Wednesday, August 31, 2016

Tagged Under: , ,

AL Student girl raped

By: Prosperity Tech On: 1:47 AM

උසස්පෙල අතරතුර සිසුවිය දූෂණය කරලා: සැඟවුණු අපරාධය හෙළිවෙයි

පසුගිය දා නිමා වූ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක්, විභාගයට මුහුණ දී නිවස බලා යමින් සිටිය දී පොල්වත්තකට රැගෙන ගොස් දූෂණය කර ඇති පුවතක් සඳලංකාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.සිසුවියගේ පෙම්වතා බව පැවසෙන ස්ත්‍රී දූෂණය සිදු කළ තරුණයා සොයා දංකොටුව පොලීසිය මේවන විටත් පරීක්ෂණ අරඹා තිබෙනවා.පසුගිය 7වැනි දා මෙම සිසුවිය උසස් පෙළ විභාගයට පෙනී සිට සිය නිවස බලා පැමිණෙන අතරතුර පොල්වත්තක් තුළට රැගෙන ගොස් දූෂණය කළ බවට යි ඇය අනාවරණය කර තිබෙන්නේ.
තමන් පෙනීසිටින විභාගයට මෙම සිද්ධියෙන් බාධාවක් වේවි යැයි සිතූ නිසා සිසුවිය මේ පිළිබඳව කිසිවෙකුට හෙළි නොකර ඇති අතර විභාගය අවසන් වීමෙන් අනතුරුව තමන්ට සිදුවී ඇති අපරාධය සම්බන්ධයෙන් තම මව සමග පවසා තිබෙනවා.

පසුව සිසුවියගේ මව විසින් පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන අතර අදාළ තරුණයා සෙයා විමර්ශන ආරම්භ කර ඇත්තේ ඒ අනුව යි.

දූෂණයට ලක්ව ඇති පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහරෝහල වෙත යොමු කර තිබෙනවා.

0 comments:

Post a Comment