Monday, May 25, 2015

Tagged Under: , , , ,

Nathasha Perera's One Million wedding saree

By: Prosperity Tech On: 8:21 PM

නතාෂාගේ විවාහයට මිලියනයක සාරියක් - බර කිලෝ 15ක් 

ගායන ශිල්පි ප‍්‍රිහාන් මඩප්පුලි සමඟ පසුගියදා අතිනත ගත් ජනප‍්‍රිය ගායන, රංගන, නිවේදන ශිල්පිනී නතාෂා පෙරේරාගේ මංගල්‍යය වෙනුවෙන් ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධන සකස් කරන ලද සාරිය රුපියල් මිලියනයක වටිනාකමකින් යුක්ත වේ.

මනාලියන් හැඩගැන්වීම සම්බන්ධයෙන් ගිනස් වාර්තා පොතට එක්වූ ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධන විසින් ඇය හැඩගන්වා තිබූ අතර මෙම විශේෂ සාරිය ද සරීටා ටෙක්ස්ටෝරියම් සමඟ එක්ව නිර්මාණය කර තිබුණේ ඇය විසින්ම වීම විශේෂත්වයකි.
කි‍්‍රස්ටල් ගල් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් යොදා සකස් කර තිබූ මෙම සාරිය කිලෝග‍්‍රෑම් 15ක පමණ බරකින් යුක්ත බව චම්පි සිරිවර්ධන පවසයි.

මෙම සාරියෙහි මෝස්තරය චම්පි සිරිවර්ධන විසින් සරීටා ආයතනය වෙත ලබාදී ඉන්දියාවේ මෝස්තර නිර්මාණකරුවන් ලවා නිර්මාණය කරගෙන ඇත.

එම සාරිය චම්පි සිරිවර්ධනට අවශ්‍ය පරිදි සම්පූර්ණයෙන්ම නිමවා ගැනීම ස`දහා වාර 3ක් ඉන්දියාව වෙත යැවූ බව ඇය පැවැසී ය.

කෙසේවෙතත් මෙම විශේෂිත සහ වටිනා සාරිය නතාෂා විසින් සිය මංගල්‍යය සඳහා භාවිත කර නොතිබූ අතර චම්පි විසින් නතාෂාට මෙම මිලිනයක් වටිනා සාරිය තෑගි කළ බව චම්පි සිරිවර්ධන සඳහන් ක මෙම විශේෂිත ඇඳුම සහිත නතාෂා සහ පි‍්‍රහාන්ගේ පෙර පටිගත කරන ලද ඡයාරූප එකතුවක් පහතින් දැක්වේ.








0 comments:

Post a Comment