Thursday, May 28, 2015

Tagged Under: , ,

Kenyan Man Is Prepared to Offer 50 Cows for Malia Obama

By: Prosperity Tech On: 8:12 PM

ඔබාමාගේ දුවට කසාද යෝජනාවක් - දුව දුන්නොත් එළදෙනුන් 50ක් දෙනවලු. එළදෙනුන්ගෙන් කිරි දොවන්නත් උගන්නනවලු..



එළදෙනුන් ඇතුළු ගොවිපොළ සතුන් රැසක් ලබා දී අමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාගේ සොළොස් හැවිරිදි දියණී මලියා ගේ අත ගැනීමට තමන් කැමැති බව කෙන්යාවේ නීතිවේදියකු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ෆීලික්ස් කිප්රෝනෝ නම් මේ නීතිවේදියා පවසා ඇත්තේ අමෙරිකා ජනාධිපති ගේ වැඩිමල් දියණිය විවාහ කරගැන්මේ සිය සිහිනය සැබෑකරගැන්ම සඳහා එළදෙනුන් 50ක්, බැටළුවන් 70 ක් හා එළුවන් 30 ක් ලබා දීමට තමා සූදානම් බවයි.
"මට ඇය ගැන ඇලමක් ඇතිවුණේ 2008 දි. ඒ වනවිට බැරැක් ඔබාමා පළමුවරට ජනාධිපතිවරණය වෙනුවෙන් කටයුතු කරමින් සිටියා. එතකොට මලියාගේ වයස අවුරුදු 10 යයි. එතැන් පටන් මා කිසිම කාන්තාවක ඇසුරු කර නැහැ. ඇයට විශ්වාසවන්තව සිටින බවට මං පොරොන්දු වෙනවා. මං මගේ පවුල් අයත් එක්ක මේ ගැන සාකච්ඡා කළා. මගේ මනාලිය වෙනුවෙන් ගෙවිය යුතු මිල මුදල් ලබාදෙන්න ඔවුන් කැමැත්ත පළ කළා"යැයි නයිරෝබි පුවත් පතක සම්මුඛ සාකච්ඡාවකදී කිප්රෝනෝ සඳහන් කර තිබෙනවා.

මේ විවාහ යෝජනාව ඔබාමාට ඉදිරිපත් කිරිමට අදහස් කර ඇති බවත් ඔබාමාගේ පියා උපන් කෙන්යාවට ලබන ජූලි මස ඔහු ප්‍රථම වතාවට පැමිණෙන විට මලියා ද රැගෙන එනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පවසනවා.

ඔබාමාගේ 90 වැනි වියක පසුවන කෙන්යානු මිත්තණිය සෙසු ඥාතින් සමඟ දැනටත් බටහිර කෙන්යාවේ කොගෙලෝ හි ජිවත්වනවා.

"කෙන්යානු සංචාරයේදි මලියා ද රැගෙන එන ලෙස ඉල්ලා සිටින ලිපියක් මා සකසමින් සිටිනවා. තානාපති කාර්යාලය එය ඔබාමා අතට පත්කරනු ඇතැයි මා සිතනවා. මං මුදල් පසුපස හඹායන්නෙක් ලෙස සමහරු හිතනවා ඇති. ඒක සැබෑවක් නොවෙයි. මං ඇයට ඇත්තටම ආදරෙයි" කිප්රෝනෝ වැඩිදුරටත් සඳහන් කරනවා.

තම වයස ගැන සඳහනක් කර නැති කිප්රෝනෝ දැනටමත් මේ මංගල යෝජනාව සැලසුම් කර ඇති බවත් මලියා සමග චාම් ජිවිතයක් ගත කරන අතර ඇයට සෙසු ‍කලෙන්ජින් කාන්තාවන් මෙන් එළදෙනුන්ගෙන් කිරි දෙවිමට හා ධාන්‍ය කැඳ සෑදීමට කියාදෙන බවත් කියා තිබේ.

0 comments:

Post a Comment