Monday, September 12, 2016

Tagged Under: ,

Hirunika Premachandra Releases murdered Bharath's photos

By: Prosperity Tech On: 7:23 AM

භාරතට වෙඩි තැබූ ඡායාරූපය හිරුණිකා පළමු වරට හෙළි කරයි (PHOTOS)

සිය පියාගේ හිසට එල්ල වී තිබූ වෙඩි ප්‍රහාරය දුටුවිට එවැනි ප්‍රහාරයකට ගොදුරුවූවෙකුට එකදු තත්පරයක්වත් ජිවත්වය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. සිය පියාවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ හිසට වෙඩි වැදී තිබුණ අයුරු දැක්වෙන ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධ කරමින් ඇය මේ බව සඳහන් කරන්නීය. එසේම එම ඡායාරූපය පළ කරන්නේ ප්‍රථම වතාවට බවත් තම පියාගේ හිසට එල්ල වූ වෙඩි පහර පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සිටින්නන්ට දැන ගැනීමට බවත් ඇය පවසන්නීය.
"මේ පිංතූරය දකින හැම වෙලාවකම මම හිතන්නේ එය ඇත්ත ඡායාරූපයක් නොවෙයි කියලයි. මොකද මම හැමවෙලාවෙම මතක තිබෙන්නේ ඔහුගේ සිනහවින් පිරුණ ඔහුගේ කඩවසම් මුහුණයි. මගේ ජීවිතයේ පළමුවරට තමයි මෙම ඡායාරූපය පළ කරන්නේ. ඔබගේ අනුකම්පාව පිණිස නොවෙයි. නමුත් මෙයින් ඔබට දැනගත හැකිවේවි ඔහුගේ හිසට වෙඩි පහර එල්ල වී තිබුණේ කෙසේද කියා. මෙවැනි වෙඩි පහරකින් පසුව තත්පරයක්පවා ජීවත්වීම සිදුවිය නොහැක්කක්.. යමක් සිතන්නට.." යැයි ඇය ඡායාරූපය ඉදිරිපත් කරමින් පවසයි.

0 comments:

Post a Comment