Saturday, February 28, 2015

I started a new Job ~ Nipunika Hewagamage, Actress, Gossip,

By: Prosperity Tech On: 10:44 PM

මෙතන ෂුවර් නැහැ ඒ නිසා රස්‌සාවක්‌ හොයා ගත්තා - නිපුනිකා 

මම ගොඩක්‌ කාර්යබහුල වෙන්න කැමති චරිතයක්‌ නෙවෙයි. ඒ නිසා මම ලොකු නිර්මාණයකට දායක වෙනවා නම් ලොකු කැප කිරීමක්‌ කරන්න ඕනෑ. මට තවම ඒ විදිහට ලොකු කාලයක්‌ වෙන් කරගන්න අපහසුයි....



Nipunika Hewagamage

Kamal addararachchi & Oshadi Hewamadduma to contest for election

By: Prosperity Tech On: 3:57 AM

කමල් හා ඕෂධී මහමැතිවරණයේදී තරඟ බිමට

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප‍්‍රධාන පක්ෂ දෙකෙන් තරඟ කිරීම සඳහා ජනපි‍්‍රය නළු නිළියන් රැසක් සූදානමින් සිටින බවට වාර්තා වනවා. මේ අතරට ප‍්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි සහ ඕෂධී හේවාමද්දුමගේ නම් ඉදිරියෙන්ම ඇති බවයි වාර්තා වන්නේ. කමල් අද්දරආරච්චි එජාපයෙන් සහ ඕෂධී හේවාමද්දුම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ බිමට එළඹීමට බොහෝදුරට ඉඩ ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ.
මීට අමතරව ඉදිරි මහමැතිවරණයේදී තවත් නවක මුහුණු රැසක් තරඟ බිමට එළඹීමට සූදානමින් සිටින බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේ.

Deputy Inspector General of Police Anura Senanayake Arrested

By: Prosperity Tech On: 3:27 AM

පොලිස් ලොක්කා අත්අඩංගුවට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී අනුර සේනානායක මහතාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස විෂය බාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පොලිස්පතිවරයාට නියෝගකර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

බියගම විලේජ් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න මහතා ඝාතනයට සහය දැක්වූ බවට සැකපිට ඊයේ අත් අඩංගුවට ගත් එස්එස්පී වරයාට සහ පොලිස් පරීක්ෂක වරයාට  සහාය දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී අනුර සේනානායක මහතා නිදැල්ලේ සිටීම ගැන ද ජෝන් අමරතුංග ඇමතිවරයාට ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් ම චෝදනා එල්ලවී ඇතැයි  පැවසේ.


බියගම විලේජ් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා ඝාතනයේ සැකකරු වසන් කිරීමට ආධාර අනුබල දුන්නැයි  යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසිංහ පතිරණලාගේ විමලසේන සහ ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආනන්ද රාජකරුණා යන උසස් පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ (27) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

ඝාතනය සිදුකරන කාලයේදී මෙම නිලධාරීන් දෙදෙනා එස්ටීඑෆ් එකට අනුයුක්තව සේවය කර ඇත.

2012 පෙබරවාරි 20 වෙනිදා බියගම විලේජ් අධිපති බර්නාඩ් ජයරත්න මහතා දොම්පේදී ඝාතනය කරන ලද අතර එයට සම්බන්ධ ජයරත්න මහතාගේ පුත්‍රයාට ඉහත කී පොලිස් නිලධාරීන් දෙදෙනා පුපුරන ද්‍රව්‍ය ලබා දී ඇති බවට තොරතුරු හෙළි වී තිඛේ

Friday, February 27, 2015

Kumar Sangakkara Enter Politics from Kandy

By: Prosperity Tech On: 7:42 PM

සංගා දේශපාලනයට. අලියාගෙන් මහනුවරට. මහමැතිවරණයේ තරග කිරීමට සුදානමින් 


ඉදිරි මහ මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට මෙරට ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග එක්සත් ජාතික පක්ෂය පැවැත් වූ සාකච්ඡා සාර්ථක වී ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස මෙලෙස එක් වීමට නියමිතව ඇත්තේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතායි.


මෙම සාකච්ඡා ක්‍රිකට් ලෝක කුසලානයට පෙර පැවැත්වී ඇති අතර ඊට එජාපයේ ඉහළම පෙළේ දේශපාලනඥයින් එක් වී ඇත.

මේ අතරම පැවැති ජනාධිපතිවරණ සමයේ එජාප ෆෙස්බුක් හා සමාජ ජාල ප්‍රවර්ධන වැඩසටහන සඳහා එක් වූ  තුෂාර වන්නිආරච්චි ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග  කිරීමට ගෙන ඇති තීරණයද තව දුරටත් මෙම සාකච්ඡාවේදී තහවුරු වූ බවත් සඳහන්.

තුෂාර වන්නිආරච්චිගේ සබඳතාවයක් මත කුමාර් සංගක්කාර ද මෙම යෝජනා සඳහා එකග  වී ඇති බවත් එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය අවසන් වන තෙක් මෙම සාකච්ඡා අනාවරණය නොකිරීමටද පක්ෂය තීරණය කර ඇති බවයි  පක්ෂ අභ්‍යන්තර අරංචි මාර්ග සඳහන් කළේ.

Film director remanded for raping actress

By: Prosperity Tech On: 5:23 AM

ටෙලි නිළිය දූෂණය කළැයි පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපට නිෂ්පාදක රිමාන්ඩ්

ටෙලි නාට්‍ය නිළියන් හා චිත්‍රපට නිර්මාණ කරුවන් අතර පැටලිලි කාලයක සිට ලංකාවට අලූත් දෙයක් නොවේ. නමුත් නවක ටෙලි නිළියන් දැලේ දාගන්නට උත්සාහ කරන නිර්මාණකරුවන් නීතියේ රැහැනට කොටුවන්නේ කලාතුරකිනි.
පාර්ලිමන්ට් ජෝක්ස් නමැති ප්‍රකට චිත්‍රපටයේ සම නිෂ්පාදක ලෙස කටයුතු කළ ලක් ෆිල්ම්ස් හිමිකරු ලාල් කළුආරච්චි නවක නිළියක දූෂණය කිරීමේ වරදකට පැටලී ඊයේ බන්ධනාගාරගත කෙරුණා.
ඔහු 2013 වසරේ දිනයක සිය කාර්යාලයට මන්දාකිනි රණසිංහ නමැති නවක නිළියකට සම්මුඛ පරීක්ෂණයක් සඳහා එන්නට යයි කියා ආරාධනා කර ඇය පැමිණි පසු
කතාබහ අතර සිසිල්පැන් සංග්‍රහයක් සිදු කර ඇති අතර එම අවස්ථාවේදී සිසිල් පැන්වලට මත්පෙති මිශ්‍ර කොට ඇයව සිහි විකල් කිරීමෙන් පසුව කාර්යාලය තුළදී ඇයව
දූෂණය කර ඇති බවට චෝදනා ලැබ තිඛෙනවා.
එම අවස්ථාවේදී එම ක්‍රියාව වීඩියෝ ගත කරන්නටද සැකකරු ක්‍රියාකර ඇති බව චෝදනාවේ සඳහන්ය.


තමාට සිහිය එන විට කාර්යාල කාමරයේ සිටින බව දුටු බවත් තම ඇඳුම් උනාදමා තමාට අතවර කර

ඇති බවට සලකුණු හඳුනාගත් බවත් ඇය නාරාහේන්පිට පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් විය.
ඇය මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ පසුව ඇයට නිෂ්පාදකවරයා මරණ තර්ජන සිදු කර ඇත්තේ එය ඉල්ලා අස්කරගන්නා ලෙස බලකරමිනි.
නාරාහේන්පිට පොලිසිය මගින් සැකකාර චිත්‍රපට අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරා.

ටෙලි නාට්‍ය නිළිය නාරාහේන්පිට පොලිසියට පැමිණ කරන ලද පැමි‚ල්ල අනුව කරන ලද පරීක්ෂණයේදී සැකකරු විසින් එම සිසිල් පැන් බෝතලයට මත්පෙති මිශ්‍ර කර තිබූ බව අනාවරණය වු බවත් වෛද්‍ය වාර්තා අනුව අතවරය සිදුව ඇති බවත් අතවර කර ඇත්තේ කාර්යාලය ඇතුළේදීම බවත් පොලිසිය අධිකරණයට ප්‍රකාශ කොට තිබේ.


මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලඝු නොවන සවිස්තරාත්මක නඩු විභාගයේදී චෝදනාව සම්බන්ධයෙන් කරුණු තහවුරුවීම නිසා සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සඳහා කටයුතු සිදුකෙරෙනවා.

මේ අතර පැමි‚ලිකාර ටෙලි නාට්‍ය නිළියට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවී ඇති නිසා චිත්‍රපට නිෂ්පාදකවරයාව මාර්තු මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (26) නියෝග කළා.

Thursday, February 26, 2015

Video: Sajin Vass jeered and hooted at Kosgoda

By: Prosperity Tech On: 7:40 PM

සජින් වාස් අමතද්දී මිනිස්සු ‘හොරෙක්..හොරෙක්..’ කියා හූ කියයි.. 

සජින් යන්න යයි [Video]

සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ගාල්ල කොස්ගොඩ උත්සවයක් අමතද්දී පැමිණි එජාප සාමාජිකයන් පිරිසක් ‘ඔන්න හොරෙක්.. ඔන්න හොරෙක්’ යයි කියමින් හූ කීහ.
විරෝධය නිසා මන්ත‍්‍රීවරයා සිය කතාව නවත්වා යන්නට ගියේය.


Yoshitha's CSN On The Verge Of Closure

By: Prosperity Tech On: 5:41 AM

යෝෂිතගේ ''CSN'' නාළිකාව නවතී! අතුරු අයවැයෙන් පස්සේ යෝෂිත බිංදුවටම වැටිලා....

හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට අයත් බව කියන CSN රූපවාහිනී නාලිකාව ලබන ඉරිදා මාර්තු මස 01දා සිට වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. පසුගිය 24 වනදා සිට එහි සේවකයින් සියල්ලට නිවාඩු දී ඇති අතර 30 දෙනෙකුට පමණ වන්දී ලබා දී ආයතනයෙන් ඉවත් කර ඇති බවද පැවසේ.

මෙම සේවකයින්ගෙන් කොටසක් CSN නාලිකාවට අනුබද්ධව පවත්වා යන සිංහ FM රේඩියෝ නාළිකාවට  සම්බන්ධ කරගැනීමට නියමිතව ඇති බවට ද කතාවක් පැතිර තිබෙනවා. මෙම CSN නාලිකාව පසුගිය කාලයෙහි රජයට ගෙවිය යුතු බදු මුදල් කිසිවක් ගෙවා නැති බව ද පසුගිය පසුගිය දා ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැයේ දී මුදල් ඇමති රවි කරුණානායක හෙළි කළා.



විකාශන කුළුණු 6කට වැඩි ක‍්‍රීඩා නාලිකාවලට බදු ගසන බව කියමින් පසුගිය අයවැයෙන් රුපියල් මිලියන දහසක බදු මුදලක් ගෙවිය යුතු බවට අලූත් බද්දක් පැනවීම නිසා එයට හසු වූ එකම නාලිකාව බවට පත් CSN නාලිකාවට එවැනි විශාල බද්දක් ගෙවීම නොහැකි නිසා එහි අයිතිය අතහැර මෙසේ වසා දමන්නට තීරණය කර ඇත.

මෙම නාලිකාව ගොඩනැගීමට පැවති රජය රාජ්‍ය දේපළ අනිසි ලෙස යොදාගත් බවට ආරංචි තිබුණ අතර වැඩි වාසි ලබාගැනීමේ අටියෙන් ක‍්‍රිකට් තරත විකාශන ඒකාධිකාරයක්ද එම නාලිකාවට  දේශපාලන අනුග‍්‍රහය මත ලබා තිබුණි.

මේ අතර කටකතා පැතිරුනේ මෙම නාලිකාවේ ඇතැම් නිලධාරීන්ට පසුගිය සමයේ වැටුප් ලබාදෙන ලද්දේ ජනාධිපති කාර්යාලය විසින් බවටය. යෝෂිත රාජපක්ෂගේ පැරණි පෙම්වතිය වූ යසාරා මෙම නාලිකාවේ ප‍්‍රධානියා ලෙසද කලක් කටයුතු කළා.


ලංකාවේ රගර් ක‍්‍රීඩාව හා රේස් ක‍්‍රීඩා ජනප‍්‍රිය කිරීමට මෙම නාලිකාව විශාල වෙහෙසක් ගත් අතර, ක‍්‍රිකට් තරග විකාශ අයිතිය උදුරාගෙන දිවයිනේ වැඩි කොටසකට නොපෙනෙන ලෙස ඒවා විකාශය කළ නිසා ක‍්‍රිකට් ක‍්‍රීඩාව අප‍්‍රකට කළ බවට ද මෙම නාලිකාවට පසුගිය කාලය තුළ විවිධ චෝදනා එල්ල විය.

මෙම නාලිකාව සමග ගිවිසුමක් ඇතිව චීනයේ ‘CCTV’ නැමති ප‍්‍රවෘත්ති නාලිකාව ද ඔවුනගේ ප‍්‍රති විකාශනයන් ලංකාවේ පවත්වාගෙන යනු ලැබුණි.

CSN රූපවාහිනිය වසා දැමූවද සිංහ FM ගුවන් විදුලි නාලිකාව වසාදැමීමට කටයුතු කර නොමැත.

egossip.lk

Tuesday, February 24, 2015

I will enter the politics - Oshadi Hewamadduma

By: Prosperity Tech On: 4:04 AM

''ඉවසුවා ඇති ක්‍රියාකාරී ‍දේශපාලනයට මමත් එනවා...''

යහපාලනයට බැනවදින ඕෂදී හේවාමද්දුම කියයි! 

මීට දින කිහිපයකට පෙරදී වත්මන් ජනපති ඇතුළු යහපාලයට චෝදනා එල්ලකිරීමත් සමඟින් 'ඕෂධී හේවාමද්දුම' තරමක් කතාබහට ලක් වුණා. පහුගිය කාලයේ දී ඕෂධී සන්ධානයෙන් දේශපාලනයට එක්වන්නට සිටි නමුත්, නළු නිළියන්ගේ දේශපාලන ආගමන රැල්ලත් එක්ක ඕෂධී දේශපාලනයට එක්වන්නට තිබුණු අදහස තරමක් පස්සට දමා තිබුණා. නමුත් දේශපාලන බලපෙරලියත් එක්ක ඕෂධීත් තමන්ගේ දේශපාලන ජීවිතය අරබන්නට මේ දවස්වල වෙහෙසේනවලු...

"පසුගිය කා‍ලෙත් මට ‍‍දේශපාලනයට එන්න කියලා ආරාධනා ආවා. ඒත් ඒ දවස්වල මට හිතුණා ‍දේශපාලන ගමනකට ඒ කා‍ලේ මට ගැළ‍පෙන්නේ නැහැ කියලා. හැබැයි දැන් මට දැන් හි‍තෙනවා ‍දේශපාලනය පැත්තට ‍යොමු ‍වු‍ණොත් ‍හොදයි කියල...


ම‍ගේ දේශපාලන මතයන් එක්ක මට කා‍ලෙක ඉදලා ඒ අදහස තිබුණා. බලමු ඉස්රහට මාව ඒ පැත්තෙනුත් දකින්න පුළුවන් ‍වේවි. ඒත් ‍දේශපාලනය නිසා මම නම් කවදාවත් කලා‍වෙන් ඈත් ‍වෙන්නේ නැහැ.... 


රගපෑම්වලට දායක ‍වෙන්න ‍වෙලාව ‍හොයා ගන්න අමාරු වුණත්, මම දිගටම නි‍වේදන කටයුතුවලට හරි දායක ‍වෙනවා. ‍මොකද අද මම ‍මේ ඉන්නේ මට ආද‍රේ කරන පිරිස නිසා. ඒ අය‍ගෙන් ඈත් ‍වෙන්න මට ‍කො‍හොමටවත්ම ඕන නැහැ....

ඉස්සර අම්මා මාව බලා ගත්තා ව‍ගේම මගේ මහත්තයා දැන් මාව බලා ගන්නවා... එයා තමයි දැන් මම වැඩවලට යද්දී මාත් එක්ක එන්නේ.

මම නිතරම එළියට ගියාම පුතා බලා ගන්නේ ම‍ගේ අම්මයි, තාත්තයි තමයි. ඉස්ර මම ෂූටිං යද්දි ම‍ගේ පස්සෙන්ම ඇවිත් මාව බලාගත්තු අම්මා දැන් පුතාව බලා ගන්නවා. පුතා දැන් හරි හුරතල් වය‍සෙ‍නේ. එයාව දාල යන්න දුකයි... සමහර ‍වෙලාවට වැඩවලට එළියට ගියාම දවස් ‍දෙක තුන ‍ගෙදර එන්නත් බැරි ‍වෙනවා.

එ‍හෙම දවසට පුතාව මතක් ‍වෙද්දි හරි දුකයි. පුතාට දැන් වයස අවුරුදු ‍දෙකයි මාස තුනයි.... දැන් කතා කරන වයස. හරි හුරතල් වචන කියනවා. එයා මාව ටී. වී එ‍‍කෙන් දැක්කාම අම්මා ටී.වී කියලා කියනවලු.. මම ඉන්න වැඩසටහන් හැම තිස්සෙම යන්නේ නැති නිසා අ‍පේ අම්මා කරන්නේ පසුගිය වැඩසටහනක් රිවයින් කරලා දාල ‍දෙන එක.

පුතා හිතන්නේ මම හැම ‍වෙලා‍වෙම ‍ගෙදරින් යන්නේ ටී. වී එ‍කේ ඉන්න කියලා... පුතා හවස හය විතර ‍වෙද්දී නිදාගන්නවා. සමහර දවසට වැඩ වැඩි වුණාම මට හය ‍වෙද්දී ‍ගෙදර එන්න බැරි ‍වෙනවා‍නේ. එත‍කොට එයා මට කතා කරලා කියනවා අම්මා බබා නිදි කියලා. එයාට ‍වෙනදාට නිදියන්න මාව ඕන... ඒත් ඇක්සිඩන්ට් එ‍කෙන් පස්සේ මම ‍ගෙදර හිටි‍‍‍යෙ නැති දවස්වල මම නැතිව නිදියන්න පුතා පුරුදු වුණා.




Monday, February 23, 2015

Nadeeka Gunasekara speaks

By: Prosperity Tech On: 7:03 PM

වෙළෙඳ සැලෙන් ගන්න ඇඳුම් මට හරි යන්නේ නැහැ

නදීකාගේ නිවෙසට ගිහින් එමු
ගසෙන් ගසට පැන පැන යන බට්ටිච්චාගේ නාදය පරිසරයට රැගෙන ආවේ සුන්දරත්වයකි. පෙදය ගස්ස ගස්සා අතු ඉති මත එහාටත් මෙහාටත් පනින බට්ටිච්චා මේ කෑ ගසන්නේ දං ගෙඩියක් හොට තබන්නට අවස්ථාව නොලද නිසා යැයි මසිතට පිවිසියේ සැනෙනි.
එහෙත් දං චූටිගේ නිවෙසේ මිදුලේ එවැනි දං ගසක් අපි නොදුටීමු. අප මිදුලට පිවිසෙන විටත් දං චූටි අප එන පෙර මඟ බලා සිටියේ අපගේ ප්‍රමාදයට හේතුව කුමක් දැයි විමසන්නට මෙනි.

“අව්ව බොහොම රස්නෙයි නේද?”
‘චංචල රේඛා’ චිත්‍රපටයේ රඟ පෑ චරිතය ඔස්සේ ‘දං චූටි’ නමින් කලා ලොවේ මෙන්ම රසික – රසිකාවන් අතර ජනප්‍රිය වූ චිත්‍රපට නිළි නදීකා ගුණසේකර විමසුවේ පා ගමනෙන් ඇවිද පැමිණි අප දෙස බලමිනි.
“එදා අපි දැක්ක දං චූටි අද කෝ ?”
මා විමසුවේ නදීකා ගුණසේකර නම් ඔබ හදවත බැඳගත් රංගන ශිල්පිනිය ගෙනි.
“මීට ටික කලකට ඉස්සර මාව දැක්ක නම් ඔයාලා ඔහොම කියන්නේ නැහැ. ඒ වනවිට මම මීට වඩා මහතයි. දැන් ටිකක් විතර මහත අඩුයි. මහත ගැන කතා කරන කොට නම් මම කොහොම මහත් වුණාද කියලා හිතා ගන්නවත් බැහැ.”
“තරුණ කාලයේ නිළියක් විදියට ඉන්න කාලයේ ශරීරය කෙට්ටුවට හැඩට තියා ගත්තත් දැන් එහෙම නොවෙන්න හේතු රැසක් බලපානවා. ඒ කාලයේ වගේ නොවෙයි දැන් මම අම්මා කෙනෙක්. ගෘහණියක්. මම උදෙන්ම නැඟිට්ට ගමන් කල්පනා කරන්නේ ඇවිදින්න යන එක ගැන නම් නොවෙයි. දුවගේ පාසල් ගමනට උවමනා කෑම හැදීම ගැනයි.
ඊට පස්සේ එයාව සූදානම් කරලා වාහනයෙන් පාසලට අරගෙන යන එක මගේ වගේම සුරේන්ගේත් රාජකාරිය වෙලා. මේ කටයුතු අවසාන කරලා ගෙදරට එන මම ඊළඟ කරන්නේ උදේට වගේම දවල්ට කෑම කන්න සූදානම් කිරීමයි.
මීළඟට ගෙවල් ශුද්ධ පවිත්‍ර කිරීමෙන් අනතුරුව සිටින කාලයේදි වුණත් නිවෙසේ මොකක් හෝ කටයුත්තක් කරන්න මගේ කාලය වැය වෙනවා. ඊට පස්සේ මගේ කාලය ගත වෙන්නේ දුවත් එක්ක හා සුරේන් එක්කම ඉන්නටයි. මේ අතර ඉඳලා හිටලා තෙරපි පන්තියකටත් සහභාගි වෙනවා.”
“ඒත් තවමත් මහත අඩුකර ගන්න නොහැකි වුණා.”
“තරුණ කාලයේ තරම් ඒ ගැන අවධානයක් යොමු නොවන වගයි ඇත්තම කතාව වෙන්නේ. කොහොම වුණත් මේ කටයුතු අතර මම වෙනුවෙන් පැයක කාලයක් වෙන්කර ගන්න අපහසු නැහැ. ඒත් ඒ කටයුත්ත එහෙම සිද්ධ වෙන්නේ නැහැ.
නමුත් එහෙම නොකරන එක නිදහසට කාරණයක් නොවෙයි කියලත් මම දන්නවා. සුරේන් ව්‍යායාම කරන යන්ත්‍ර නිවෙසටම ගෙනැත් තිබුණත් ඒ කටයුතු නොකෙරෙන්නේ මම පවුලේ කටයුතුවලට මුල්තැන දුන්නු නිසා.”
වගකීමක් ඇති ගෘහිණියකගේ ස්වරයෙන් නදීකා පවසන්නේ සිනහ පිරුණු මුවෙනි. ඈ අසලම දැවටෙන දියණිය තෙනුකි අම්මාගේ උකුළේ ඔළුව තබා ගත්තේ අපගේ කතාබහ අතරතුරය.
“තෙනුකි දූ ගොඩක් අම්මට ආදරෙයි වගේ?”
“මෙයා තමයි මගෙත්, සුරේන්ගෙත් පණ. අපිට ඉන්න එකම දරුවා තෙනුකි නිසා අපි දෙන්නගේම ආදරය හිමි වෙන්නේ දුවටයි. ඒ නිසා දුවගේ කටයුතු සියල්ල සොයලා බලන්න මා කාලය ගත කරනවා.
සුෂී කියන ජපන් කෑම වගේම පැස්ටා කන්නත් දූ බොහොම ආසයි. මොකද දූ මස්, මාළු කන්නේ නැහැ. දවසක් දුව පුංචි කාලයේ මම මස් කවන්න හදන විට එයා ඇහුවේ ඇයි සත්තුන්ගේ මස් කන්න බල කරන්නේ කියලා. ඉතිං මට කට උත්තර නැතිව ගියා. වැඩිපුර බත් කන්න කැමැති නැති නිසා දුව කැමැති දේ එයාට උයනවා.
දවල්ට මම දුවට බත් කවන එක අනිවාර්යයෙන්ම කරන දෙයක්. විශේෂයෙන්ම බටු, කැකිරි, පරිප්පු සමඟ මම එයාට කෑම කවනවා. ගොටුකොළ සම්බෝලයට තෙනූ බොහොම මනාපයි. සමහර දවසකට හවසට එළියෙන් එළවළු කෑම අරගෙන දෙන අවස්ථාත් තිබෙනවා.
අපි තුන්දෙනාම හවසට නිතරම එළියට යනවා. තෙනුකි නිදහසේ ඉන්න කැමැති දරුවෙක්. එහෙම කියලා එයා අකීකරු නැහැ. මට හරි තාත්තාට හරි කියලයි දුව ඕනෑම වැඩකට මුල පුරන්නේ. ඈ පාසල් යන්නේ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලටයි. ගී ගයන්න, නටන්න, රඟපාන්න ඈ දක්ෂ වගේම ඉගෙන ගන්නත් ඒ වගේම දක්ෂයි.”
තෙනුකිගේ කටයුතුවලට එහෙම කැපවෙන නදීකා තමන්ගේ සැමියා සුරේන් හපුආරච්චිගේ කැමැත්ත ගැන හිතන්නෙත් ඒ වගේමයි.
“ඔහු කැමැති දේත් උයන්න ඔබ මහන්සි වෙනවා.”
ඔව්. ඔහුගේ කැමැත්ත වෙන්වෙලා තියෙන්නේ වෙනස්ම විදියටයි. සුරේන්ට උදේට බත් අනිවාර්යයෙන්ම උවමනායි. විශේෂයෙන්ම කරවල බැඳුමක් ඒ අතර තියෙනවා. කැකිරි, බටු වගේ ගමේ කෑම කන්න එයා කැමැතියි. සතියේ දවස් තුනක් උදේට මම කොළ කැඳ හදනවා.
ව්‍යාපාරික කටයුතුවලට සුරේන් පිටත් වුණාට පස්සේ නිවෙස ලස්සනට තියා ගන්නයි මගේ ඊළඟ වෑයම වන්නේ. අපට වැඩට කෙනෙක් ඇත්තේ නැති නිසා මුළු නිවෙසම අස්පස් කරන්නේ මම තමයි.”
ඈ ඇඳුම් මහන්න දක්ෂ කාන්තාවකි. ඈ ඒ ඇඳුම් මහන්න ඉගෙන ගත්තේ කුඩා කාලයේ පටන්මය. එසේ ඇතිවුණු පුරුද්ද නිසාම අද ද නදීකාට ඇඳුම් මහන කටයුත්ත විනෝදාංශයකි.
“ ඔබගේ ඇදුම් මහ ගන්නේ ඔබමද?”
“නිතරම මගේ ඇඳුම්, දුවගේ ඇඳුම් මහන්නෙත් මම තමයි. මට නම් වෙළෙඳ සැල්වලින් ගන්න ඇඳුම් හරි යන්නේ නැහැ. වැරැදිලාවත් ගෙනාවොත් ඒ ඇඳුම කපලා මට ඕන විදියට හදා ගන්නවා. මේ නිසා මමම මහගන්න එක වඩාත් හොඳයි. රංගන ශිල්පිනියන් වුණත් අපි සාමාන්‍ය මිනිස්සුනේ. ඒ සාමාන්‍ය ජීවිතයට මම කවදත් කැමැතියි.”
සුරේන් නිවෙසට පැමිණියේ මද වේලාවකට පසුවය. ඒ ව්‍යාපාර කටයුත්තකට සහභාගිවීමත් සමඟය.
“සුරේන්ට නදීකා සොඳුරු බිරියක් ද?”
“ඈ නිතරම වෙහෙස වෙන්නේ අපි ගැනයි. එවැනි බිරියක් ලැබීම මා ලැබූ භාග්‍යයක්. අපි අතර පරස්පර මත තිබුණත්, ඒවා ගැන වාද විවාද කර ගත්තත් ඒ වෙලාවට විතරයි. ටිකක් විතර එයා තරහා ගන්නවා. ඒත් ඒ නරක දෙයකට නොවෙයි. මගේ පුරුද්දක් තියෙනවා බඩුවක් ගත්තාට පස්සේ ඒ තැනම නොතියන. ඒකටයි ඈ නිතරම තරහා ගන්නේ. මම කැමැති මොන කෑම කිව්වත් කිසිම කන්කෙඳිරිගෑමකින් තොරවම හදලා දෙන්නත් ඈ අමතක කරන්නේ නැහැ.”
මේ විදියට ගෙවුණු සොඳුරු කතාබහ අවසාන කළයුතු මොහොත පැමිණිණි. ඒ වනවිටත් හෝරා කිහිපයක් ගෙවී ගොස් තිබුනු බැවිනි. දියණිය තෙනුකි අම්මාගේ උකුළේ සුව නින්දේය. දෙඅතට ගත් සුරේන් තෙනුකි දුව රැගෙන ගියේ නිදන කාමරයේ තබන්නටය.

Saturday, February 21, 2015

My Wife is Ill. Wimal Weerawansa Says

By: Prosperity Tech On: 8:31 PM

''මගේ හාමිනේට අසනීපයි උන්දැ දැන් රෝහලේ!"

පොලීසිය එද්දී පළා ගිය බිරිඳ 'ශෂී' ගැන විමල් කියයි! 

හිට්‍පු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ කූඨ ලේඛන සකසා රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍ර සකස් කිරීමේ වරදකට සති කිහිපයක සිට පොලිසිය සොයන නමුත්, ඇය සිටින කඩුවෙල නිවසින් පළාගොස් ඇති බවත්, ඇය සිටී යයි සැක කළ හැකි ස්ථාන සියල්ලෙන්ම ඇය අතුරුදන්ව සිටින බවත් පොලිසිය පවසනවා.


පසුගියදා නුගේගොඩ පැවති රැස්වීමකදී විමල් වීරවංශ මෙම පොලිස් පරීක්ෂණ උපහාසයට ලක්කරමින් කියා තිබුනේ ‘අපේ හාමිනේව අද ගන්නව හෙට ගන්නව කියනව..මොකෙක්වත් එන්නෙත් නෑ කට උත්තරයක් ඉල්ලන්නෙත් නෑ..ඉල්ලනව නම් බලන් ඉන්නව දෙන්න...’ යනුවෙනි.


නමුත් මේ සම්බන්ධව පරීක්ෂණ කරන පොලිසිය පවසා ඇත්තේ, විමල්ගේ මෙම ප‍්‍රකාශය එම පරීක්ෂණ නොමග යැවීමේ අටියෙන් සිදු කරන ලද්දක් බවයි. විමල් තම බිරිය නිවසින් පිටත් කර ඇත්තේ දැනදැනම විය හැකි බවට පොලිසිය සැකකරනවා.

උපන් වර්ෂය ලෙස 1967 හා 1971 යොදා ගනිමින් හා ශීර්ජා වීරවංස සහ ශෙහාසා උදයන්ති යනුවෙන් නම් දෙකක් යොදමින් විමල්ගේ බිරිය මෙම කූඨ ලේඛන සකසා තිබුණ අතර ඒ සම්බන්ධව මාධ්‍ය වාර්තා මින් වසර ගණනාවක සිට පුවත්පත් වෙබ් අඩවි ඇතුළු විවිධ මාධ්‍ය වල පළවුවත් පැවති රජය බිඳ වැටෙන තුරු පොලිසිය කටයුතු කළේ ඒ ගැන නොදන්නා ගාණටය.

කූඨ ලේඛන ඇසුරෙන් සකස් කරගත් ගමන් බලපත‍්‍ර යොදාගෙන අවස්ථා රැසකදී ඇය විදෙස් ගතවී තිබෙන අතරම ඇතැම් වරප‍්‍රසාද ලබා ගැනීම සඳහා උපන් වර්ෂයේ වාසිය ලබාගෙන තිබෙන බවද මාධ්‍ය ඔස්සේ වාර්තාවී තිබුණා.

විමල්ගේ නුගේගොඩ කථාවෙන් පසු ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට පොලිසිය නැවත උනන්දුවී ඇති බව පෙනෙන්නට තිබෙන අතර ඇගේ අතුරුදන්වීම ගැන විමල්ගෙන් ප‍්‍රශ්න කරන්නටද ඉඩ ඇත. මේ සම්බන්ධව පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා පරීක්ෂණ සිදු කරන බවද පොලිසිය වාර්තා කර තිබෙනවා.

කෙසේ හෝ වේවා විමල්ගේ බිරිඳගේ මෙම අතුරුදන්වීම ගැන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා මාධ්‍ය වෙත දැනුම් දුන් පසු'විමල් විරවංශ සිය වෙබ් අඩවිය ඔස්සේ තම බිරිය මේවන විට රෝහලේ සිටින බව විමල් කියා සිටියා.

 තම බිරියට අසනීප බවත් ඇය දැන් සිටින්නේ රෝහල් ගතවී බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඔහුගේ වෙබ් අඩවියට ප‍්‍රකාශයක් ලබා දෙමින් කියා සිටිනවා.

ඔහුගේ බිරිය පළාගොස් ඇති බවටත් විශේෂ කණ්ඩායම් 6 ක් යොදවා කූඨ ලේඛන නඩුවට ඇයව සොයන

"අද මාධ්‍ය ගණනාවක එම පුවත පළවූ අතර එයට පොලිසිය වෙත ප‍්‍රකාශයක් ලබාදෙනු වෙනුවට
‘නුගේගොඩ රැලිය' අවසන් වෙලා මම නිවස වෙත යනවිට බත්තරමුල්ලේ අපේ නිවස හා කාර්යාලය වෙත පොලිසියෙන් ඇවිල්ලා තිබුනා.

ඒ ගොල්ලෝ දැනුම් දීලා තිබුනා 19 වෙනිදා 11 ට මගේ බිරිඳට රහස් පොලිසියට එන්න කියලා. ඒවනවිට අසනීප තත්වයෙන් හිටපු නිසා අපි වෛද්‍ය වාර්තාවක් නීතිඥයෙකු මාර්ගයෙන් යොමුකරා. ඒ අය පිලිගත්තා. ඒ අනුව ඉදිරි දිනයක ඇවිල්ලා කට උත්තරයක් දෙන ලෙස  පැවසුවා.

ඇත්ත වශයෙන්ම ඒ රෝගී තත්වය උත්සන්න වීම නිසා මගේ බිරිඳ ඉන්නේ රෝහල් ගතවෙලා.  ඒ බව අපි රහස් පොලිසියට දැනුම් දුන්නා. ඒ වගේම ඔවුන්ට අපි දැන්වුවා අවශ්‍යනම් , හදිස්සි නම්  රෝහලට ඇවිල්ලා ඒ ප‍්‍රකාශය ගන්න කියලා. ඒක ඉතින් ඔවුන් කැමතිනම් කළ යුතුව තිබෙන දෙයක්. අපි ඒවගේම කියලා තියෙනවා එහෙම බැරිනම් සුව අතට පත්වුණාම ඒ කට උත්තරය දෙන්නම් කියලා..."


Dutch tourist fells down off the World's End, Nuwara Eliya Sri Lanka

By: Prosperity Tech On: 8:17 PM

ලෝකාන්තයෙන් ඇද වැටී පැය තුනක් ගසක එල්ලෙමින් සිටි මාටින්ස් බේරාගත් සිංහ මෙහෙයුම



ඊයේ (21) උදෑසන ලෝකාන්තය නැරඹීමට ගිය නෙදර්ලන්ත ජාතිකයා එල්.මාටින්ස් නම් විදේශ සංචාරකයකු පහළට ඇද වැටී ඇති අතර යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවට අයත් ලෙෆ්ටිනන් කර්නල් අමිල පෙරේරා ඇතුළු පිරිසක් විසින් සිදු කළ මෙහෙයුමකින් අනතුරුව ඔහුගේ ජීවිතය බේරාගැනීමට සමත් වී තිබේ.


නෙදර්ලන්ත ජාතිකයකු ඔහුගේ බිරිඳ සමග ලෝකාන්තය නැරඹීමට අද උදෑසන පැමිණ ඇති අතර එහිදී ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු පහළට ඇද වැටී තිබේ. පසුව ඔහු ගසක අත්තක රැදී ඇති අතර ගුවන් හමුදාවේ ඛෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදවා බේරා ගැනීමට උත්සාහ කළත් පසුව එය අසාර්ථක වී තිබේ.

නෙදර්ලන්ත ජාතික මාටින්ස් සහ ඔහුගේ බිරිඳ නුවරඑළියට පැමිණ ඇත්තේ මධු සමය ගත කිරීම සඳහා වන අතර ඔවුන් විවාහපත්ව ගතව ඇත්තේ දින 6 ක කාලයකි. ලෝකාන්තය නැරඹීමට ගිය ඔහු සිය බිරිඳගේ ඡයාරූපයක් ගැනීම සඳහා පසුපසට ගොස් ඇති අතර එම අවස්ථාවේ ලෝකාන්තයෙන් පහළට ඇද වැටී තිබේ.

කෙසේ වෙතත් සුළු මොහොතකින් ඔහු කෑ ගසන හඬ එම ස්ථානයේ සිටි සෙසු දෙස් විදෙස් සංචාරකයින්ට ඇසී ඇති අතර ඔහු ලෝකාන්ත බෑවුමේ ප්‍රපාතයක ඇති ගසක අත්තක එල්ලී සිටි ඇති අතර නරඹන්නන් අතර සිටි එක් විදේශීය සංචාරයකයෙකු අනතුරට ලක් වූ මාටින්ස් සමග සංවාදයේ නිරත වෙමින් ඔවුගේ මානසික මට්ටම නංවාලීමට පියවර ගෙන තිබේ.

මේ අතරතුර සිය ශීත කබා ගලවා එකිනෙක ගැට ගසා කඹයක් නිර්මාණය කරගත් දෙස් විදෙස් සංචාරකයින් අනතුරට ලක්ව සිටි මා‍ටින්ස් වෙත එය යොමුකර තිබුනද එය එතරම් සාර්ථක නොවන අවදානම් තත්වයක් වන හෙයින් ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණෙන තුරු පැය තුන හාමාරක පමණ කාලයක් මාටින්ස් එම අත්තේ එල්ලී සිට ඇත.

මේ අතර මෙය ලෝකාන්තයේ ප්‍රපාත කෙළවර වන බංලගොඩ නම්පේරියල්වත්ත ප්‍රදේශවාසීන්ටද සිද්ධිය දර්ශනය වී තිබේ.

අනතුරට ලක්ව සිටි මාටින්ස් ගලවා ගැනීමට පැමිණියේ යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවට අයත් ලෙෆ්ටිනන් කර්නල් අමිල පෙරේරා ඇතුළු කණ්ඩායමක් වන අතර මෙම මෙහෙයුම සඳහා යුද හමුදාවට ගුවන් හමුදාවේ සහය ද හිමි විය.

ලෙෆ්ටිනන් කර්නල් අමිල පෙරේරාගේ උපදෙස් පරිදි කෝප්‍රල් සුදේශ් ලාලින් ද කඹයක ආධාරයෙන් ලෝකාන්තයෙන් පහළට බැස නෙදර්ලන්ත ජාතිකයා‍ගේ දිවි ගලවා ගැනීමට සමත් වූ අතර ඔහුව ඉහළට ගැනීම සඳහා ගුවන් හමුදා සමාජිකයෙකු ද කඹයක් ආධාරයෙන් ප්‍රපාතයට බසින ලදී. මෙසේ දිවිගලවාගත් නෙදර්ලන්ත ජාතික එල්.මාටින්ස් නුවරඑළිය රෝහළට ඇතුළත් කෙරිණ.

ප්‍රතිකාර ලැබීමෙන් පසු අද පස්වරුවේ නෙදර්ලන්ත ජාතිකයා ඔහුගේ බිරිඳ ද සමග නුවරඑළියේ පිහිටි තුන්වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුරට පැමිණියහ. මාටින්ස් සහ ඔහුගේ බිරිඳ එහිදී පැවසුවේ, සිය ජීවිතය බේරා දුන් හමුදා සෙබලා කිසිදිනක අමතක නොකරන බව ය.

මාටින්ස් තමන් මුහුණ දුන් එම භායනක අත්දැකීම සහ තමන්ට ඒ මොහොතේ දැනුණු හැඟීම මෙසේ පවසන ලදී.

    මෙය මගේ මධුසමයේ විශේෂ මොහොතක්. මම ලොකාන්තයෙන් වැටෙනකොට ‍ලොකු බයක් ඇතිවුණා. මම ලොකු වේදානවකින් හිටියේ.මෙම පැය තුනාහාමාර මේ ජිවිතයේ ගෙවූ දිගම පැය තුනාහාමාර. එ වෙලාවේ මට මතක්වුණ එක කෙනා මගේ බිරිඳ ලින්ඩා”..

Wedding bells to ring for Nathasha Perera

By: Prosperity Tech On: 4:52 AM

නතාෂාටත් මංගල සීනු!



නව පරපුරේ ගායිකාවක නිවේදිකාවක හා නිළියක වන නතාෂා පෙරේරා සහ ගායක ප‍්‍රිහාන් මඩප්පුලි පෙම්වතුන් බව මින් කලකට පෙර ඊ ගොසිප් හෙළිදරව් කළා.

යායට පායනා නමැති ගීතයක් ගායනා කරන්නට ගොස් ඇතිවූ හමුවකින් පසු වර්ධනය වූ සබඳතාවයක් නිසා ඔවුන් පෙම්වතුන් බවට පත්වුණා. ඉදුවර නීල නෙත් නමින් ඔවුන් දැන් අලූතින් පෙම් ගීතයක්ද එක්ව ගායනා කොට ඇත.


ඔවුන් මේ වසරේදී විවාහ දිවියට ඇතුළත් වන බව පසුගිය සතියේ හෙළිදරව් කර  සිටියා.





 


Friday, February 20, 2015

I got so many proposals after the marriage

By: Prosperity Tech On: 10:18 PM

"බැන්ඳට පස්සෙත් ආදර යෝජනා අනන්තවත් ආවා..." 


"ඒත් හොඳ ගැහැනියක් කියලා කටපුරා මට කියන්න පුළුවන්.." - උදාරි කියයි! 

 'බිනර මලී' ටෙලි නාට්‍යය හරහා මේ දිනවල ඔබ හමුවන උදාරි කාලෙන් කාලෙට පුවත් මවන්නියක් වෙලා. පහුගිය දවසක ඈ පැදවූ රියට පුද්ගලයෙකු පවා හසු වී තුවාල ලැබූ බව කියවුණා. කොහොමින් කොහොමහරි උදාරි නම් මාධ්‍යට කියා තිබුණේ එවැනි අනතුරක් තමා අතින් සිදු නොවුණ බවයි. වසර දෙකකට පසු රංගනයට එක් වුණු උදාරි මේ වනවිට ඉන්නේ සැමියාගෙන් ඈත් වෙලා.


ඔහු රැකියාව කරන්නේ විදෙස් රටක නිසා උදාරිට රඟපෑම් කරන්න ලංකාවට ආපහු එන්න වුණාලු... උදාරි නම් කියන්නේ ගෙදරට වෙලා හිටියත් සැමියාව මුණ ගැහෙන්න තියෙන වෙලාව අඩු නිසා ඔහු ළඟ සිටියත්, දුරක සිටියත් වෙනසක් දැනෙන්නේ නැහැ කියලයි.. ඒ වගේම සැමියාගෙන් දුරස් වෙලා ඉන්න උදාරිට නොයෙකුත් පුද්ගලයින්ගෙන් එන අයුතු යෝජනා නම් අනන්තයි අප්‍රමානයිලු...


"රඟපෑමට අමතරව දුවගේ වැඩ කටයුතු එක්ක ටිකක් කාර්ය බහුලයි. චූටි දුව දැන් මොන්ටිසෝරි යනවනේ.
අලුතින් ගෙයක් ගත්තා කියලා ආරංචි වුණා. අලුතින් ගෙයක් අරගත්තා... මේ දවස්වල ඒ වැඩ කටයුතු සම්පූර්ණ කරගන්න වැඩ තමයි කරන්නේ. ඇත්තටම ගේ ගත්තේ දුව ෂෙනාර්යා වෙනුවෙන්. එයා කොයි රටේ හිටියත් තමන්ගේ රටට ඇවිත් ඉන්න එයාගේම කියලා දෙයක් තියෙන්න ඕන.... ඒ නිසා මේක දුව වෙනුවෙන් දෙමව්පියන් විදියට මම සහ සුජිත් කළ ආයෝජනයක්.
 

මම ආයෙමත් මාස කිහිපයකට කලා කටයුතුවලින් ඈත් වෙනවා. දුව මෙහේ මොන්ටිසෝරි දැම්මත්, එයාගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සිංගප්පූරුවේ දී සිදු කරන්න තමයි මමයි, සුජිතුයි කල්පනා කළේ...  

ඒ නිසා ඒ වැඩ කටයුතුවලට මාස තුනක් විතර කාලයක් මට එහේ ඉන්න වෙනවා... ඒ ගිහින් ඇවිත් නැවත කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

දුව කියන්නේ ඇත්තටම ලොකු වගකීමක්. එයාගේ හැම දෙයක්ම කරන්න ඕන මම. හැම වගකීමක්ම තියෙන්නේ මට. ඒක ‍ලේසිදෙයක් ‍නෙවෙයි. ඉතින් ඒ වගකීම් සියල්ලක්ම දරාගෙන රංගන ජීවිතේ වැඩ කටයුතුත් කරන එක ලොකු අභියෝගයක් තමයි. මේ තාක් දුරට ඒ හැමදේම මම කරගත්තා. ඉස්සරහටත් කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.

විවාහයෙන් පස්සේත් ආදර යෝජනා නම් අනන්තවත් ලැබිලා තියෙනවා. මම හිතන්නේ කලාකරුවෝ විදියට ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙන එක සාමාන්‍ය දෙයක්... 



අපි කවුද කියන එක දැනගෙන ජීවත් වෙනවා නම්, ඒ වගේ දේවල්වලින් බේරිලා ඉන්න එක අමාරු දෙයක් ‍නෙවෙයි. අපි ඒවට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඒ අය සාමාන්‍ය ප්‍රේක්ෂකයො විදියට ගණන් ගත්තහම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ...

මමත්, සැමියත් ඉන්නේ රටවල් දෙකක. නමුත් එහෙම දුරස් බවක් නැහැ... හැම සති දෙකකට සැරයක් සුජිත් ලංකාවට එනවා... ගිය සතියෙත් එයා ඇවිත් ගියා... 


අපි දෙන්නම කාර්යබහුල ජීවිත ගෙවන්නේ ඒ නිසා දුරස් බවක් දැනෙන්නේ නැහැ... අනිත් එක, එක රටේ හිටියත් අපි හම්බවෙන්නේ අඩුවෙන්. එයා ශල්‍ය වෛද්‍යවරයෙක් නිසා ගොඩක් වෙලාවට ඉන්නේ තියටර් එකේ. අනිත් එක දුව නිසා තනිකම පාළුව දැනෙන එක අඩුයි. නැතුව නොවෙයි. ඒ වුණාට අපි දෙන්නටම ඒක දැන් පුරුදු වෙලා.


ඒත් අපි දෙන්නාගේ ආදරයේ නම් කිසිම අඩුවීමක් වෙලා නැහැ.... ඒ ආදරය හැමදාම අපි දෙන්නා අතර තියෙනවා. අපි, අපිට හරිම ආදරෙයි.

රංගනය පැත්තෙන් මම හොඳද, නරකද කියන එක මට තීරණය කරන්න බැහැ.... ප්‍රේක්ෂකයෝ තමයි ඒක තීරණය කරන්නේ. ඒත් මම හොඳ බිරිඳක්, මවක් සහ හොඳ ගැහැනියක් කියලා කටපුරා මට කියන්න පුළුවන්..."












Piumi Hansamali's Denies English Slang! Media Proves Her Wrong With Proof

By: Prosperity Tech On: 6:07 AM

පියුමි හංසමාලි කුණුහරුපයක් සහිත ඇඳුමකින් සැරසී රූපවාහිණී වැඩසටහන් ඉදිරිපත් කරයි (පිංතූර ) 


පියුමි හංසමාලි මාද්‍ය බොරු කරන්න හැදුවත්, මාද්‍යට සාක්ෂි තිඛෙනවානේ, මෙන්න පියුමිගේ කුණුහරප ඇඳුම සාක්ෂි සමගම - චායාරුප පහතින් පියුමි හංසමාලි අසභ්‍ය වචනයක් සහිත ඇදුමකින් සැරසි ස්වර්ණවාහිනියේ 6.30 වැඩසටහන මෙහෙය වූ බව අපේ වෙබ් අඩවියේ පසුගිය දා පල වුනා. අසභ්‍ය වචනයක් සහිත ඇදුමක් ඇද රුපවාහිනි වැඩසටහනකට තමා සහභාගී නොවූ බවත් එම කතාව අමුලික බොරුවක් බවත් තමන්ටත් නාලිකාවටත් මඩ ගැසීමට මෙවැනි මඩ ප්‍රචාර පතුරන බවත් පියුමි හංසමාලි පවසනවා. ඇය එලෙස පැවසුවත් මේ පින්තුරයෙන් ඇය පැවසුවේ මුසාවක් බව හොදින්ම තහවුරු වෙනවා. අපි කාටත් වැරදි සිද්ධ වෙනවා. ඒත් වැරදි හදා ගන්නවා වෙනුවට වැරදි වහන් කර සුදනා වීම නම් ඒ තරම් නුවණට හුරු නෑ නේද ??

Thursday, February 19, 2015

Menaka's husbund escapes

By: Prosperity Tech On: 7:57 PM

බැඳපු අලුතම අමර් මේනකා දාලා ගිහින්

විවාහ වුණ ගමන්ම නොර්වේ යන්න හීන දැකපු මේනකාගේ හීන තවම ඉටු වී නැහැ... විවාහයෙන් පස්සේ අමර් විතරක් තනියම නොර්වේ ගියා. ඒ නැවත මේනකාව එක්ක යන පොරොන්දුව පිට.

නමුත් තවමත් මේනකාට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න අමර්ට නොහැකි වෙලා.. එහෙම වෙලා තියෙන්නේ අමර් එයාගේ රැුකියාව නිසා කාර්යබහුල වුණ නිසාලූ. කොහොම නමුත් මේ කාරණය නිසා වැඩියෙන්ම සතුටට පත් වෙලා තියෙන්නේ නිර්මාණකරුවෝ. ඒ තමන්ගේ නිර්මාණයට මේනකාව දායක කර ගන්න.



ඒත් නොර්වේ පදිංචියට යන්න බඩුමලූ පොදී බැදගෙන එක කකුලක් නොර්වේ තියාගෙන අනිත් කකුල ලංකාවේ තියාගෙන ඉන්න මේනකා කිසිම ආරාධනයක් පිළිගන්නේ නෑලූ.

 

Yashodha Wimaladharma's unseen pictures

By: Prosperity Tech On: 7:30 PM

ශ්‍රී ලංකාවේ ප්‍රවීන සහ ප්‍රතිභා පූර්ණ නිළි යශෝධා විමලධර්මගේ ඔබ නොදුටු චායාරූප එකතුවක්