Friday, May 29, 2015

Tagged Under: , ,

Kahawatta Mother and Daughter Murderers Released

By: Prosperity Tech On: 7:38 PM

මේ අන්ත අහිංසක මිනිස්සු තුන්දෙනාව එල්ලූම් ගස් යවන්නයි පොලිසිය හැදුවෙ ඩීඑන්ඒ සාක්ෂිත් බොරු : මිනීමැරුම් 6 ම කළේ වෙන කෙනෙක්  - කහවත්ත විත්තිකරුවන්ගේ නීතීඥ


ඊයේ කහවත්ත කොටකෙතන මවක හා දියණියක ඝාතනය කිරීමේ සිද්ධියෙන් නිදොස් කොට නිදහස්වූ විත්තිකරුවන් දෙදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන කුරුප්පු තීන්දුවෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ මෙම නඩුව අහිංසක මිනිසුන් තුන්දෙනෙක් එල්ලූම්ගස් යවන්නට පොලිසිය හිතාමතා ගොනු කළ පට්ටපල් බොරු නඩුවක් බවයි. ඊයේ ඔවුන්ට යුක්තිය ඉටුවූ බවද ඔහු කියා සිටියා. නීතීඥවරයා මේ ගැන කියා සිටි අයුරු මෙසේය.
"මේක අධිකරණ ශාලාවෙ බිත්තිහතරෙන් එහාට ගිහිල්ලා මේ රටේ යුක්තිය සාධාරණය ගැන කතාවෙන නඩු තීන්දුවක්. මේ නඩුවෙ චූදිතයින්ට විරුද්ධව අමූලික පට්ටපල් බොරු නඩුවක් ගෙතුව කියන එකට මා විසින් දෙවැනි හා තෙවැනි විත්තිකරුවන් වෙනුවෙන්


ඩීඑන්ඒ සාක්ෂි ගෙනාවා. ඒ අනුව තහවුරු වුණා. කොටකෙතන ප්‍රදේශයේ සිද්ධ වෙච්ච කාන්තා ඝාතන 6 කට සම්බන්ධවුනේ එකම පුද්ගලයා කියන එක.

මා විසින් සාක්ෂියට කැෙඳව්වා මේ විමර්ශනයට සම්බන්ධ වෙච්ච පොලිස් නිලධාරීන්ගෙ දුරකථන වාර්තා. ඒ අනුව මං ඔප්පු කළා මේ චූදිතයින්ව අත්අඩංගුවට ගත්තයි කියන 2012 ඔක්තෝබර් 1 වනදා මේ නිලධාරීන් සියලූ දෙනා ඉඳල තියෙන්නෙ කොටකෙතන නෙමෙයි කොළඹ.

ඇත්ත අපරාධකාරයො අත්අඩංගුවට ගන්නෙ නැතිව කොහේහරි ඉන්න අන්ත අහිංසක මිනිස්සු තුන්දෙනෙක් අත්අඩංගුවට අරගෙන අමූලික බොරු නඩුවක් හදල ඒ මිනිස්සු එල්ලූම්ගස් යවලා තරු පළඳින්න හදපු පොලිස් නිලධාරීන්ගෙ නිරුවත එළිවෙච්ච නඩුවක් මේක.මේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේවි කියලත් මං හිතනවා.Z

ඔහුගේ කතාවේ වීඩියෝව පහතින්

0 comments:

Post a Comment