Thursday, May 28, 2015

Tagged Under: , ,

Husband turns to be a woman

By: Prosperity Tech On: 7:46 PM

වැලිගමදී වසර අටක් පවුල් කෑ සැමියා පිරිමියෙක් නොව ගැහැනියක බව හෙළිවෙලා.. නිදියහනේදී පවා ඉන්නේ පිරිමි ඇඳුමින් ලූ‍...

පුවත්පතක පළ වූ මංගල යෝජනාවක් අනුව වසර අටකට පෙර තමන් විවාහ කරගත් සැමියා පිළිබඳ සැක බවට කාන්තාවක පොලිසියට කළ ප්‍රකාශයක් අනුව සිදු කළ විමර්ශනයකින් පසු ඇය විවාහ කරගෙන ඇත්තේ පිරිමි වෙස් ගත් කාන්තාවක බව අනාවරණය කර ගැනීමට වැලිගම පොලිසිය සමත්ව ඇත.

පදවිය, වැලිඔය, ඇහැටුගස්වැව පදිංචි පිරිමි වෙස්ගත් කාන්තාව වැලිගම පදිංචි 30 හැවිරිදි එක්දරු මවක විවාහ කරගෙන ඇත. එක්තරා පුද්ගලයකු අතින් අනාථ වී කුඩා දරුවකුද සමඟ ජීවත් වූ ඇය මොහු හඳුනාගෙන ඇත්තේ පුවත්පතක වූ මංගල යෝජනාවකිනි.
වෘත්තියෙන් පෙදරේරුවකු වන ඔහු සමඟ විවාහ වීමෙන් පසු කොළඹ ප්‍රදේශයේ කුලී නිවෙසක ජීවත් වී ඇති ඇයට ඔහු පිරිමියකු නොව ගැහැනියක බව හඳුනාගැනීමට නොහැකි වී තිබේ.

නිදියහනේදී පවා ඇඳුම් මාරුනාකිරීමටත් දවස මුළුල්ලේම පිරිමි ඇඳුමින් සැරසී සිටීමටත් මොහු ක්‍රියාකර ඇත. දැනට මාසයක පමණ කාලයක සිට ඇය තම දරුවාද සමඟ වැලිගම මවුපියන්ගේ නිවෙසට පැමිණ ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචියට ඇය අකැමැති වීම නිසාය.

එසේ වැලිගමට පැමි‚ පසු පුරුෂයාගෙන් ජීවත් වීමට මුදල් නොලැබීම හේතුවෙන් ඇය ඒ පිළිබඳ වැලිගම පොලිසියට පැමි‚ලි කර තිබේ.

වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලූ‍ගල මහතාගේ උපදෙස් අනුව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යූ.ජී. සෝමසිරි සහ සැරයන් නිමල් (27895) කාන්තා පොලිස් කොස්තාපල් සී.ඒ. ඉන්දිකා (5314) මහත්ම මහත්මීන් විසින් පැමි‚ලිකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී පුරුෂයා ගැන සැකයක් ඇති බවත් ඔහුගේ ඇඟපත පවා ස්පර්ශ කිරීමට කිසිම දිනයක ඉඩ නුදුන් බවත් පවසා තිබේ.

ඒ අනුව ඇයගේ පුරුෂයා බව කියන අය එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැලිගම දිසා රෝහලේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කරන ලදුව එම අය පිරිමියකු නොව කාන්තාවක බව හෙළිවී තිබේ.

40 හැවිරිදි වියේ පසුවන සැකකාර කාන්තාවගේ සැබෑ නම කුසුම් දිසනායක වුවත් කසුන් දිසානායක ලෙස එම නම ඇය වෙනස් කරගෙන තිබුණා. කෙසේ වෙතත් ඇයට තිබුනේ පිරිමි පෙනුමක් බව පොලිසිය සඳහන් කරනවා.

පුරුෂයකු ලෙස පෙනී සිටීම, ව්‍යාජ ලෙස විවාහයක් කරගැනීම, ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් ලබාගෙන තිබීම, ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් භාවිත කිරීම යන චෝදනා යටතේ එම සැකකාරිය මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වැලිගම පොලිසිය කටයුතු කළේය. ඇයව මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය වෙත ඊයේ (26) ඉදරිපත් කිරීමෙන් පසු ලබන මස 4 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියෝග කළා.

මෙම සිද්ධිය ආවරණය කරන්නට ඊයේ මාතර අධිකරණයට ගිය මාධ්‍යවේදීන්ට සැකකාර කාන්තාවගේ පාර්ශ්වයෙන් තර්ජන එල්ලවී ඇති අතර ඡායාරූප ගැනීමට පවා ඉඩදී නැත. එසේම ඇය පිරිමියෙකු ලෙස පෙනී සිටි කාන්තාවක යන්න සඳහන් නොකරන්නටද බලපෑම් එල්ල කර ඇත

0 comments:

Post a Comment