Tuesday, May 26, 2015

Tagged Under: , , ,

Vasu calls Ranil a “pakaya” in Parliament

By: Prosperity Tech On: 4:09 AM

වාසුදේව ගෙඩියා 

වාසුදේව නානායක්කාර යනු හිටපු ජාතික භාෂා ඇමතිවරයා ය. ඔහු පාර්ලිමේන්තුවේදී පකයා යන වදන හැන්සාඩ්ගත කරමින් ව්‍යවහාරයට රැගෙන තිබේ.

ඇත්තෙන් ම එය විශිෂ්ට සේවාවකි. මන්ද, මින් පසු අපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා වෙනත් දේශපාලකයන් සඳහා ඔය වචනය භාවිතා කළ හැකි ය.

පක යනු ගෙඩිය යන අරුත් දෙන වදනකි. එය සද්ධර්මරත්නාවලියේ මෙසේ යෙදේ. එක් දේවතා දුවණි කෙණෙක් තිඹිරි පකක් පිළි ගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙණෙක් කැකිරිපකක් පිළිගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙණෙක් බොරළු දමන පකක් පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය. (මුගලන් මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව)
පක යන්න පුරුෂ ලිංගය සම්බන්ධයෙන් යෙදෙන්නේ එය කිසියම් ආකාරයක දිගටි ගෙඩියක් වැනි දෙයක් නිසා විය හැකි ය.

එහෙත් වාසුදේව මෙම වදන යොදාගන්නේ ගෙඩියක තිබෙන පරිපූර්ණත්වය, සරුබව වැනි කරුණු මත පදනම්ව දේශපාලනික පරිපූර්ණත්වය පිළිබඳ ඇඟවීම පිණිස බව පෙනේ.

කොයි පැත්තෙන් බැලුවත්, දේශපාලකයන්ට මේ වදන හොඳින් ගැලපේ මේ වාසුදේව ගෙඩියා යනු කලක් අපගේ ගෞරවයට පාත්‍ර වූ වාමාංශිකයෙකි. එහෙත් මේ ගෙඩියා දැන් පෙනී සිටින්නේ රාජාණ්ඩුවක් ඇති කරන්නට, දූෂණය රජ කරන්නට හා භීෂණය නැවත ඇති කරන්නට ය. මේ ගෙඩියා දැන් ප්‍රජාතන්ත්‍ර විරෝධියෙකි. මොහු අවුරුදු 76ක් වයස ගෙඩියෙකි.

මෙවැනි වාමාංශික ගෙඩියන් වෙනුවෙන් අපගේ ජීවිත කාලයෙන් සැලකිය යුතු කාලයක් නාස්ති වීම ඇත්තට ම අපරාධයකි. කෙසේ වෙතත්, මේ ගෙඩියා මේ වදන පාර්ලිමේන්තුවට හඳුන්වා දීමෙන් කළ සේවය ගැන නම් අපි ඔහුට ස්තුතිවන්ත විය යුතු ය.

දැන් මේ ගෙඩියන් රැළ ගෙඩිහලේ සිටියා ඇති ය. ඒ නිසා දැන් මේ ගෙඩියන් වෙනුවට අලුත් ගෙඩියන් පිරිසක් පත් කර ගන්නට කාලය හරි ය. වාසුදේව ගෙඩියා හා ඔහුගේ රැළේ සෙසු ගෙඩියන් ගෙඩිහලෙන් නෙරපා හැරීම සඳහා කටයුතු කළ යුතු ය.

මෙතන පොඩි පරහක් තිබේ. පාර්ලිමේන්තුවට පත් වන ගැහැනුන්ට ආමන්ත්‍රණය කිරීම සඳහා ගෙඩියා යන වදන සුදුසු නැත. ඒ සඳහා ආසන්න වදන වන්නේ ---- යන්නයි. සුතනන් ඇත්තී සුත්තී හෙවත් ---- බව ඇතැමෙක් කියති. ඒ කෙසේ වෙතත්, මේ සඳහා සුදුසු ස්ත්‍රීලිංගික වදනක් නිර්මානය කර දීමේ කාර්යය ද වාසුදේව ගෙඩියා විසින් කර දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
(w3lanka.com)

0 comments:

Post a Comment