Sunday, August 28, 2016

Tagged Under: , , ,

Pooja cant speak sinhala

By: Prosperity Tech On: 10:32 PM

පූජාට සිංහල බැහැ - සිංහල දන්නම එවුන් පූජාට සිංහල උගන්වපු හැටි

පූජා උමාශංකර්ට දැන් ටිකක් සිංහල පුළුවන් වුණාට ඉස්සර එහෙම බෑ.. ඇය කැඩුණු සිංහලෙන් කතා කළේ... කුස පබා චිත්‍රපටය කරන කාලෙ පූජා නොදන්න උමාශංකර්

සිංහල අහගත්තෙ එක්තරා කෙනෙක්ගෙන්. පූජාට ඕනෙවලා පූජා කුස පබා එකේ රඟපාන සිංදුවක තේරුම දැන ගන්න. ඉතින් පූජා තම හිතවතාගෙන් මේ ගැන අහලා. සිංදුවෙ තියනවලු ප්‍රියේ කියලා වචනයක්. වසන්තය කියලා වචනයකුත් තියනවලු. යාළුවා පූජාට කිව්වලු ප්‍රියේ කියන්නෙ තාත්තට කියලා.

තාත්තා ඇවිත් දුවව හොයද්දි වසන්ත ඇවිත් එක්කගෙන යනවා වගේ තේරුමක් මේකෙ තියෙන්නෙ කියලා පූජාට කිව්වලු. ඇයට තේරුණාලු තමන්ට මොකක් හරි ලණුවක් මේ දෙන්න හදන්නෙ කියලා. ඇය මහාචාර්ය සුනිල් ආරියරත්න හෙවත් කුස පබා එකේ අධ්‍යක්ෂගෙන් ඇහැව්වලු හිතවතා කියාදුන්නු විදිහට ද මේ ගීතයෙ තේරුම තියෙන්නෙ කියලා.
මහාචාර්ය තුමන්ටත් හොඳටම හිනාලු විරහ ගීතයකට පියාව සම්බන්ධ කරලා පූජාගෙ යාළුවා ඇයට කියා දුන්නු සිංදුවේ තේරුමට. අන්තිමේ මහාචාර්යවරයා ගීතයෙ හරි තේරුම කියා දීලා. ඒත් එක්කම ඇහැව්වලු ඇයට ලණුව දීපු යාළුවා කවුද කියලා. පූජා නෙවෙයිලු කට ඇරියෙ. මේ වෙනකම් ඇය ඒ යාළුවාව පාවලා දීලා නැහැ.

0 comments:

Post a Comment