Monday, November 10, 2014

Tagged Under: , ,

Anarkali Akarsha's Wedding is on jan 2014

By: Prosperity Tech On: 9:11 PM

අනර්කලීගේ විවාහය ජනවාරියේදී?

කලින් කලට විවාහය පිලිබඳ විවිධ මත පලකළ අනර්කලී ආකර්ෂා ඉදිරි මාස කිහිපය තුල විවාහ වීමේ සූදානමක් ඇතිබව වාර්තා වේ. මෙයට පෙර පුවත්පත් වෙත ඇය පවසා තිබුනේ දිගටම තනිකඩව සිටින බවකි. වරක් ඇය පුවත්පතක් වෙත පවසා තිබුනේ ඇගේ කාර්යබහුලත්වය හේතුවෙන් ඇය විවාහ වුවහොත් එම විවාහයද කැඩී යන බවකි.
 
නමුත් මේ සියල්ල පසෙකලා අනර්කලී ඇමෙරිකාවේ වෙසෙන ලාංකිකයෙකු හා අතිනත ගැනීමට මේ දිනවල ඇමෙරිකාවට ගොස් ඇති බව වාර්තා වේ. ඇය නැවතත් ලංකාවට පැමිණෙන්නේ ඇගේ විවාහක සැමියා සමග බවද තොරතුරු මාධ්‍ය මගින් හෙළිකොට තිබුණි. 
 
ලංකාවේ නමගිය රූපලාවන්‍ය ශිල්පීන් හා මංගල ඇඳුම් සකසන්නන් මෙන්ම ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකුද අනර්කලීගේ මංගල්‍යයේ වැඩ කටයුතු සඳහා ඇමෙරිකාවට ගොස් ඇත. 
anarkali

(nethfm.com)

 

0 comments:

Post a Comment