Friday, October 7, 2016

Tagged Under: , , , ,

Mayumi Srimali Interview

By: Prosperity Tech On: 5:41 PM

ඒ තරගයේ දී කවුරුවත් මට අයුතු යෝජනාවක් කළේ නෑ – මයුමි ශ්‍රීමාලි

ජාත්‍යන්තර ජයග්‍රහණයක් ගැන මේ දිනවල සිහිනයක පාවෙන්නියක් හැටියට මයුමි ශ්‍රීමාලි හැඳින්වීම වරදක් නැහැ. ඇගේ කතාව වෙනුවෙන් රිවිසරසියේ මේ ඉඩ වෙන් වුණා.

මයුමි මේ දිනවල සයුරෙන් එහා ගිය හීනයක ඉන්නේ?
ඔව්. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මම ජාත්‍යන්තර රූ රැජිණ තරගාවලියකට සහභාගි වෙන්න සූදානම් වෙනවා. ඒ තරගයේ නම මිසිස් වර්ල්ඩ් වයිඩ් 2016. මෙවර පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ දීයි. ලෝකයේ රටවල් 48 ක රූප සුන්දරියන් සමග තරග කරලා ලංකාවට ජයක් ගේන්න මේ දවස්වල මම හීන දකිනවා.
ජාත්‍යන්තරය වෙනුවෙන් ලංකාව නියෝජනය කරන්න මේ වරම ඔබට ලැබුණේ කොහොමද?
ගිය මාසයේ පැවැත් වුණු ශ්‍රී ලංකා විවාහක විශ්ව රූ රැජිණ තරගයේ තුන්වැනි තැන දිනුවේ මමයි. ඒ නිසා මට මේ ජාත්‍යන්තර තරග ඉසව්වට ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුණා.

ඔබේ පුද්ගලික විස්තර දැනගන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඇති?
මම පදිංචිවෙලා ඉන්නේ සීදුවේ. මගේ සැමියා ටී. එම්. අසේල. ව්‍යාපාරිකයෙක්. අපට අවුරුද්දක් වයසැති පුංචි දුවෙක් ඉන්නවා.

දරුවෝ ලැබුණාම ගොඩක් අම්මලා තමන්ගේ රූපය ගැන හිතීම නතර කරනවා නේද?
මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. අපි ලස්සනට ඉන්න ඕන කියන දේ මේ තරුණ වයසේදී අතඇරලා දැම්මොත් ජීවිතයේම ලස්සන එතැනින් ඉවරයි. දරුවෙක් ඉපදුණා කියලා අපේ ලස්සන අඩු වෙන්නේ නැහැ. එකම දේ අපි අපි ගැන හිතන එක නතර කරලා දැමීම නිසා කැතවෙනවා. එච්චරයි.

මයුමි කොහොමද දරුවෙක් ඉඳිත්දීත් රූපය ලස්සනට තියාගන්නේ?
මගේ දුව ඉපදුණේ ගිය අවුරුද්දේ. එයා ඉපදෙනකොට මගේ බර කිලෝ 76 දක්වා වැඩිවුණා. හමේ පාටත් ටිකක් අඩුවුණා. ඒත් මම හිතුවා ඉක්මනින්ම මම කෙට්ටු වෙන්න ඕන කියලා. ගොඩක් උනන්දුවෙන් කැපවෙලා මම කිලෝ 58 වෙනකල් බර අඩුකර ගත්තා.

කොහොමද ආපහු රූපය ලස්සන කරගත්තේ?
බත් කෑම අඩු කළා. පලතුරු, එළවළු කෑවා. කිරි සහ වතුර බිවා. වෙලාව ලැබෙන විදියට ව්‍යායාම කළා.

විලාසිතා සම්බන්ධයෙන් මයුමිට සැමියා නීති පනවලා නැද්ද?
මම ඇඳුම් තෝරාගන්නේ තැනට ගැළපෙන විදියට බව එයා දන්නවා.

නිරූපිකාවක් වුණාම සැහෙන්න කොට ඇඳුම් අඳින්න සිද්ධ වෙනවා නේද?
මම නම් අනවශ්‍ය විදියට ඇඟ පේන්න අඳින්නේ නැහැ. සීමා පනවගෙනත් නැහැ. ලස්සනයි කියලා හිතෙනවා නම් විතරක් ඇඳුම් තෝරා ගන්නවා.

හුඟක් රූ රැජනන් හොඳ ගෘහණියන් නමෛයි නේද?
ඒ කතාව මට නම් අදාළ නැහැ. මොකද මහත්තයත්, මමත් දරුවත් වෙනම ගෙදරක තනියම පදිංචි වෙලා ඉන්නේ. කෑම උයන වැඩ සියල්ල මගේම අත් දෙකෙන් කෙරෙන්නේ. දරුවා බලාගන්න මහත්තයා ගොඩක් උදව් කරනවා. අපි අපේම වැඩ කරගෙන තනිවම සතුටින් ජීවත් වෙනවා.

පියුමි හංසමාලි කියන නිළිය වේදිකාවෙන් බැහැලා ගියේ ඔබ ජයග්‍රහණය කළ තරගාවලියේ දී නේද?
ඔව්.

ඔයා පියුමි වුණා නම් ඔයත්, එහෙම වේදිකාවෙන් බැහැලා යනවද?
කවදාවත් නැහැ. තරගයකට සහභාගි වෙනකොට ජය – පරාජය භාර ගන්න සූදානමින් ඉන්න ඕන.

පියුමි පරාජය වුණේ පියුමි ලස්සන නැති නිසාද?
අවසන් වටයට 12 දෙනෙක් තේරිලා හිටියා. දොළොස් දෙනාම දොළොස් විදියකට ලස්සනයි. පියුමි ලස්සනයි. ඒත් ලස්සන විතරක් ‍නෙවෙයි, ඒ අය මැනලා බැලුවේ. තරගකාරියන්ගේ හොඳ හැසිරීම වගේම බුද්ධිය තියෙනවද කියන දේ ඒ අය සලකලා බැලුවා.

ජයග්‍රාහිකාවෝ ලිංගික අල්ලස් ලබා දුන්නාය කියන පියුමිගේ චෝදනාව රටේ සියලුම රූ රැජිනන්ට පහරක් වුණා නේද?
ඔව්. හැමෝටම පහරක් වුණා. පුද්ගලිකව මට නම් කිසිම කෙනෙක් ඒ තරගයේ දී අයුතු යෝජනා ගෙනාවේ නැහැ. අපි ලිංගික අල්ලස් දීලා ‍නෙවෙයි ජයග්‍රහණය කළේ.

පියුමිගෙන් කවුරු හරි ලිංගික අල්ලස් ඉල්ලුවද?
මට ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි.

ඇයි ?
ඔය කියන තරග සංවිධායකවරයා එක්ක තරගකාරියන් හැමෝම අවසන් වටය වෙනකල් බොහෝම හොඳින් හිටියා. හරියටම කව්ද ඇත්ත කියන්නේ, කව්ද බොරු කියන්නේ කියන එක මම දන්නේ නැහැ.

මේ වගේ කතා අහන්න සිද්ධ වේවි කියලා මයුමි මීට කලින් හිතලා තිබුණද?
අනිවාර්යයෙන්ම ඔව්. ඒත් අපි හරි නම් අපි කාගෙවත් කතාවලට සැලෙන්න ඕන නැහැ.

කවදාහරි ඔබේ දුව “නිරූපිකාවක්” වෙනවට මයුමිගේ කැමැත්තක් තියෙනවද?
ඔව්. මේක ගෑනු ළමයකුට නුසුදුසු ක්‍ෂේත්‍රයක් කියලා මම හිතන්නේ නැහැ.

ජාත්‍යන්තරය හමුවේ අපේ නිරූපිකාවෝ ජයග්‍රහණ නොලබන්නේ ඇයි?
ඇඟ පෙන්වීම ගැන අපේ අයට ගැටලු තියෙනවා. විදේශයන්හි තරග සංවිධායකවරු නිර්දේශ කරන සමහර ඇඳුම් ලංකාවේ සංස්කෘතියට හරි ආගන්තුකයි. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ගැටලුවත් දැන් එන්න එන්නම අඩු වෙන බව පේනවා.

කාටද මයුමිගේ ස්තුතිය හිමි වෙන්නේ?
මට මේ රූපය දුන්නු මගේ අම්මට තාත්තට ස්තුතියි කියන්න ඕන. ඒ වගේම මහත්තයාගේ අම්මත් මට ලොකු ශක්තියක්. සැමියා සහ පවු‍ලේ හැමෝටමත් මිසිස් යුනිවර්ස් ශ්‍රී ලංකා තරගය සංවිධානය කළ මලිත් රණසිංහ, නිලූ සේනානායක හා අර්ජුන සේනානායක ඇතුළු හැමෝටමත් ස්තුති කරන්න ඕන.
සඳමාලි වර්ණසූරිය | (ඡායාරූප – සස්සඳ ලියනආරච්චි)
Description: Mrs Sri Lanka For Mrs Universe 2016 Beauty Contest Grand Finale - Vote for Mrs Popular.Mayumi Srimali

0 comments:

Post a Comment