Sunday, August 28, 2016

Tagged Under: , ,

Two daughters raped by matchmaker

By: Prosperity Tech On: 11:10 PM

පියාගේ ලෙඩේ හොඳ කරන්න කියලා දියණියන් දෙදෙනාව කෙළෙසූ කපුවා

මානසික රෝගයක් සුවකිරීමට බව පවසා අවුරුදු 22 ක හා 20 ක දියණියන් දෙදෙනෙකු දූෂණය කළ 55 හැවිරිදි වියේ පසුවූ කපුවෙකු ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලග්ගල පැත්තේ ජීවත්වූ මෙම දියණියන්ගේ පියාගේ මානසික රෝගයක් සුව කිරීමට ලිංගික ඇසුරක් පැවැත්විය යුතු බව පවසායි දියණියන් දෙදෙනාව දූෂණය කර ඇත්තේ.

මෙම සැකකාර කපුවා කැකිරාව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අසනීප තත්ත්වයේ පසුවූ පියා සුවපත් කර ගැනීමට අවශ්‍ය නිසා කපුවාගේ ගොදුරු බවට පත්වූ දූවරුන් දෙදෙනා තමන්ට සිදුවූ මෙම සිද්ධිය ගැන නාඋල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ලග්ගල පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

0 comments:

Post a Comment