Friday, February 20, 2015

Tagged Under: , ,

I got so many proposals after the marriage

By: Prosperity Tech On: 10:18 PM

"බැන්ඳට පස්සෙත් ආදර යෝජනා අනන්තවත් ආවා..." 


"ඒත් හොඳ ගැහැනියක් කියලා කටපුරා මට කියන්න පුළුවන්.." - උදාරි කියයි! 

 'බිනර මලී' ටෙලි නාට්‍යය හරහා මේ දිනවල ඔබ හමුවන උදාරි කාලෙන් කාලෙට පුවත් මවන්නියක් වෙලා. පහුගිය දවසක ඈ පැදවූ රියට පුද්ගලයෙකු පවා හසු වී තුවාල ලැබූ බව කියවුණා. කොහොමින් කොහොමහරි උදාරි නම් මාධ්‍යට කියා තිබුණේ එවැනි අනතුරක් තමා අතින් සිදු නොවුණ බවයි. වසර දෙකකට පසු රංගනයට එක් වුණු උදාරි මේ වනවිට ඉන්නේ සැමියාගෙන් ඈත් වෙලා.


ඔහු රැකියාව කරන්නේ විදෙස් රටක නිසා උදාරිට රඟපෑම් කරන්න ලංකාවට ආපහු එන්න වුණාලු... උදාරි නම් කියන්නේ ගෙදරට වෙලා හිටියත් සැමියාව මුණ ගැහෙන්න තියෙන වෙලාව අඩු නිසා ඔහු ළඟ සිටියත්, දුරක සිටියත් වෙනසක් දැනෙන්නේ නැහැ කියලයි.. ඒ වගේම සැමියාගෙන් දුරස් වෙලා ඉන්න උදාරිට නොයෙකුත් පුද්ගලයින්ගෙන් එන අයුතු යෝජනා නම් අනන්තයි අප්‍රමානයිලු...


"රඟපෑමට අමතරව දුවගේ වැඩ කටයුතු එක්ක ටිකක් කාර්ය බහුලයි. චූටි දුව දැන් මොන්ටිසෝරි යනවනේ.
අලුතින් ගෙයක් ගත්තා කියලා ආරංචි වුණා. අලුතින් ගෙයක් අරගත්තා... මේ දවස්වල ඒ වැඩ කටයුතු සම්පූර්ණ කරගන්න වැඩ තමයි කරන්නේ. ඇත්තටම ගේ ගත්තේ දුව ෂෙනාර්යා වෙනුවෙන්. එයා කොයි රටේ හිටියත් තමන්ගේ රටට ඇවිත් ඉන්න එයාගේම කියලා දෙයක් තියෙන්න ඕන.... ඒ නිසා මේක දුව වෙනුවෙන් දෙමව්පියන් විදියට මම සහ සුජිත් කළ ආයෝජනයක්.
 

මම ආයෙමත් මාස කිහිපයකට කලා කටයුතුවලින් ඈත් වෙනවා. දුව මෙහේ මොන්ටිසෝරි දැම්මත්, එයාගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සිංගප්පූරුවේ දී සිදු කරන්න තමයි මමයි, සුජිතුයි කල්පනා කළේ...  

ඒ නිසා ඒ වැඩ කටයුතුවලට මාස තුනක් විතර කාලයක් මට එහේ ඉන්න වෙනවා... ඒ ගිහින් ඇවිත් නැවත කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

දුව කියන්නේ ඇත්තටම ලොකු වගකීමක්. එයාගේ හැම දෙයක්ම කරන්න ඕන මම. හැම වගකීමක්ම තියෙන්නේ මට. ඒක ‍ලේසිදෙයක් ‍නෙවෙයි. ඉතින් ඒ වගකීම් සියල්ලක්ම දරාගෙන රංගන ජීවිතේ වැඩ කටයුතුත් කරන එක ලොකු අභියෝගයක් තමයි. මේ තාක් දුරට ඒ හැමදේම මම කරගත්තා. ඉස්සරහටත් කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.

විවාහයෙන් පස්සේත් ආදර යෝජනා නම් අනන්තවත් ලැබිලා තියෙනවා. මම හිතන්නේ කලාකරුවෝ විදියට ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙන එක සාමාන්‍ය දෙයක්... 



අපි කවුද කියන එක දැනගෙන ජීවත් වෙනවා නම්, ඒ වගේ දේවල්වලින් බේරිලා ඉන්න එක අමාරු දෙයක් ‍නෙවෙයි. අපි ඒවට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඒ අය සාමාන්‍ය ප්‍රේක්ෂකයො විදියට ගණන් ගත්තහම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ...

මමත්, සැමියත් ඉන්නේ රටවල් දෙකක. නමුත් එහෙම දුරස් බවක් නැහැ... හැම සති දෙකකට සැරයක් සුජිත් ලංකාවට එනවා... ගිය සතියෙත් එයා ඇවිත් ගියා... 


අපි දෙන්නම කාර්යබහුල ජීවිත ගෙවන්නේ ඒ නිසා දුරස් බවක් දැනෙන්නේ නැහැ... අනිත් එක, එක රටේ හිටියත් අපි හම්බවෙන්නේ අඩුවෙන්. එයා ශල්‍ය වෛද්‍යවරයෙක් නිසා ගොඩක් වෙලාවට ඉන්නේ තියටර් එකේ. අනිත් එක දුව නිසා තනිකම පාළුව දැනෙන එක අඩුයි. නැතුව නොවෙයි. ඒ වුණාට අපි දෙන්නටම ඒක දැන් පුරුදු වෙලා.


ඒත් අපි දෙන්නාගේ ආදරයේ නම් කිසිම අඩුවීමක් වෙලා නැහැ.... ඒ ආදරය හැමදාම අපි දෙන්නා අතර තියෙනවා. අපි, අපිට හරිම ආදරෙයි.

රංගනය පැත්තෙන් මම හොඳද, නරකද කියන එක මට තීරණය කරන්න බැහැ.... ප්‍රේක්ෂකයෝ තමයි ඒක තීරණය කරන්නේ. ඒත් මම හොඳ බිරිඳක්, මවක් සහ හොඳ ගැහැනියක් කියලා කටපුරා මට කියන්න පුළුවන්..."












0 comments:

Post a Comment