Thursday, April 30, 2015

Piyumi botheju's politician lover

By: Prosperity Tech On: 6:37 AM

පියුමිගේ දේශපාලන පෙම්වතා හෙළිවෙයි

ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිළි පියුමි බොතේජු කාලයක පටන් දේශපාලඥයෙකු සමඟ පෙම් සබඳතාවයක් පවත්වාගෙන යන බවට නොයෙකුත් සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරය කරන්නට විය.
කෙසේ වෙතත් අදාළ දේශපාලන පෙම්වතා කවුරුන්දැයි යන්න   නිසියාකාරයෙන් හෙළිදරව් නොවීය.
කෙසේ වෙතත් මේ වන විට පියුමී බොතේජුගේ දේශපාලන පෙම්වතා සම්බන්ධයෙන් ඉඟි පළ වෙමින් පවතී.
ඔහු කඩුවෙල නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍රවරයෙකු බව අනාවරණය වෙමින් පවතිනවා.
කොහොම වුණත් ළඟදී මේ පෙම්වතුන් දෙදෙනා එක වහලක් යටට පැමිණෙන්න කටයුතු සුදානම් කරමින් පවතින බවද අපට දැනගන්නට ලැබෙනවා.



2 3
(adaderana.lk)

Wednesday, April 29, 2015

Cutlery Trouble in President - Farmers Meeting

By: Prosperity Tech On: 7:13 PM

ගොවියන්ට හැඳි ගෑරුප්පු වලින් ලන්ච් එක දුන් කාගිල්ස් උත්සවයේදී ජනපති හැඳි ගෑරුප්පු අතහරී

ජනපති මෛත්‍රිපාලගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති කාගීල්ස් සරුබිම ගොවි පුරවැසි සම්මාන උත්සවයට ලංකාව පුරා සිටින ගොවි ගෙවිලියන් රැසක් සහභාගී වුණා.
මෙම සම්මාන ප්‍රදනෝත්සවයේදී වගාබිම් ප්‍රජා නායකයින් 18 දෙනෙකු සඳහා ජනාධිපතිවරයා අතින් සම්මාන ලැබුණා. පැමිණි සියල්ලන්ට එදින දිවා ආහාරයද කාගිල්ස් සමාගම අනුග්‍රහයෙන් පිළියෙල කර තිබුණ අතර බුෆේ ක්‍රමයට ආහාර ඛෙදාගන්නට පහසුකම් සලසා තිබුණා. ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිස සමඟ ගොස් දිවා ආහාරය සඳහා එක්ව තිබුනේ පෝලිමේ ගොස් ආහාර ඛෙදා ගනිමිනි.
පැමිණි අයට කන්නට තිබුනේ ඉහළ පන්නයේ හෝටලයක කන්නට දෙන ආකාරයටයි. සංවිධායකයන්ගේ නොදන්නාකම හෝ සමාගමේ තත්වය ආරක්ෂා කිරීමේ අරමුණ නිසා ගොවි ගෙවිලියන්ට පවා ආහාර ගැනීමට තබා තිබුණේ හැදි ගෑරුප්පුය. එය ඔවුන්ට නුහුරු වූයෙන් එම අවස්ථාවේ ඇතැමුන් උඩබිම බැලු අතර අයෙක් වටපිට බලා සිටියේ හැඳි ගෑරුප්පු වලින් කන්නේ කෙසේද යන්න නොදන්නා ආකාරයටයි.

සමහරු නොසන්සුන්ව කුමක් කරමුදැයි එකිනෙකා හා කථා කර තිබුණා.
මෙය දුටු ජනාධිපතිවරයා හැන්ද සහ ගෑරුප්පුව පසෙක දමා අත සෝදාගෙන ආහාර ගැනීමට පටන් ගත්බව වාර්තා වුණා. එය දුටු ගොවි ගෙවිලියෝද ජනාධිපතිවරයා අනුව යමින් හැ`දි ගෑරුප්පු පසෙක දමා අතින් කෑමට පටන් ගත් බව පසුව වාර්තා වුණා.

එම වෙනස නිසා කෑම ඛෙදන්නට සිටි සේවකයින් අත් සොදාගන්නට අවශ්‍ය බඳුන් එක් එක් මේස සඳහා අලූතින් ගෙන්වා තැබුවා.

Tuesday, April 28, 2015

The largest Buddhist settlement in the world

By: Prosperity Tech On: 6:33 PM

ලොව විශාලම බෞද්ධ ජනපදය මෙන්න

ලොව විශාලතම බෞද්ධ ජනපදය පිහිටා ඇත්තේ චීනයේය. චීනයේ ලෝරන්ගා නිම්නයේ පිහිටා ඇති මෙම බෞද්ධජනපදය බුදු දහම ඉගැන්වීම සඳහා අධ්‍යාපන ඇකඩමියක් ලෙස ලොව ප්‍රකට වී තිබේ. 1980 දී පමණ කාලයේදී ආරම්භ වූ මෙම බෞද්ධ ජනපදයේ ටිබෙට්‌ බුද්ධාගම උගන්වනු ලැබේ. මේවනවිට මෙම ජනපදයෙහි හතළිස්‌ දහසක්‌ පමණ භික්‍ෂුන් මෙන්ම මෙහෙණින් වහන්සේලා ද වාසය කරති.
මෙහි භික්‍ෂුන් හා මෙහෙණින් වහන්සේලා වෙන වෙනම ලීයෙන් තැනූ නිවාසවල වාසය කරති. මෙම බෞද්ධ ජනපදයේ රූපවාහිනි තහනම් අතර I Phone තබා ගැනීමටනිදහස ලබාදී තිබේ. මෙහි සිටින බොහෝ බෞද්ධ භික්ෂුන් සතුව ඇපල් අයි ෆෝන් 4ස් වර්ගයේ දුරකථන ඇති බවද ඩේලි මේල් වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබුණි.


(nethfm.com)













Lankan Parliament Passes Landmark 19th Constitutional Amendment Bill

By: Prosperity Tech On: 10:00 AM

තුනෙන් දෙකෙන් 19 සම්මතයි. මැතිසබය ඉතිහාසය යළි ලියයි

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 215 ලැබිණි. විපක්ෂව ඡන්ද 1ක් ලැබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමයේ රතන හිමි හා පාඨලී චම්පික රණවක, සන්ධාන හවුල්කරුවන් වන විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂය, වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂය පනතට පක්ෂව ඡන්දය දුන්නේය.
හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂද පක්ෂව ඡන්දය දුන්නේය. එහෙත් බැසිල් රාජපක්ෂ ඡන්දය දීමට පැමිණ නොසිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සරත් වීරසේකර විරුද්ධ විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
lankadeepa.lk

Monday, April 27, 2015

Sujeewa senasinghe releases a container from port

By: Prosperity Tech On: 6:58 PM

ඇල්ලු කන්ටේනරයක් මුදාගන්න යහපාලන ඇමති රේගුවට කඩා පනී!



අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ කොළඹ වරායේ රේගුවට දේශපාලන බලපෑම් කල බව එහි බලධරයෝ කියති.

ඩබුයි සිට මෙරටට ව්‍යාපාරිකයෙකු බදු රහිතව ගෙන්වන ලද තඹ කූරු කන්ටේනරයක් නිදහස් කරගැනීමට ඔහු මැදිහත් වී තිබේ. කෙසේ වෙත් සේනසිංහ මහතා එම චෝදනා ඉවතලයි.

රේගුව පවසන්නේ සේනසිංහ මහතා පැමිණ තඹ කන්ටේනරය මුදා හරින ලෙස බලපෑම් කල මුත් රේගුව එය ප්‍රතික්ෂේප කළ බවයි.

මෙම තඹ කූරු වලින් කන්ටේනර් 18 ක් විකුණා ඇති බවත් ඉන් රජයට රුපියල් දස කෝටියක් පාඩු වූ බවද රේගුව කියයි.

Ong on ataka nataka suranga satharasinhe quits from Hiru TV

By: Prosperity Tech On: 6:24 AM
සුරංට කුඩම්මාගේ සැලකිලි දැක්වූ ''හිරු TV ''පටි රෝල් කරගනී

හිරු එපා කියා ''සුරං'' පිසාචයත් එක්ක දෙරණට රිංගලා

හිරු FM ගුවන්විදුලිය ඔස්සේ පේ‍්‍රක්ෂකයන් අතර අතිමහත් ජනප‍්‍රියත්වයට පත් ''පටිරෝල්'' ගුවන් විදුලි ප‍්‍රහසන නාටයකයේ සහ හිරු ටීවී ආරම්භ කිරීමෙන් පසු සති අන්තයේ විකාශය කිරීමට පටන් ගත්  ''ඕං ආටක නාටක'' නාට්‍යයේ නිර්මාතෘල පිටපත් රචක මෙන්ම ප‍්‍රධාන චරිතය රඟපෑ සුරංග සතරසිංහ හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්වගොස් ඇතැයි වාර්තා වේ.


සුරංගගේ ඉවත්ව යාමත් සමග ඔහුගේ සහයකයා වන ‘පිසාචයා’ ලෙස ප‍්‍රකට ශිරාන් ශාන්තද හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්වගොස් තිබේ. පටිරෝල් ඕං, ආටක නාටක සඳහා ඇතිකරගත් ගිවිසුම්  කාලය අවසන්වීමත් සමග එය නැවත අලූ‍ත්කර ගැනීමේ අදහස අතහැර මෙසේ සුරංග සතරසිංහ සහ ශිරාන් ශාන්ත හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්ව ඇත්තේ එම ආයතනයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාවෙන් බවද වාර්තා වේ.


ඕං ආටක නාටක නාට්‍යය රූපවාහිනියේ අතිශය ජනප‍්‍රිය වීමත් සමග එක් නාට්‍ය කොටසක් සඳහා ලබාදෙන විකාශන කාලය විනාඩි හතකට සීමා කොට වැඩිපුර වෙළඳ දැන්වීම් ප‍්‍රචාරය කිරීමට පාලනාධිකාරිය ගත් තීන්දුවත් සමග එම කෙටි කාලය තුල ප‍්‍රහසන නිර්මාණයක් කිරීමේ ගැටළුවට මැදි වූ සුරංග සතරසිංහ එම ආයතනයෙන් ඉවත්වීමට තීරනයකොට තිබේ.
 

හිරු එෆ්.එම් හි විකාශය වන ‘පටිරෝල්’ වැඩසටහන මෙවර සලීම් නීල්සන් සම්මාන උළලේ වසරේ හොඳම රේඩියෝ වැඩසටහන යන සම්මානයට නිර්දේශවී තිබුන අතර හිරු පාලනාධිකාරිය විසින් ඒ බැව් සුරංග සතරසිංහ හට දැනුම්දීම ද නොසලකා හැර තිබූ බව වාර්තා වේ.

මේ වනවිට හිරු ටීවී  ඕං ආටක නාටක නාට්‍යය සුරංග සතරසිංහ හා ශිරාන් ශාන්ත නොමැතිව ඉදිරියට ගෙන යන අතර, හිරු එෆ්.එම් පටිරෝල් සඳහා පැරණි වැඩසටහන් නැවත විකාශය කරමින් පවත්වාගෙන යන බව වාර්තා වේ.


හිරු මාධ්‍ය ජාලයෙන් ඉවත්වූ සුරංග සතරසිංහ හා ශිරාන් ශාන්ත ’ෆැඞ්නා’ විසින් හඳුන්වා දුන් ‘Tummy Tea’ නම් තේ වර්ගයක සන්නම් තානාපති ලෙස කටයුතුකිරීමට පටන්ගෙන ඇතග මීට අමතරව පැය භාගයක් පුරා දිවෙන ප‍්‍රහසන නාට්‍යයක් සඳහා සුරංග සතරසින්හට අවස්තාවක් ලබාදීමට දෙරණ රූපවාහිනිය විසින් කැමැත්ත පලකොට ඇතැයි වාර්තා වේ.






eGossip.lk

Nepal's Hindu devotees slaughter thousands of animals

By: Prosperity Tech On: 4:28 AM

නේපාලයේ පොළොව කම්පා වුනේ සත්ව ඝාතනයන් නිසා යැයි අන්තර්ජාලයේ කතාබහක් - Photos

දිනය 2015 අප්‍රේල් මස 25 වනදාය. වෙනදා මෙන්ම උදෑසනම තම වැඩකටයුතු ආරම්භ කළ නේපාල වැසියන් තවත් සුලු මොහොතකින් ඔවුනට සිදුවීමට නියමිතව තිබූ ඛේදවාචකය පිළිබඳ හාන්කවිසියක් නොදැන සිටියාය. මහ පොළව මහ හයියෙන් සෙළවෙද්දි,මහා ගොඩනැගිලි පාසල් ගෙවල් දොරවල් බිමට සමතලා වෙද්දී එම සුන්බුන් මැදට යටවී අසරණ ජීවිත 2500ක් සිය අවසන් හුස්ම හෙලුවාය.
ලොවම හැඬවූ මෙම සිදුවීමට අදට (27) දින දෙකක් ගතවී ඇති අතර දැනට අහිමි වූ ජීවිත ප්‍රමාණය 2500 ඉක්මවන බව විදෙස් වාර්තා පවසනවා. මෙයින් පසු පසුකම්පන තත්ව බොහෝ ප්‍රමාණයක් ඇතිවුණ අතර ඉන්දීය පුවත්පතක් වාර්තා කර සිටියේ තවත් විශාල භූ කම්පනයක් ඇතී වීමට ඉඩ තිබෙන බවයි. බොහෝ දෙනෙක් භීතියට පත් කර ඇති තවත් කාරණාවක් වන්නේ නේපාලයේ පිහිටා ඇති ලොව උසම කන්ද වන එවරස්ට්හි ඇති අයිස් කඳු කඩා වැටීමේ අවධානමයි. එය සිදුවුවොහොත් තවත් විශාල විනාශයක් සිදුවණු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ..



ලාංකිකයන් ලෙස අපට මෙම සිදුවීම වඩාත් සංවේදී වන්නේ නේපාලය අප තිලොගුරු බුදුපියාණන් වහන්සේගේ උපන් බිම වන නිසයි. මෙම භූකම්පනයෙන් බුදුන් උපන් ලුම්බිණියට කිසිදු හානියක් සිදුව නැති බවයි සඳහන් වන්නේ..

කෙසේ වෙතත් මෙම සිදුවීමට පසු කරළියට ආ කතා බහක් මේ වන අන්තර්ජාලය පුරා උණසුම් අයුරින් හුවමාරු වනවා.. එනම් මෙම සිදුවීම සිදුවුනේ නේපාලයට කර්මය පළ දීමක් ලෙසයි ඇතැමුන් වාර්තා පළ කර සිටින්නේ.. මේ කතාබහ ඇතිවීමට හේතුව වී තිබෙන්නේ බුදුන් උපන් දේශයේ වසර පහකට වරක් පැවැත්වෙන බිළි පූජාවක් හේතු කොට ගෙනයි.

දෙවියන් සතුටු කිරීම සඳහා පැවැත්වෙන මෙම උත්සවය සෑම වසර 5කට වරක්ම නේපාල දේශ සීමා ආසන්නයේදී පැවැත්වෙන අතර එහිදී දෙවියන් සතුටු කිරීමේ අදහසින් බැතිමතුන් මී ගවයින් ,එළුවන් මෙන්ම පක්ෂින්ද විශාල ප්‍රමාණයක් ඝාතනය කරනු ලබනවා.

අවසන් වරට මෙම පූජාව පැවැත්වූ විට සතුන් 250 000 කට අධික පිරිසක් මෙලෙස ඝාතනය වූ බවයි පැවසෙන්නේ.. බැතිමතුන්ද මිලියන 2.5 ආසන්න ප්‍රමාණයක් මෙයට සභාගී වී තිබෙනවා

සතුන් සුරැකීමේ සංවිධානයක් වන ‘පෙටා‘ සංවිධානය මෙය නවත්වන්නැයි උද්ඝෝෂණය කළත් එය සාර්ථකවී නොමැති බවයි පැවසෙන්නේ.. අසල්වාසීන්ගේ තරම්ම නැතත් නේපාලයේ මිලියන 27 දෙනා හින්දු ජාතිකයන් බව සඳහන් වනවා..

තමාට සතුට හා සෞභාග්‍ය්‍ය ළඟා වෙතැයි පවතින විශ්වාසය නිසා මොවුන් මෙසේ කරනු ලබනවා..ඉන්දියාවේ ගවයින් පූජනීය වස්තුවක් ලෙස සැලකුවත් මී ගවයින්ට මේ ආකාරයෙන් සැළකීම එක්තරා ආකාරය පුදුමයක් වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.. මේ පිළිබඳ අදහස් දක්වන බලධාරීන් පවසන්නේ මෙය බැතිමතුන්ගේ විශ්වාසය බවත් තමන්ට කළ හැකි දෙයක් නොමැති බවත්ය..

කෙසේ වෙතත් මේ සිදුවීම දෙස බලන අපට නම් ඇතිවන්නේ එක් ප්‍රශ්ණයකි..බුදුන් උපන් දේශයේ සිදු කරන මේ මහා පාපකර්මයට කර්මය පටිසන් දුන්නාද?? එය තීරණය කිරිම අප ඔබ හට භාර කරමු.

hirufm.lk

Saturday, April 25, 2015

Death worker at bambalapitiya school

By: Prosperity Tech On: 7:43 AM

දෙදරු මවක් වූ පිරිසිදු කරන්නිය මැරුණේ අනියම් සැමියා සමග පාසැල තුළම අඹුසැමියන් ලෙස එකතු වීමෙන් පසුවද ?

බම්බලපිටියේ විදුහලක ගබඩා කාමරයක් තුළ මියගොස් සිටි පසුගියදා හමුවූ පිරිසිදු කරන්නිය අනියම් සැමියා සමග පාසලේදීම අඹුසැමි ඇසුරෙන් පසුව මියගොස් ඇතැයි සැක පළ කෙරෙනවා.

බම්බලපිටිය පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී ඇගේ අනියම් පෙම්වතා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇගේ අනියම් පෙම්වතා පවසා ඇත්තේ තමා පිටව යන විටත් හොඳින් සිටි ඇය පසුව දුරකථන ඇමතුමක් දුන් විට ප්‍රතිචාර නොදැක්වූ බවයි.

කිරුළපන පදිංචි 44 හැවිරිදි මියගිය දෙදරු මවට සිටින්නේ නිවුන් දරු දෙදෙනෙක්.

18 හැවිරිදි වියේ පසුවන ඔවුන්ගේ පියා දෙමළ ජාතිකයෙක් බව පැවසෙනවා.ඇය පසුගිය දා (15) රාජකාරි සඳහා පිටත්වී නැවත නිවසට නොපැමිණි බැවින් ඇයගේ සැමියා පාසලට විත් බලන විට ඇය මියගොස් ඇති බව දැනගෙන තිබෙනවා.

බම්බලපිටිය ‍පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනු ලැබුවා.
hirufm.lk



Thursday, April 23, 2015

Politician Strips Off For Controversial Video In Protest

By: Prosperity Tech On: 5:11 AM

මන්ත්‍රීවරියක් ප්‍රසිද්ධියේ නිරුවත් වෙයි - වීඩියෝ සහිතයි

මන්ත්‍රීවරියක් විසින් රටේ ජනතාවට අධික බදුගෙවීමට සිදුවීම නිසාවෙන් අත්වී ඇති ඉරණම පෙන්නුම් කිරීමට අමුතුම ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලය වෙත එක්කර තිබෙනවා. ඇය මේ මඟින් පෙන්වා දෙන්නට යන්නේ රටේ මිනිසුන් හට ඇඳුමක් ඇඳීමටවත් බදු හේතුවෙන් නොහැකි වී ඇති බවයි.චෙක් රාජ්‍යයේ මන්ත්‍රීවරියක් වන ඇය එරට ආණ්ඩුව ගෙන ඇති නොමනා තීරණයන්ට එරෙහිව නිරුවතින් අන්තර්ජාලයට වීඩියෝ පටයක් නිකුත් කර ඇති අතර මෙම එයට පෙනී සිටින්නේ Ester Kaplankova නැමැති 37 හැවිරිදි චෙක් ජනරජයේ නිදහස් ජනතාවගේ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියකුයි.
ඇයගේ වීඩියෝව පහතින් නරඹන්න
hirufm.lk


Sheshadris doesnt know what is Ragaya

By: Prosperity Tech On: 4:47 AM

‘‘රාගය කියන්නේ මොකක්ද ? මම නම් දන්නේ නෑ‘‘  - ශේෂාද්‍රි


‍ජනප්‍රිය නිළියක් වුනු ශේෂාද්‍රි ප්‍රියසාද් පසුගිය දවසක විවාහ වුනානේ. එත් එක්කම ඇය පොඩ්ඩක් කලා ක්ෂේත්‍රයෙන් ඈත් වුනා. ඇය විවාහ වුනේ හිතගිය තැන මාළිගාව හදාගත්ත ඇයගේ ප්‍රථම ආදරය වුණු සම්පත් එක්ක කියලයි ඇය කීවේ.

පසුගිය දවසක පුවත්පතක් සමඟ සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී ඇයගේ අලුත් ජීවිතය ගැන වගේම විවාහයෙන් පස්සේ ජීවිතයට අලුතින් එකතු වුනු දේවල් ගැනත් ප්‍රකාශ කරලා තිබුණා.


ඔබේ නම?
ශ්‍රේෂාද්‍රි ප්‍රියසාද් ද සිල්වා

උස?
අඩි 5 යි අඟල් 2 යි

සැමියා ඔබේ කීවෙනි ප්‍රේමයද?
හිතගිය අය හිටියට මගේ පළමු ආදරය වුනේ ඔහු තමයි.

වෙනත් නම්?
ෂැඩෝ, සුදු නෝනා, ශෙස්, ශේ,ශේදි - සම්පත් කියන්නේ සුද්දි කියලා

ආදරය රාගයෙන් තොරද?
රාගය කියන්නේ මොකක්ද. ? මට ඒකට උත්තර දෙන්න තේරෙන්නෙ නැහැ

පෙම්වතාගෙත් සැමියගෙත් වෙනස මොකක්ද?
අපෝ එයා එහෙමමයි කිසි වෙනසක් නෑ

ඔබේ සැමියා හොඳ කෝකියෙක්ද ?
අපෝ නෑ, හැබැයි එළවළු කපලා දෙනවා.

ජනප්‍රියත්වය නැතිවුනු දාට මොකද කරන්නේ ?
දැන් කියලත් ලොකු ජනප්‍රියත්වයක් නෑ. ඒක නැතුව ඉන්න බැරිකමකුත් නෑ


hirufm.lk