Showing posts with label Local News. Show all posts
Showing posts with label Local News. Show all posts

Wednesday, April 12, 2017

Woman cut off boyfriend's penis in Polonnaruwa

By: Prosperity Tech On: 7:48 PM

අනියම් සැප සොයා ගෙට රිංගූ රොෂාන්ට රහසඟ බෑග් එකක දාගෙන ඉස්පිරිතාලෙ නවතින්න වූ හැටි - Video

- අනියම් සැප සොයා ගෙට රිංගූ රොෂාන්ට රහසඟ බෑග් එකක දාගෙන ඉස්පිරිතාලෙ නවතින්න වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


‘‘ඇඳ උඩ මස්කට් මුදවපුවා වගේලු..“
‘‘ඇයි අක්කා මට මෙහෙම කළේ කියලා කපපු කෑල්ල ඉල්ලුවා..“
‘‘ඒකි කපලා අනිත් අයට කියනවා කෑල්ල ගේන්නලු..“
පොලොන්නරුව, මින්නේරිය පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌තව සේවයෙහි නියුතු පොලිස්‌ කොස්‌තාපල්වරයකුගේ රහසඟ තියුණු ආයුධයකින් කපා දමා දැමීමේ සිද්ධිය වාර්තා වුයේ පසුගිය 10 වන දායි.

Friday, February 10, 2017

SAITM campus rohitha abeygunawardena daughter

By: Prosperity Tech On: 3:20 AM

රෝහිතගේ දුව සයිටම් එකට දාන්න නාමල් එක්ක ගිය හැටි..!

ආන්දෝලනයට ලක්ව තිබෙන මාළඹේ පුද්ගලික වෛද්‍ය පීඨය සයිටම් ආයතනයට දිගුකලෙක සිට විරෝධතා පැවතුණද පසුගිය රජය සමයේ විවිධ ආධාර අනුබල ලැබිණි.පහතින් දැක්වෙන්නේ එවක ජාතිය ගොඩනැංවීමේ ඇමති රෝහිත අබේගුණවර්ධනගේ දියණිය සයිටම් ආයතනයට ඇතුලත් කිරීමට රෝහිත අමාත්‍යවරයා සමග එදින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද සයිටම් ආයතනය වෙත ගොස් තිබෙනවා.වැඩි දුරටත් සයිටම් විශ්ව විද්‍යාලයේ සිසුන් සදහන් කරන්නේ නිතිණි අබේගුණවර්ධන සයිටම් විශ්වවිද්‍යාලය තුල ඉහල අවධානයක් ලබාගැනීමේ අරමුණින් විශ්ව විද්‍යාලයට ඇතුල් වන දිනයේ නාමල් මන්ත්‍රීවරයාට කල ඉල්ලීමකට අනුව නාමල් රාජපක්ෂ පැමිණි බවයි.ඉන් අනතුරුව නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ සයිටම් විශ්ව විද්‍යාලය නාමල් මන්ත්‍රීවරයාට සයිටම් ආයතනයේ කාර්යමණ්ඩල විසින් නිරීක්ෂණ චාර්කාවද රැගෙන ගොස් තිබෙනවා. එම චාරිකාවට එවක සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායකද එක්ව සිටියහ.

Saturday, January 28, 2017

Hirunika Premachandra moves to new residence

By: Prosperity Tech On: 5:14 PM

මේ ටිකේ මම ඉන්නෙ අසනීපෙන් හිරුණිකා නොකියා කියන රහස ?

දේශපාලන ලෝකයේ පෙරළිකාර චරිතයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිළිබඳ ලැබුණු අලුත්ම ආරංචියක් ගැන අහන්න හිතාගෙන තමයි ඔන්න කතාව පටන් ගත්තේ

හැමෝම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියලා කතා කෙරුවට සම්පූර්ණ නම දැනගන්න කැමතියි?

මගේ සම්පූර්ණ නම හිරුණිකා එරංජලි ප්‍රේමචන්ද්‍ර.

ඔයාගේ සහකරුගේ නමත් මතක් කෙරුවොත්. අපි දන්න තරමින් නම් දෙකත් බොහෝ සමානයි.?

එයා හිරාන් එරන්ද යටෝවිට.

Friday, January 20, 2017

Gampaha New culture among tutition students

By: Prosperity Tech On: 7:21 AM

ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර ලිංගික උප සංස්කෘතියක් 

ගම්පහ මහ නගර සභා සීමාව තුළ ඇති ඔසුසල් වලින් පවුල් සැලසුම් උපකරණ සහ ලිංගික උත්තේජන සඳහා වන පෙති වර්ග වැඩිපුර අලෙවි වන බව කලක සිට තමන්ට දැනගන්නට ලැබුණු බවත් ඒ පිළිබඳව කළ වැඩිදුර විමසීමක දී ඒවා වැඩි වශයෙන් අලෙවි වනුයේ උපකාරක පන්ති සඳහා ගම්පහ නගරයට පැමිණෙන තරුණ සිසු සිසුවියන් හට බව අනාවරණය වූ බවත් ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතා කීය.

Thursday, November 10, 2016

Man arrested for sexually abusing air hostess

By: Prosperity Tech On: 6:16 AM

නරුමයෙකු අතින් මහ රෑ දූෂණය වී හිතේ හයියෙන් ඔහුට පාඩමක් ඉගැන්වූ අපේ ගුවන්සේවිකාවගේ පුංචි මොලේ

පසුගියදා ගුවන් සේවිකාවකගේ නිවහනට පැන අයව දූෂණය කළ පුද්ගලයෙකුව උපාය මාර්ගයෙන් පොලිසියට අල්ලා දුන් තරුණියක් සම්බන්දයෙන් පුවතක් වාර්තා වුණා. ඒ සිද්ධියේදී ඇය ක්‍රියාකල ආකාරය නිසාවෙන් ඇයගේ ජීවිතය සේම අපරාධකාරයාද පොලිසියට කොටු වූ ආකාරය සම්බන්ධයෙන් සති අන්ත පුවත් පතක් මෙලෙසින් වාර්තා කර තිබුණා.
අයෝමි ප්‍රනාන්දු ගල්කිස්‌ස ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණියකි. උසට සරිලන මහතකින් යුක්‌ත වූ ඇය ඉන්දියානු නිළියක මෙන් රූමත් වූවාය. සිහින් සිරුර පුළුලුකුල ඇයට ගෙන ආවේ අමුතුම ලස්‌සනකි. සිනහ වන විට වක ගැහෙන කම්මුල් දෙකෙන් කියාපෑවේ ඇයගේ සිරියාවයි. අයෝමි දුටු කෙනකු කිහිප වරක්‌ම ඇය දෙස බලනුයේ මිහිපිට සිටින දෙවඟනක්‌ යෑයි සිතමින්ය. ඒ තරමටම ඇය සුන්දරය.
මෙරට ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක සේවයට ඇය සම්බන්ධ වන්නේ මීට වසර කිහිපයකට පෙරයි. ඇයගේ රූමත් බව එම රැකියාව ලැබීමට බලවත්ම සාධකයක්‌ වූවාය. කලක්‌ ගල්කිස්‌සේ දෙමාපියන් සමඟ ජීවත් වූ ඇය පසුකාලීනව රාජගිරියේ නිවසක්‌ කුලියට ගෙන තනිවම ජීවත් වූවාය. ඒ රැකියාවට යැමේ පහසුව සහ තවත් පෞද්ගලික කාරණා රැසක්‌ මතයි.

Friday, October 21, 2016

Law of the ownership of the vehicle

By: Prosperity Tech On: 9:46 PM

මුල් අයිතිකරුගෙන් වාහනය පවරා නැත්නම් අත්අඩංගුවට - මෙන්න ක්‍රියාත්මක නීතිය

මුල් අයිතිකරුගෙන් පවරා නොගෙන ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීමට රජය තීරණය කර තිඛෙනවා. එවැනි පවරා නොමැති වාහන මුල් අයිතිකරුගෙන් පවරා ගැනීම සඳහා සැප්තැම්බර් පළමු වන දා සිට දෙසැම්බර් පළමු වන දා දක්වා සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති. එසේ සහන කාලය තුළ පවරා නොගන්නා වාහන ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට තීරණය කර ඇත්තේ වංචා අවම කිරීමට බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කර තිඛෙනවා.

Wednesday, October 19, 2016

Lady accuses a minister in front of president

By: Prosperity Tech On: 9:53 AM

බොරු පොරොන්දු දුන් ඇමතිට ජනපති ඉදිරියේ වෙච්චි දේ

නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යංශයේ ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ක්‍රියාවට නැංවු “ මහියංගන හා රිදිමාලියද්ද පානීය ජල යෝජනා ක්‍රමය“ නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ හකිම් මහතාගේ හා නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රණාන්දුපුල්ලේ මහත්මියගේ ආරාධනයෙන් අද (19) දින උදැසන 9.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරුනා.

එය මහියංගන හා රිදිමාලියද්ද ප්‍රදේශවල පවතින නිරන්තර ජල ගැටලුවට විසදුමක් ලෙස ආරම්භ කරනු ලැබුකි. ජනහමුව අවසානයේ ජනපතිතුමන් ජනතාව අතරට ගිය අවස්ථාවේ කාන්තාවක් ඇගේ දුක ජනපතිතුමන් හමුවේ ඉදිරිපත් කරන විට ලක්ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යවරයාද එම සමිපයට යාමත් සමග කාන්තාවක් එකවරම ඇමතිවරයා හට චෝදනා කළා.

මිට අදාල වීඩියෝව පහතින්

Sunday, October 16, 2016

Kaveesha Ayeshani's accident pictures

By: Prosperity Tech On: 3:35 AM

නිළි කවීෂාගේ ජීවිතය උදුරාගත් මාරක රිය අනතුරේ ඡායාරූප - Photos


නිළි කවීෂා අයේෂානි අද අළුයම ඇයගේම මෝටර් රථයෙන් අනතුරට ලක්ව මියගිය මාරක අනතුරේ ඡායාරූප මේ වන විට citizen.lk අපවෙත ලැබී තිබෙනවා. එහි දැක්වෙන ආකාරයට මෝටර් රථයේ පසුපස කොටසට මෙම අනතුරෙන් දැඩි හානි සිදුව තිබෙනවා. රියදුරු අසුන ඇති ස්ථානයේ එතරම් හානි සිදුව නැතිවුනත් කවීෂාගේ හිස අනතුරත් සමඟින් මෝටර් රථයේම වැදීමෙන් හිසට ලේ ගමන්කර තිබෙනවා. ඒ හේතුවෙනුයි ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව citizen.lk අපට දැනගන්නට ලැබුණේ. මේ එම අනතුරේ ඡායාරූපයි.....

Monday, October 3, 2016

Nelu adikari - 15 years in music field

By: Prosperity Tech On: 2:05 AM

රැල්ලට දුවලා හති වැටෙන්න මං ආස නැහැ

නෙලූගේ සංගීත දිවියට වසර 15 ය
නෙලූ ලයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගය 9 වැනිදා

සහස්‍රකය (2000) ආරම්භක සමයේදී වෘත්තීය ගායන ක්ෂේත්‍රයට පිවිසි නෙලූ අධිකාරි ඉතාම නිහඬව සාර්ථක ගමනක් සපැමිණි ගායිකාවක් හැටියට හැඳින්විය හැකිය. ගායන දිවියේ සුවිශේෂ කඩඉමක් සනිටුහන් කරමින් වෘත්තිය ගායන දිවියට වසර 15ක් පිරීම නිමිතිකොට ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ නමින් සංගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමට ඇය මේ දිනවල සූදානම් වේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) මේ මස 9 වැනිදා සවස 6.30 ට පැවැත්වීමට නියමිත එම ප්‍රසංගයේ තොරතුරු ගැනත් නෙලූ අධිකාරිගේ ගායන දිවිය ගැනත් කළ පිළිසඳරකි මේ.
 • ඔබ මේ පවත්වන්නට යන ප්‍රසංගය ගැන මුලින් කතා කළොත්...
මේ මස 9 වැනිදා බීඑම්අයිසීඑච් පරිශ්‍රයේදී ‘නෙලූ ලයිව් ඉන් කොන්සර්ට්’ නමින් මගේ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට මා අදහස් කළා.

• ඇයි මෙවැනි ප්‍රසංගයක් ඔබ පවත්වන්න අදහස් කළේ...
මෙහෙමයි, මම වෘත්තීය ගායන ක්ෂේත්‍රයට පිවිසිලා මේ වසරට අවුරුදු 15ක් වෙනවා. එම නිසා මම හිතුවා දැන් මම ගායන ක්ෂේත්‍රයට දායාද කරලා තිබෙන මගේම කියන නිර්මාණ එකතු කරලා ප්‍රසංගයක් පැවැත්වීමට මට දැන් ශක්තිය තියෙනවා කියලා. ඒ වගේම තවත් සුවිශේෂ වූ කරුණු කාරණා කිහිපයකුත් ඊට හේතු වුණා.

Sunday, September 25, 2016

Rolls Royce Wraith in Sri Lanka

By: Prosperity Tech On: 12:25 AM

ලංකාවට මෙතෙක් ගෙනා මිළ වැඩිම කාර් රථය දැන් වරායේ – ඡායාරූප මෙන්න (PHOTOS)

ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය මේ වන විට වරායට ගෙනවිත් තිබෙනවා.

Rolls Royce Wraith මාදිලියේ මෙම රථය බදු ගෙවූ පසුව රුපියල් මිලියන 158ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

මෙහි ඡායාරූප පහතින් දැක්වෙනවා.

Tuesday, September 13, 2016

Duminda Silva's facebook account activated

By: Prosperity Tech On: 11:13 AM

එල්ලුම් ගහට ගිය දුමින්දගේ ෆේස්බුක් ගිණුම හදිසියේ සක්‍රිය වෙයි – ඡායාරූප කිහිපයක් එළිදක්වයි (PHOTOS)

මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට දැනට පැය කිහිපයකට පෙර ඡායාරූප කිහිපයක් එක්කර තිබෙනවා. මුල්ලේරියාව වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව ඔහුගේ හිසට සිදුවූ හානිය පිළිබඳව එම ඡායාරූප මගින් පැහැදිලි කර තිබෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන්ගේ හිසට වෙඩි වැදී තිබූ අයුරු දැක්වෙන ඡායාරූපයක් මීට දින කිහිපයකට පෙර ෆේස්බුක් වෙත එක්කර තිබුණා. දුමින්දගේ ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කර ඇත්තේ පසුගිය අප්‍රේල් 13 වැනිදාට පසුවයි.

Monday, September 12, 2016

Hirunika Premachandra Releases murdered Bharath's photos

By: Prosperity Tech On: 7:23 AM

භාරතට වෙඩි තැබූ ඡායාරූපය හිරුණිකා පළමු වරට හෙළි කරයි (PHOTOS)

සිය පියාගේ හිසට එල්ල වී තිබූ වෙඩි ප්‍රහාරය දුටුවිට එවැනි ප්‍රහාරයකට ගොදුරුවූවෙකුට එකදු තත්පරයක්වත් ජිවත්වය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. සිය පියාවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ හිසට වෙඩි වැදී තිබුණ අයුරු දැක්වෙන ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධ කරමින් ඇය මේ බව සඳහන් කරන්නීය. එසේම එම ඡායාරූපය පළ කරන්නේ ප්‍රථම වතාවට බවත් තම පියාගේ හිසට එල්ල වූ වෙඩි පහර පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සිටින්නන්ට දැන ගැනීමට බවත් ඇය පවසන්නීය.
"මේ පිංතූරය දකින හැම වෙලාවකම මම හිතන්නේ එය ඇත්ත ඡායාරූපයක් නොවෙයි කියලයි. මොකද මම හැමවෙලාවෙම මතක තිබෙන්නේ ඔහුගේ සිනහවින් පිරුණ ඔහුගේ කඩවසම් මුහුණයි. මගේ ජීවිතයේ පළමුවරට තමයි මෙම ඡායාරූපය පළ කරන්නේ. ඔබගේ අනුකම්පාව පිණිස නොවෙයි. නමුත් මෙයින් ඔබට දැනගත හැකිවේවි ඔහුගේ හිසට වෙඩි පහර එල්ල වී තිබුණේ කෙසේද කියා. මෙවැනි වෙඩි පහරකින් පසුව තත්පරයක්පවා ජීවත්වීම සිදුවිය නොහැක්කක්.. යමක් සිතන්නට.." යැයි ඇය ඡායාරූපය ඉදිරිපත් කරමින් පවසයි.

Thursday, September 8, 2016

Hirunika Premachandra's speech to media after court decision

By: Prosperity Tech On: 10:30 AM

තීරණය ගැන සතුටු වෙන්නෙ නෑ - හිරුණිකා අඬමින් කියයි


සිය පියා මරා දැමූ පස් දෙනෙකුට මරණ දඬුවම පනවමින් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඒ වෙනුවෙන් කැපවී වෙහෙසුන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත පැමිණියේ හඬා වැලපෙමිනි. අනපේක්ෂිත ලෙස ඇය කියා සිටියේ තීන්දුව ගැන තමා සතුටුවෙන්නේ නැති බවයි. ඇය මෙසේ කියා තිබුනි.
ආණ්ඩුව වෙනස්වුණ නිසා සමහරවිට මේ තීන්දුව වෙනස් වුණා වෙන්න පුළුවන්. අලූත් ජනාධිපතිතුමෙක් මේ රටට ඇවිල්ල තියෙන නිසා තමයි අද අපිට හරි තීන්දුවක් ලැබුනේ. තීන්දුව ගැන මට සතුටුවෙන්න බැහැ මොකද හැම කෙනාටම සහනයක් ලබාදුන් නැති නිසා. තව කෙනෙකුට කරදරයක් වෙනව බලල සතුටුවෙන්න තරම් අමානුෂික නෑ අපි. මට අදටත් ගෙදර ගිහාම තාත්තව මතක් වෙනව.කටහඬ ඇහෙනවා.

එම කතාවේ වීඩියෝව පහතින්


Duminda Silva sentenced to death for Bharatha Lakshman murder

By: Prosperity Tech On: 6:43 AM

දුමින්ද සිල්වාට මරණ දඬුවම

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 5ස් දෙනෙකුට මරණ දඬුවම නියම කෙරිණි.
මරණ දඬුවම නියම වූයේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, ප්‍රියන්ත ජනක බණ්ඩාර යන අයට යි.

ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලගොඩ අතුරුදන්ව ඇතැයි නඩු විභාගයේදී අනාවරණය විය. නඩුවේ සෙසු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය කියා සිටියේ, දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා මෙම අපරාධයට නායකත්වය ලබා දී ඇති බව ය. ඔහු එම අවස්ථාවේ බීමත්ව සිට ඇති බව ත් අධිකරණය කියා සිටියේ ය.
ශිරාන් ගුණරත්න, පද්මිනී රණවක ගුණතිලක සහ එම්.සී.ජී.එස්. මොරායස් යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය ආරම්භ වූයේ, 2015 ඔක්තෝබර් 12 වන දින යි.

පළාත් පාලන මැතිවරණය පැවති 2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා මුල්ලේරියාව වල්පොළ මංසන්ධියේදී සිදු වූ වෙඩි හුවමාරුවකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් මිය ගියහ.

නඩුවේ සෙසු විත්තිකරුවන් වූයේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, ලංකා රසාංජන, ඩබ්ලිව්.ඒ. මාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, චමින්ද සමන්කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි ෂාමින්ද යන අය යි.


Wednesday, August 31, 2016

AL Student girl raped

By: Prosperity Tech On: 1:47 AM

උසස්පෙල අතරතුර සිසුවිය දූෂණය කරලා: සැඟවුණු අපරාධය හෙළිවෙයි

පසුගිය දා නිමා වූ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක්, විභාගයට මුහුණ දී නිවස බලා යමින් සිටිය දී පොල්වත්තකට රැගෙන ගොස් දූෂණය කර ඇති පුවතක් සඳලංකාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.සිසුවියගේ පෙම්වතා බව පැවසෙන ස්ත්‍රී දූෂණය සිදු කළ තරුණයා සොයා දංකොටුව පොලීසිය මේවන විටත් පරීක්ෂණ අරඹා තිබෙනවා.පසුගිය 7වැනි දා මෙම සිසුවිය උසස් පෙළ විභාගයට පෙනී සිට සිය නිවස බලා පැමිණෙන අතරතුර පොල්වත්තක් තුළට රැගෙන ගොස් දූෂණය කළ බවට යි ඇය අනාවරණය කර තිබෙන්නේ.
තමන් පෙනීසිටින විභාගයට මෙම සිද්ධියෙන් බාධාවක් වේවි යැයි සිතූ නිසා සිසුවිය මේ පිළිබඳව කිසිවෙකුට හෙළි නොකර ඇති අතර විභාගය අවසන් වීමෙන් අනතුරුව තමන්ට සිදුවී ඇති අපරාධය සම්බන්ධයෙන් තම මව සමග පවසා තිබෙනවා.

පසුව සිසුවියගේ මව විසින් පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන අතර අදාළ තරුණයා සෙයා විමර්ශන ආරම්භ කර ඇත්තේ ඒ අනුව යි.

දූෂණයට ලක්ව ඇති පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහරෝහල වෙත යොමු කර තිබෙනවා.

Tuesday, August 30, 2016

Motor Bike Accident In Padukka Road CCTV Footage

By: Prosperity Tech On: 5:30 AM

රිය අනතුරක CCTV දර්ශන ලබාදුනාට නිරුවත් දර්ශන පෙන්නලා

පසුගිය පසුගිය දිනෙක පාදුක්ක මලගල මාර්ගයේ කැබ් රථයක ගැටුණු යතුරුපැදි කරුවෙක් ලයිට් කණුවක වැදී මියමියගියා.

අසල පිහිටි නිවසක සාදයක් පැවති අතර,එම නිවසේ සිට අපරික්ෂාකාරී අයුරින් කැබ් රියක් පදවාගෙන පැමිණ තිබෙනවා.මෙම කැබ් රියේ ගැටී 19 හැවිරිදි තරුණයෙක් මියගියා.

පසුව කල පරීක්ෂණයකදී අනාවරණය වුයේ මෙම කැබ් රථය පදවා ඇත්තේ 17 හැවිරිදි තරුණයෙක් බවයි.


අනතුරුව මෙම රථය පැදවූ 17 හැවිරිදි තරුණයා පොලිස් අත්අඩංගුවට පත්වුණා.

මේ සිදුවීම් සියල්ල සාදය පැවති නිවසට යාබද නිවසක තිබූ සිසිටීවී කැමරාවක් සටහන් වී තිබුණා.

පසුව මෙම දර්ශන ඔවුන් පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබුණා.

ඉන්පසුව දිගින් දිගටම මෙම නිවසේ පුද්ගලයින්ට සාදය පැවති නිවසේ සිටි අයගෙන් තර්ජන ගර්ජන එල්ලවන බවයි වාර්තාවන්නේ.

පසුගිය ඉරිසා රාත්‍රියේ සිසිටීවී තිබු ස්ථානය පැමිණි මෙම පුද්ගලයින් පරුෂ වචනයෙන් බැණ වදිමින් නිරුවත් පෙන්වමින් හැසිරුණ බවයි එම නිවෙස් හිමියන් ප්‍රකාශ කරන්නේ..

ඔවුන් නිරුවත පෙන්වන මොහොතේ වීඩියෝව සහ හැපෙන මොහොතේ වීඩියෝ පහතින්..


Sunday, August 28, 2016

Two daughters raped by matchmaker

By: Prosperity Tech On: 11:10 PM

පියාගේ ලෙඩේ හොඳ කරන්න කියලා දියණියන් දෙදෙනාව කෙළෙසූ කපුවා

මානසික රෝගයක් සුවකිරීමට බව පවසා අවුරුදු 22 ක හා 20 ක දියණියන් දෙදෙනෙකු දූෂණය කළ 55 හැවිරිදි වියේ පසුවූ කපුවෙකු ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලග්ගල පැත්තේ ජීවත්වූ මෙම දියණියන්ගේ පියාගේ මානසික රෝගයක් සුව කිරීමට ලිංගික ඇසුරක් පැවැත්විය යුතු බව පවසායි දියණියන් දෙදෙනාව දූෂණය කර ඇත්තේ.

මෙම සැකකාර කපුවා කැකිරාව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අසනීප තත්ත්වයේ පසුවූ පියා සුවපත් කර ගැනීමට අවශ්‍ය නිසා කපුවාගේ ගොදුරු බවට පත්වූ දූවරුන් දෙදෙනා තමන්ට සිදුවූ මෙම සිද්ධිය ගැන නාඋල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ලග්ගල පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

Saturday, August 27, 2016

Nanu Oya shooting - businessman killed

By: Prosperity Tech On: 12:09 PM

පිලිමතලාවේ ව්‍යාපාරිකයා නාඳුනන තුවක්කුකරුවකුට බිලි වූ CCTV දර්ශන 

මෙම ව්‍යාපාරිකයා පේරාදෙණිය පිළිමතලාව ප්රදේශයේ වෙඩි තබා ඝාතනය කර තිබේ.

පිළිමතලාව දී අවන්හලකට යතුරු පැදියකින් පැමිණ හිමිකරු වෙඩි තබා ඝාතනය කළ නාඳුනන තුවක්කුකරුවන් පලාගොස් ඇත.
 සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ පිළිමතලාව දී නානුඔය සිට 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඝාතනය හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පේරාදෙණිය පොලිසිය සැකකරුවන් හඳුනා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත. Watch Video Bellow..


An Interview with young Kusal Mendis

By: Prosperity Tech On: 11:15 AM

Kusal Mendis

කුසල් මෙන්ඩිස් වේල්ස් කුමාර විද්‍යාලිය ක්‍රිකට් නායකයා වශයෙන් කියපු ආන්දෝලනාත්මක කතාව මෙන්න (VIDEO)

ඒ 2012 මොරටුව වේල්ස් කුමාර විද්‍යාලිය ක්‍රිකට් පිලේ නායකයා වශයෙන්.බලන්න එදා කුසල් කියන දේ සහ අනාගතය දැක්ක අන්දම .
..මොන තරම් දෙවෝපගත සත්‍යයක්ද කියා ...
කුසල්ට සියල් සපිරි හෙට දවසක් ප්‍රර්ථනා කරමු...!!!
Watch Video bellow ..

Thursday, August 25, 2016

Bodubalasena despites Ranil Wickramasinhe

By: Prosperity Tech On: 8:39 PM

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින්ගේ “අභද්‍ර වචන” වලට බොදු බල සේනා විරෝධය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සදහා බුදුන් වහන්සේට අගෞරව වන පරිදි පසුගියදා දැක්වූ අදහස් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය දැඩි අප්‍රසාදය පලකර තිබෙනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ මෙවැනි ප්‍රකාශවලට හේතුව අගමැතිවරයා වට කරගෙන එජාපය ආක්‍රමණය කර ඇති යෝහොවාවදී මුලධර්මවදී කල්ලි වල ග්‍රහණයට අසු වීමදැයි සැක මතුවන බවයි.



2016 අගෝස්තු 23

බොදු බල සේනා මාධ්‍ය නිවේදනය

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින්ගේ “අභද්‍ර වචන” වලට බොදු බල සේනා සංවේගය හා විරෝධය

බුදු දහම දහම යනු අවබෝධකරගත් ලෝක සත්‍යයයි. එය චතුරාර්ය සත්‍යය පදනම්කොට හේතුඵල ධර්මය මත පදනම්වී ආර්යය අෂ්ටාංගික මාර්ගය හා මැදුම් පිළිවෙත ප්‍රවර්ධනය කරනු ලබන ලෞකික ජීවිතය ජයගනිමින් ලෝකෝත්තර ජීවිතය ජයගැනීමට උගන්වනු ලබන විචාරශීලී දර්ශනයකි. මෙම ධර්මයට හෝ එහි ශාස්තෘවරයා වන බුදු හිමිට අගෞරව කිරීම ප්‍රයෝගිකව සිදු කල නොවන්නේ මේ ධර්මයේ ඇති සත්‍යවාදී ගුණය නිසාවෙනි. එහෙත් බෞද්ධ දර්ශනය හා බැඳුනු සංස්කෘතිය පිලිබඳ විවිධ මත තිබිය හැක. කෙසේ වුවද මේ රටේ පමණක් නොව සමස්ත ලෝකයේම ආදරයට හා ගෞරවයට පත්‍ර වී ඇති බුදු හිමියන්ට ගෞරව කිරීම අප රටේ සිරිතකි.

පසුකාලීනව මෙම තත්වය හිතාමතාම වෙනස් කිරීමට අවිද්‍යාත්මක ආගමික හා දුෂ්ට බලවේග විසින් කටයුතු කරනු ලැබිය හැක. මේ තත්වය අද දේශපාලන කරලියටද පැමිණ තිබීම කනගාටුවකි. 2016 අගෝස්තු මස 22 හෝ ආසන්න දිනකදී මේ රටේ අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා “බුදු හිමි” සම්බන්ද කර ගැනීමට ගනු ලැබූ උත්සහාය බොදු බල සේනා පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ප්‍රකාශ කරමු.

මෙහිදී අපට රටේ අගමැතිවරයා මෙලෙස කතා කිරීම බොහෝ දෙනාට සැකයන් කිහිපයක් ඇති වීම වැළක්විය නොහැක.

1) සිංහල භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීම පිලිබඳ අගමැතිවරයාට ඇති නොහැකියාව තුල සිංහල ඔහුගේ මව්භාෂාව වන්නේ ද යන්න.

2) අගමැතිවරයා වට කරගෙන එජාපය ආක්‍රමණය කර ඇති යෝහොවාවදී මුලධර්මවදී කල්ලි වල ග්‍රහණයට අසු වී ඇති බව.

3) අගමැතිවරයා ” බුදු හිමි මිනි මස් කන” බව කියා අපහාස කල වහාබ්වාදී තවුහිද් ජමාත් වැනි සංවිධානයක සාමාජිකයෙක්ද යන්න

4) මේ රට තුල අරාබි කොලනියක් බිහි කිරීමට විලපත්තුව විනාශ කරන කණ්ඩායම වලින් ආධාර ලැබීම . (ඇමරිකාවේ නායකයින්ද අරාබි මුදලට යට වන විට මේ රටේ නායකයින් මෙලෙස අරාබි ඩොලර වලට යටවීම සිදුවීම සැක සහිතය.)

5) සෝවාන් සහතික දෙන හා සොවන්ලාභී යයි කියාගන්නා මිස දුටු පිරිස් ඇසුරෙන් ඇති වූ මානසික අකුලතාව

මෙලෙස කෙතරම් සැක ජනතාව තුල ඇති වුවද බොදු බල සේනාවට ඇති සැකය නම්

ඉන්දියාව, චීනය, යුරෝපය ඉදිරියේ දනින් වැටී මිස මේ රට ගොඩ නැගීමට වර්තමාන නායකයින්ට පැහැදිලි දේශපාලන දර්ශනයක් නොමැත. වර්තමාන නායකයින් මෙම ජාත්‍යන්තර බලවේග වල අතකොලු බවට පත් වී ඇත. ණය ගැනීම, බදු අයකිරීම හා ජනතා මුදල් සොරා කෑම හැර වෙන සරණක් මෙම නායකයින්ට නොමැත. රට තුල ඇති ජනතා අවශ්‍යතාවයන් තේරුම් ගැනීමට හා ගැටළු විසඳීමට පැහැදිලි ශක්තියක් නොමැත.

ඉහත ප්‍රකාශය ඇතුළු රටේ නායකයින් පසුගිය දිනවල කරන ප්‍රකාශ පිලිබඳ සැලකීමේදී පැහැදිලි වන්නේ මෙවැනි පිරිස්වලට රටේ පාලන බලය සිය අතට ලැබීම “වදුරන්න්ට දැලි පිහි ලැබීම” හෙවත් ” දොරටුපාලයන් රජවීම” වැනි තත්වයක් බවත් , බලය ලැබීම දරා ගැනීමට නොහැකි වීම තුල යම් මානසික ආතතියකට හෝ විශාදියකට එහා ගිය මානසික රෝගී තත්වයක් මොවුන්ට වැලදීඇති බවය.

බොදු බල සේනා දුක් වන්නේ “අපේ රටේ ප්‍රධාන නායකයින්ගේ මානසික රෝගී තත්වය” නිසා නොව ඒ නිසා අපේ රට, ජාතිය හා ආගම ට සිදු වන නැවත අලුත්වැඩියා කිරීමට දුෂ්කර වන අනතුරුදායක හානිකර තත්වය පිලිබඳවය.

කෙසේ වුවද, සියල්ලටමවඩා මැතිවරණ කොමිසමට ඉතා වැදගත් රාජකාරියක් දෙකක් භාරය.

එක, රටේ නායකයින්ගේ හා මන්ත්‍රීවරුන්ගේ මොළ පරීක්ෂා කිරීමට විදේශ නීරික්ෂක වෛද්‍ය කණ්ඩායමක් වහාම ගෙන්වා ව්‍යවස්ථානුකුලව ගත යුතු ක්‍රියා මාර්ග ගැනීම

දෙවැන්න, වසර 70 ක් තිස්සේ හරි හරියට අපේ රට පාලනය කිරීම භාර ගත් එජාපය හා ශ්‍රීලනිපය ප්‍රමුඛ දේශපාලන පක්ෂ අද මේ රට හා ජනතාව දමා ඇති අභාග්‍යසම්පන්න තත්වය සැලකිල්ලට ගෙන “අපොහොස්ත්වුවන්” ලෙස වර්ගීකරණය කොට එම පක්ෂ “අසාදු ලේඛනගත කිරීම පිණිස ක්‍රියා මාර්ග ගැනීමය.

සම්බුද්ධ ශාසනය පෝෂණය කොට සුරැකීමට දිවුරුම්දුන් රටේ නායකයින්ගේ මේවනවිට එය විනාශකර දැමීමේ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීම ඉතා කණගාටුදායක තත්වයකි.

බොදු බල සේනා මාධ්‍ය අංශය