Monday, November 10, 2014

Tagged Under: ,

Matale university student killing – suspect under arrest

By: Prosperity Tech On: 5:37 PM

උපාධි අපේක්ෂිකාව ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අල්ලයි


මාතලේ, උකුවෙල - වරාපිටිය ප‍්‍රදේශයේදී උපාධි අපේක්ෂිකාවක ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝකන්දර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු මාතලේ ප‍්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාති‍්‍රයේදීයී.

ලලනි නදීශා නැමති 24 හැවිරිදි මෙම තරුණියගේ මළසිරුර ඇය පදිංචිව සිටි නිවසට යාබද ලදු කැළෑවක තිබී සොයා ගනු ලැබුවේ පසුගිය මැයි මස 25 වැනිදායි. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂිකාවක් වූ අතර   ඇයගේ වැඩිමහල් සොහොයුරාගේ විවාහ මංගල උත්සවය පැවති දින රාති‍්‍රයේදී මෙම ඝාතනය සිදුව තිබුණා. පසුව සිදුකල විමර්ෂණවලදී දේපල සම්බන්ධයෙන් මතුවූ ගැටලූවක් ඝාතනයට හේතු වූයේද යන්න සම්බන්ධයෙන් පොලිසිය සැක පල කළා. තවදුරටත් පරික්ෂණ සිදුකල පොලිසිය ඝාතනයට ලක්වූ තරුණියගේ වැඩිමහල් සොහොයුරාගෙන් සහ ඇයගේ මවගෙන් ප‍්‍රශ්ණ කිරීම් කරනු ලැබුවේ ඒ අනුවයි. කෙසේ වෙතත් මෙය දේපල සම්බන්ධයෙන් ඇතිවූ ගැටලූවක් නොවන බවට පසුව අනාවරණ වුණා.
hirunews.lk

 

0 comments:

Post a Comment