Wednesday, August 31, 2016

Tagged Under: , ,

Shermi Kalpana - Sri Lankan actress & Model

By: Prosperity Tech On: 2:00 AM

හැමදෙම සමබරව කරන්න උපරිම උත්සාහ කරනවා - ශර්මි කල්පනා

රැකියාවට සහ අධ්‍යාපනයට මුල් තැන දෙමින් නිරූපණය පිවිසි ඇය ශර්මි කල්පනා වෙයි. නිරූපණය තුළින් සෙමින් ගමනක යෙදෙන ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබස් කිරීමට අපත් සමග මෙලෙසින් එක්විය.

රැකියාවක් කරන ගමන්ද නිරූපණයට එකතු වුණේ?

මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් ඉන්ටර්කෝන්ටිනල් හරහා තමයි මාව කට්ටිය හඳුනගන්නේ. තරගය අවසන් වෙනවාත් එක්කම රැකියාව හා සම්බන්ධ වුණා. ඒ අතරතුර නිරූපණයට අවස්ථාව ලැඛෙනවා. හැබැයි මගේ පළමු තැන මගේ අධ්‍යාපනයට සහ රැකියාවටයි.
අධ්‍යාපනය සහ රැකියාව නිසා නිරූපණයේ ඇතැම් කටයුතු මග හැරෙන්නේ නැද්ද?

මේ වෙන කොට නම් එහෙම ගැටලූ‍වක් වෙලා නැහැ. මං හැමදේම කරන්නේ හොඳින් කළමනාකරණය කරගෙනයි. හැමදේම සමබරව කරගෙන යන්න මං උපරිම උත්සාහ කරනවා.

ඇයි නිරූපණයට එකතු වෙන්න කැමති වුණේ?

එක් මගේ පොඩි කාලේ ඉඳලා තිබුණ ආසාවක්. ඒ වගේම මගේ හැකියාවන්ගෙන් යම් දෙයක් කරන්න ඕනේ කියල මට හිතුණා.

මේ වනවිට දායක වෙලා තියෙන වැඩකටයුතු මොනවාද?

ෆොටෝ ෂූට්, මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහා ආරාධනා ලැබුණා. මේ වනකොට නම් ෆොටෝ ෂූට්වලට විතරයි සහභාගී වුණේ. ලැඛෙන කාලයත් එක්ක අනිත් වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

අද නිරූපණය ගැන මොකද හිතෙන්නේ?

මං හිතන්නෙ ලංකාවේ ඉස්සරට වඩා තැනක් අද නිරූපණයට තියෙනවා. අවස්ථා වැඩි. කොහොම වුණත් නිරූපණය කියන්නෙ හොඳ අවබෝධයකින් යන්න ඕන ගමනක්.

ගෙදරින් ලැඛෙන සහයෝගය කොහොමද?

මං මේ තරම් දුරක් ආවේ ගෙදරින් ලැඛෙන සහයෝගය නිසා තමයි. එයාලා හැමවෙලා‍වේම මගේ පිටුපසින් ඉන්නවා සහ මං කළයුතු තෝරගන්න මට හැමවෙලාවේම උදව් කරනවා.

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

මං ඉදිරිය ගැන ගොඩක් ලොකුවට ප්ලෑන් හදන කෙනෙක් නෙවෙයි. මේ කරගෙන ආවා වගේම ඉදිරියටත් සාර්ථකව වැඩ කරගෙන යන්න තමා. බලාපොරොත්තු වෙන්නේ. රැකියාව සහ අධ්‍යාපනය සමගම තෝරා බේරාගෙන් නිරූපණ හා කලාකටයුතුවලට දායක වෙන්නේ බලාපොරොත්තු වෙනවා.

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවද?

ඔව්, ගොඩක් අය ඉන්නවා මං ඉස්සෙල්ලාම ස්තූති කරන්නේ මගේ අම්මටයි, තාත්තටයි. ඒ දෙන්නා නිසා තමයි අද මං මෙතැන ඉන්නේ. ඒ වගේම ලොකු අම්මා ඇතුළු පවුලේ හැමදෙනා. ඒවගේම මිස් ශ්‍රී ලංකා තරගයේ මට මුණගැහුණු හැමෝම මතක් කරන්න ඕනි. විශේෂයෙන් මගේ ක‍රු්එසඩැ ෘසරුජඑදර දිනේෂ් චන්ද්‍රසේන, රොශාන් සර්, අනුෂියා ඇතුළු අපේ කණ්ඩායම. ඒවගේම මට මගේ යාළුවන්ව. ගොඩක් අය ඉන්නවා නම් වශයෙන් කියන්න බැරි. මොකද එක නමක් හරි මඟ හැරුණොත් තරහ වෙයි. ඒ නිසා උදව් කරපු හැමෝම ආදරයෙන් මතක් කරනවා


0 comments:

Post a Comment