Thursday, September 8, 2016

Tagged Under: , ,

Duminda Silva sentenced to death for Bharatha Lakshman murder

By: Prosperity Tech On: 6:43 AM

දුමින්ද සිල්වාට මරණ දඬුවම

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 5ස් දෙනෙකුට මරණ දඬුවම නියම කෙරිණි.
මරණ දඬුවම නියම වූයේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, ප්‍රියන්ත ජනක බණ්ඩාර යන අයට යි.

ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලගොඩ අතුරුදන්ව ඇතැයි නඩු විභාගයේදී අනාවරණය විය. නඩුවේ සෙසු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය කියා සිටියේ, දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා මෙම අපරාධයට නායකත්වය ලබා දී ඇති බව ය. ඔහු එම අවස්ථාවේ බීමත්ව සිට ඇති බව ත් අධිකරණය කියා සිටියේ ය.
ශිරාන් ගුණරත්න, පද්මිනී රණවක ගුණතිලක සහ එම්.සී.ජී.එස්. මොරායස් යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය ආරම්භ වූයේ, 2015 ඔක්තෝබර් 12 වන දින යි.

පළාත් පාලන මැතිවරණය පැවති 2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා මුල්ලේරියාව වල්පොළ මංසන්ධියේදී සිදු වූ වෙඩි හුවමාරුවකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් මිය ගියහ.

නඩුවේ සෙසු විත්තිකරුවන් වූයේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, ලංකා රසාංජන, ඩබ්ලිව්.ඒ. මාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, චමින්ද සමන්කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි ෂාමින්ද යන අය යි.


0 comments:

Post a Comment