Thursday, May 28, 2015

Tagged Under: ,

Suspects of Kotakethana murder are released

By: Prosperity Tech On: 6:52 AM

රටම කැළඹු කොටකෙතනේ තීන්දුව නිකුත් වෙයි - අම්මයි දුවයි මැරූ බව කී පිරිසට නිදහස හිමිවේ

දියණිය කපා කොටා ගිනිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ තිදෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද(28) නියෝග කළා. එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මියයි. විනිසුරුවරිය සඳහන් කළේ අදාළ චෝදනා සහ සාක්ෂි පරස්පර විරෝධී බවයි.

ලියනආරච්චිගේ ප්‍රේමවතී නමැති 63 හැවිරිදි මව සහ 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි නමැති ඇගේ දියණිය කපා කොටා ගිනිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාමල් චමින්ද සිල්වා,සිසිර කුමාර සහ එල්.ජී. මිතිල චෝදනා ලැබ සිටියා.

2012 ජූලි 19 වැනිදා මෙම ඝාතන සිදුකර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ බී 503/12 ලෙසින් පවත්වාගෙන ගිය මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය හමුවේ පසුව විභාග වුණා.

නීතිපතිවරයාගේ සමාව ලැබ පැමිණිල්ල වෙනුවෙන් අපරාධ සහායකයකු වන ආචාරිගේ සිරිපාල මෙම නඩුවේ දී සාක්කි දුන්නා.

පසුගිය නඩු වාරයක දී ජීන් ටෙක්” ආයතනය වෙනුවෙන් මහාචාර්ය රුවන් ඉලේපෙරුම මහතා සාක්කි ලබාදෙමින් රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පල ආටිගල මහතා මරණකාරිනියන්ගේ ස්ත්‍රී ලිංග තුළ තිබූ ස‍්‍රාවයන් පිස්න ආකාරයෙන් ලබාගෙන තමන් වෙත එවූ බවත් පුෂ්පකුමාරිගේ ස්ත්‍රී ලිංගය තුළ තිබී පුරුෂ ධාතු සොයාගත් බවත් එම පුරුෂ ධාතු මෙම විත්තිකරුවන් තිදෙනා හා සිරිපාලගේ ඩී.එන්.ඒ. රටාවන් සමග නොගැළපුණු අන්දමත් හෙළි කළා.

ඇගේ යෝනිය තුළ සොයා ගත් ශුක්‍රාණු වල ඩී.එන්.ඒ.රටාව පරිගණකයට ඇතුල් කළ විගසම එමඩී.එන්.ඒ. රටාවට සමාන ඩී.එන්.ඒ. රටාවක් ඇති පුද්ගලයකුගේ සාම්පලයක් මීට පෙර පරීක්ෂා කර ඇති බව පෙන්වනු ලැබු බවත් ඊට පෙර සිදුකළ ද්විත්ව කාන්තා ඝාතනයටත් අමතරව එම අපරාධකරු තවත් කාන්තා ඝාතන දෙකකට සම්බන්ධ බව පරීක්ෂණවලදී හෙළි වූ බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නා.




ඝාතනයට ලක්වූ හේවාගමගේ පුෂ්පකුමාරි

නීතිපතිවරයාගේ සමාව ලැබ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් ආචාරිගේ සිරිපාල


සිසිර කුමාර


එල්.ජී. මිතිල

නාමල් චමින්ද සිල්වා

රටම කැළඹු කොටකෙතනේ තීන්දුව නිකුත් වෙයි - අම්මයි දුවයි මැරූ බව කී පිරිසට නිදහස හිමිවේ


hirufm.lk









0 comments:

Post a Comment