Saturday, February 21, 2015

Tagged Under: ,

Dutch tourist fells down off the World's End, Nuwara Eliya Sri Lanka

By: Prosperity Tech On: 8:17 PM

ලෝකාන්තයෙන් ඇද වැටී පැය තුනක් ගසක එල්ලෙමින් සිටි මාටින්ස් බේරාගත් සිංහ මෙහෙයුම



ඊයේ (21) උදෑසන ලෝකාන්තය නැරඹීමට ගිය නෙදර්ලන්ත ජාතිකයා එල්.මාටින්ස් නම් විදේශ සංචාරකයකු පහළට ඇද වැටී ඇති අතර යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවට අයත් ලෙෆ්ටිනන් කර්නල් අමිල පෙරේරා ඇතුළු පිරිසක් විසින් සිදු කළ මෙහෙයුමකින් අනතුරුව ඔහුගේ ජීවිතය බේරාගැනීමට සමත් වී තිබේ.


නෙදර්ලන්ත ජාතිකයකු ඔහුගේ බිරිඳ සමග ලෝකාන්තය නැරඹීමට අද උදෑසන පැමිණ ඇති අතර එහිදී ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු පහළට ඇද වැටී තිබේ. පසුව ඔහු ගසක අත්තක රැදී ඇති අතර ගුවන් හමුදාවේ ඛෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදවා බේරා ගැනීමට උත්සාහ කළත් පසුව එය අසාර්ථක වී තිබේ.

නෙදර්ලන්ත ජාතික මාටින්ස් සහ ඔහුගේ බිරිඳ නුවරඑළියට පැමිණ ඇත්තේ මධු සමය ගත කිරීම සඳහා වන අතර ඔවුන් විවාහපත්ව ගතව ඇත්තේ දින 6 ක කාලයකි. ලෝකාන්තය නැරඹීමට ගිය ඔහු සිය බිරිඳගේ ඡයාරූපයක් ගැනීම සඳහා පසුපසට ගොස් ඇති අතර එම අවස්ථාවේ ලෝකාන්තයෙන් පහළට ඇද වැටී තිබේ.

කෙසේ වෙතත් සුළු මොහොතකින් ඔහු කෑ ගසන හඬ එම ස්ථානයේ සිටි සෙසු දෙස් විදෙස් සංචාරකයින්ට ඇසී ඇති අතර ඔහු ලෝකාන්ත බෑවුමේ ප්‍රපාතයක ඇති ගසක අත්තක එල්ලී සිටි ඇති අතර නරඹන්නන් අතර සිටි එක් විදේශීය සංචාරයකයෙකු අනතුරට ලක් වූ මාටින්ස් සමග සංවාදයේ නිරත වෙමින් ඔවුගේ මානසික මට්ටම නංවාලීමට පියවර ගෙන තිබේ.

මේ අතරතුර සිය ශීත කබා ගලවා එකිනෙක ගැට ගසා කඹයක් නිර්මාණය කරගත් දෙස් විදෙස් සංචාරකයින් අනතුරට ලක්ව සිටි මා‍ටින්ස් වෙත එය යොමුකර තිබුනද එය එතරම් සාර්ථක නොවන අවදානම් තත්වයක් වන හෙයින් ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණෙන තුරු පැය තුන හාමාරක පමණ කාලයක් මාටින්ස් එම අත්තේ එල්ලී සිට ඇත.

මේ අතර මෙය ලෝකාන්තයේ ප්‍රපාත කෙළවර වන බංලගොඩ නම්පේරියල්වත්ත ප්‍රදේශවාසීන්ටද සිද්ධිය දර්ශනය වී තිබේ.

අනතුරට ලක්ව සිටි මාටින්ස් ගලවා ගැනීමට පැමිණියේ යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවට අයත් ලෙෆ්ටිනන් කර්නල් අමිල පෙරේරා ඇතුළු කණ්ඩායමක් වන අතර මෙම මෙහෙයුම සඳහා යුද හමුදාවට ගුවන් හමුදාවේ සහය ද හිමි විය.

ලෙෆ්ටිනන් කර්නල් අමිල පෙරේරාගේ උපදෙස් පරිදි කෝප්‍රල් සුදේශ් ලාලින් ද කඹයක ආධාරයෙන් ලෝකාන්තයෙන් පහළට බැස නෙදර්ලන්ත ජාතිකයා‍ගේ දිවි ගලවා ගැනීමට සමත් වූ අතර ඔහුව ඉහළට ගැනීම සඳහා ගුවන් හමුදා සමාජිකයෙකු ද කඹයක් ආධාරයෙන් ප්‍රපාතයට බසින ලදී. මෙසේ දිවිගලවාගත් නෙදර්ලන්ත ජාතික එල්.මාටින්ස් නුවරඑළිය රෝහළට ඇතුළත් කෙරිණ.

ප්‍රතිකාර ලැබීමෙන් පසු අද පස්වරුවේ නෙදර්ලන්ත ජාතිකයා ඔහුගේ බිරිඳ ද සමග නුවරඑළියේ පිහිටි තුන්වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුරට පැමිණියහ. මාටින්ස් සහ ඔහුගේ බිරිඳ එහිදී පැවසුවේ, සිය ජීවිතය බේරා දුන් හමුදා සෙබලා කිසිදිනක අමතක නොකරන බව ය.

මාටින්ස් තමන් මුහුණ දුන් එම භායනක අත්දැකීම සහ තමන්ට ඒ මොහොතේ දැනුණු හැඟීම මෙසේ පවසන ලදී.

    මෙය මගේ මධුසමයේ විශේෂ මොහොතක්. මම ලොකාන්තයෙන් වැටෙනකොට ‍ලොකු බයක් ඇතිවුණා. මම ලොකු වේදානවකින් හිටියේ.මෙම පැය තුනාහාමාර මේ ජිවිතයේ ගෙවූ දිගම පැය තුනාහාමාර. එ වෙලාවේ මට මතක්වුණ එක කෙනා මගේ බිරිඳ ලින්ඩා”..

0 comments:

Post a Comment