Wednesday, November 30, 2016

Tagged Under: , ,

Sudu hansi child abuse

By: Prosperity Tech On: 4:21 AM

35 හැවිරිදි සුදු හංසි 15 හැවිරිදි සාමණේර නමක් ලිංගික ඇසුරකට පොළඹවාගෙන- වැඩේ අතේ පත්තුවෙලා


‘සුදු හංසි’ නමින් මුහුණු පොතේ පෙනී සිටිමින් වයස අවුරුදු 15ක සාමණේර හිමිනමක් චීවරයෙන්ද මුදාගෙන අඹු සැමියන් ලෙස ජීවත් වූ 35 හැවිරිදි විවාහක දෙදරු මවක් අවිස්සාවේල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන බාල වයස්කරුවකු අඹු සැමි ඇසුරකට පොලඹවා ගැනීම, බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම යන චෝදනා මත අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත සැකකාරිය මුදාහැර තිබේ. අවිස්සාවේල්ල, උඩුවිල ජනපදය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අවුරුදු 05 සහ 09 වයස්වල පසුවන දියණියන් දෙදෙනකුගේ මවක් වන ‘සුදු හංසි’ගේ සැමියා විදෙස් රටක රැකියාවක නියුතු වූවෙකි.
පසුගිය වසරේ අග කාලයේදී මුහුණු පොතෙන් කණ්ඩලම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දඹුල්ල ප්‍රදේශයේ පන්සලක සාමණේර හිමිනමක් හඳුනාගෙන මාසයක් දෙකක් පමණ දුරකතනයෙන් ‍දොඩමළු වූ පසු සාමණේර හිමිව සජීවීව දැක ගැනීමට නොඉවසිල්ලක් ඇතිවූ නිසා පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනි දින තම දියණියන් දෙදෙනාද රැගෙන දඹුල්ල පන්සලට ගොස් ඇත. එහිදී ඇය සාමණේර නමගේ සහෝදරියක් බව විහාරාධිපති හිමියන්ට පැවැසුවද ඔවුන් දෙදෙනාගේ හැසිරීම් අනුව එය එසේ නොවන බව විහාරාධිපති හිමිට වැටහී ඇත.
එදින රාත්‍රිය විහාරයේ වන්දනාකරුවන් නවාතැන් ගන්නා ශාලාවක ගත කළ ඇය පසුදින පාන්දර නිවෙස බලා යෑමට සැරසී ඇත්තේ තමන් සමඟ ජීවත් වන්නට පැමිණෙන ලෙස සාමණේර හිමිට ආයාචනා කරමිනි. ඊට පසු දිනම සාමණේර නම දඹුල්ලේ සිට දෙහිඕවිට ප්‍රදේශයේ ‘සුදු හංසි’ගේ කුලී නිවෙසට පැමිණ ඇත්තේ අලුයම 01.00ට පමණය.
එහිදී චීවරය ගලවා ගිහි වෙස් ගත් ඔහුව එදිනම අඹු සැමි ඇසුරකට ඇය විසින් පොලඹවා ඇත්තේ ඒ පිළිබඳ කිසිදු අත්දැකීමක් නොලැබ සිටි ඔහුට සියල්ල පහදා දෙමිනි. එදින සිට මාස 06ක් පමණ ‘සුදු හංසි’ ඔහු සමඟ අඹු සැමියන් ලෙස ජීවත්ව ඇත්තේ ඔහු තමන්ගේ බාල සහෝදරයා ලෙස සමාජයට හඳුන්වා දෙමින්ය.
එහෙත්, එය එසේ නොවන බව අසල්වැසියන්ට හැඟී ගියෙන් තෙවතාවක්ම කුලී නිවෙස් මාරු කිරීමට ඔවුන්ට සිදුව ඇත. හය මාසයක් පමණ ඇය සමඟ ජීවත් වෙද්දී ඇයට තවත් අනියම් සබඳතා ඇති බවත් නිතර නිතර ඇය ජංගම දුරකතනයේම රැඳී සිටීමත් ඉවසා ගත නොහැකි වූ ඔහු අවිස්සාවේල්ල නගරයේ හෝටලයක සේවයට ගොස් වෙනම ජීවත්ව ඇත.
මේ අතර සීතාවක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක සේවයට යන ‘සුදු හංසි’ නැවතත් ඔහු හමුවී පවසා ඇත්තේ ඇයට ඔහුව නොදැක සිටීමට නොහැකි බැවින් එම කර්මාන්ත ශාලාවෙම රැකියාවට එන ලෙසය. එහි රැකියාවට ගිය ඔහුට ඇයගේ නොමනා හැසිරීම් බලා සිටීමට නොහැකිව සේවය නිම කර කර්මාන්ත ශාලාවේ ප්‍රවාහන බසයෙන් බැස ඇය නිවෙසට යන මඟ රැක සිට ඇයට පහරදී ඇත.
පහර කෑමෙන් පසුව අවිස්සාවේල්ල පොලිසියට පැමිණි ඇය තමන්ට තමාගේ ස්වාමිපුරුෂයා පහර දුන් බවට පැමිණිලි කිරීමෙන් පසු ඔහු බාල වයස්කාර දරුවෙක් බව පොලිසියට හැඟී ගොස් ප්‍රශ්න කිරීමේදී සිදුවූ සියල්ල හෙළිව තිබේ.
පොලිසිය විසින් ‘සුදු හංසි’ව අධිකරණයට ඉදිරිපත් කළ පසු ඇප නියම කළ අධිකරණය දෙසැම්බර් මස 06 වැනි දින පරිවාස වාර්තාවක් කැඳවීමට නැවතත් අධිකරණයේ පෙනී සිටින ලෙස චීවරයෙන් මිදී ‘සුදු හංසි’ සමඟ පවුල් කෑමට ආ දරුවාට නියම කර ඇත.
උපුටා ගැනීම -මව්බිම
Description: Child abuse by face book girl Sudu hansi

0 comments:

Post a Comment