හරීන් එයාට කතා කළෙත් නැද්ද කොහෙද. මමයි නදීෂාට එදා කතා කළේ. එයා එයාගේ කැම්පේන් එක ගැන කීවා. අපි ඒවා හොයලා බැලූවෙත් නෑ. එයාගේ පාඩුවේ එයා එයාගේ කැම්පේන් එක කරලා ගියා.

හරීන්ට එයාගේ අක්කියි මහත්තයයි නෑදෑයෝයි යාලූවොයි හරියට උදවු කළා. යාලූවෝ හෝටල් දුන්නා. ඕවා ඔක්කොම සැලසුම් කළේ හරීන් නෙවෙයි අපි. කන්න බොන්න දුන්නෙත් අපි. ඒක කළේ කොහොමද කියලා හරීන් දන්නේත් නෑ. හරීන්ගෙන් මම ක්‍රෙඩිට් බලාපොරොත්තු වෙන්නේ නෑ. මම මගේ යුතුකම් ටික බිරියක් හා මවක් ලෙස ඉටුකරනවා. මම ඒවා කරන්නේ ප‍්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නෙවෙයි.


(gossipbook.lk)

0 comments:

Post a Comment