Thursday, February 26, 2015

Tagged Under: , ,

Yoshitha's CSN On The Verge Of Closure

By: Prosperity Tech On: 5:41 AM

යෝෂිතගේ ''CSN'' නාළිකාව නවතී! අතුරු අයවැයෙන් පස්සේ යෝෂිත බිංදුවටම වැටිලා....

හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට අයත් බව කියන CSN රූපවාහිනී නාලිකාව ලබන ඉරිදා මාර්තු මස 01දා සිට වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. පසුගිය 24 වනදා සිට එහි සේවකයින් සියල්ලට නිවාඩු දී ඇති අතර 30 දෙනෙකුට පමණ වන්දී ලබා දී ආයතනයෙන් ඉවත් කර ඇති බවද පැවසේ.

මෙම සේවකයින්ගෙන් කොටසක් CSN නාලිකාවට අනුබද්ධව පවත්වා යන සිංහ FM රේඩියෝ නාළිකාවට  සම්බන්ධ කරගැනීමට නියමිතව ඇති බවට ද කතාවක් පැතිර තිබෙනවා. මෙම CSN නාලිකාව පසුගිය කාලයෙහි රජයට ගෙවිය යුතු බදු මුදල් කිසිවක් ගෙවා නැති බව ද පසුගිය පසුගිය දා ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැයේ දී මුදල් ඇමති රවි කරුණානායක හෙළි කළා.



විකාශන කුළුණු 6කට වැඩි ක‍්‍රීඩා නාලිකාවලට බදු ගසන බව කියමින් පසුගිය අයවැයෙන් රුපියල් මිලියන දහසක බදු මුදලක් ගෙවිය යුතු බවට අලූත් බද්දක් පැනවීම නිසා එයට හසු වූ එකම නාලිකාව බවට පත් CSN නාලිකාවට එවැනි විශාල බද්දක් ගෙවීම නොහැකි නිසා එහි අයිතිය අතහැර මෙසේ වසා දමන්නට තීරණය කර ඇත.

මෙම නාලිකාව ගොඩනැගීමට පැවති රජය රාජ්‍ය දේපළ අනිසි ලෙස යොදාගත් බවට ආරංචි තිබුණ අතර වැඩි වාසි ලබාගැනීමේ අටියෙන් ක‍්‍රිකට් තරත විකාශන ඒකාධිකාරයක්ද එම නාලිකාවට  දේශපාලන අනුග‍්‍රහය මත ලබා තිබුණි.

මේ අතර කටකතා පැතිරුනේ මෙම නාලිකාවේ ඇතැම් නිලධාරීන්ට පසුගිය සමයේ වැටුප් ලබාදෙන ලද්දේ ජනාධිපති කාර්යාලය විසින් බවටය. යෝෂිත රාජපක්ෂගේ පැරණි පෙම්වතිය වූ යසාරා මෙම නාලිකාවේ ප‍්‍රධානියා ලෙසද කලක් කටයුතු කළා.


ලංකාවේ රගර් ක‍්‍රීඩාව හා රේස් ක‍්‍රීඩා ජනප‍්‍රිය කිරීමට මෙම නාලිකාව විශාල වෙහෙසක් ගත් අතර, ක‍්‍රිකට් තරග විකාශ අයිතිය උදුරාගෙන දිවයිනේ වැඩි කොටසකට නොපෙනෙන ලෙස ඒවා විකාශය කළ නිසා ක‍්‍රිකට් ක‍්‍රීඩාව අප‍්‍රකට කළ බවට ද මෙම නාලිකාවට පසුගිය කාලය තුළ විවිධ චෝදනා එල්ල විය.

මෙම නාලිකාව සමග ගිවිසුමක් ඇතිව චීනයේ ‘CCTV’ නැමති ප‍්‍රවෘත්ති නාලිකාව ද ඔවුනගේ ප‍්‍රති විකාශනයන් ලංකාවේ පවත්වාගෙන යනු ලැබුණි.

CSN රූපවාහිනිය වසා දැමූවද සිංහ FM ගුවන් විදුලි නාලිකාව වසාදැමීමට කටයුතු කර නොමැත.

egossip.lk

0 comments:

Post a Comment