Sunday, October 9, 2016

Tagged Under: , ,

Thisuri Yuwanika speaks about love

By: Prosperity Tech On: 7:52 PM

මුලින්ම පෙම්වතියගේ චරිතය ලැබුණහම ලජ්ජා හිතුණා - තිසුරි යුවනිකා

මේ දිනවල සිරස නාළිකාවෙන් විකාශය වන ' ආදරයේ සුවඳ අරන් 'ටෙලි නාට්‍යයෙන් ඇය අපේ නිවෙසට එන්නේ 'ශාක්‍යා ' ලෙසිනි. පුංචි වියේදීම කලා ලොවට පිවිස අද වන ‍විට ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනගාගෙන සිටින ඇය තිසුරි යුවනිකා. ආදරය හමුවේ විශාල හැල හැප්පීම් ගොඩකට මුහුණ දෙන 'ශාක්‍යා' ගැන කතා කරන්නට ඇය මෙවර රසඳුන සමඟ එකතු වුණා .
 කොහොමද මේ දවස්වල ජීවිතේ ?
ගොඩක් හොඳයි.ඇත්තටම ගොඩක් කාර්යබහුලයි. මම රඟපාන ටෙලි ඩ්‍රාමා තුනක් විතර විකාශනය වෙනවා.

 'ශාක්‍යා' මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි නේද ?
ඔව්
 මොකද හිතෙන්නේ ඒ චරිතය ගැන..
ප්‍රේක්ෂක ආදරය උපරිමව ලැබෙනවා. ශක්‍යා අද කාලේ යුවතියක්. එයාගේ ආදරය වෙනුවෙන් සටන් කරන නමුත් අම්මා තාත්තාව තම ආදරය වෙනුවෙන් අතාරින්න අකැමැති චරිතයක් .මේක ලකී අංකල් ගේ Screen script ක්. මේ වෙලාවේ 'ආදරයේ සුවඳ අරන්' ටීම් එක මතක් කරන්න ඕන.එයාල මේ ටෙලි ඩ්‍රාමා එක වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. මගේ උපරිම හැකියාව ඒ වෙනුවෙන් දෙනවා.
 ශාක්‍යා ගේ ආදරයට ඉදිරියේදී මොනවා වෙයිද ?
හැල හැප්පිලි ගොඩක් මැද්දේ ආදරය කියන දේ ඉස්සරහට යයි.
 විශ්වගෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්..
ඇත්තටම විශ්ව අයියයි , මමයි රඟපාන පළමුවැනි ටෙලි ඩ්‍රාමා එක. හරිම විනෝදෙන් තමයි අපි ඉන්නේ. රණ්ඩු වෙනවා. යාළු වෙනවා. විශ්ව අයියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.මේ වෙලාවේදී රොෂාන් අයියා , ශ්‍රියන්ත අංකල්ගෙන් ලැබෙන සහයත් මතක් කරන්න ඕන .
කලින් රඟපෑ චරිතත් එක්ක මේ චරිතය වෙනස් වන්නේ කොහොමද?
ලොකු පරාසයක් නැහැ.මේ චරිතේ බොළඳ පෙම්වතියක ගේ චරිතයකට වඩා වෙනස් විදියකට කරන්න උත්සාහ කරනවා.'ශාක්‍යා ' තුළ වෙනසක් කරන්න හදනවා.එය සාර්ථකයි කියල මට හිතෙනවා.
 ඔබේ මවත් මේ ටෙලි නාට්‍යයේ රඟපානව නේද ?
ඔව් . හැබැයි තවම මට අම්මාව හම්බ වුණේ නෑ .
 අම්මා ඉදිරියේ පෙම්වතිය ගේ චරිතය රඟපාන්නේ කොහොමද ?
(සිනාසෙමින් ) අම්මටයි මටයි එකට ෂූටින් වැටිලා නැහැ.අම්මට එක දවසක.මට එක දවසක.මුලින්ම පෙම්වතිය ගේ චරිතේ ලැබුණහම ලැජ්ජ හිතුණා. ඒ චරිතය කරන්න අපහසු වුණා. හැමදේම ඉගෙනගෙන තමයි මේ චරිත කරන්නේ.අපි කවදාවත් ඉගෙනගෙන ඉවර වෙන්නේ නැහැ. මට හැමෝගෙන්ම සහයෝගය ලැබෙනවා. ඒ හැම චරිතයකටම සාධාරණය කරන එක අපේ වෘත්තිය .
 තිසුරිට තාම හිත ගිය කෙනෙක් මුණ ගැහිලා නැද්ද ?
(සිනාසෙමින් ) තාම නැහැ
 සැබෑ ජීවිතේ හිත ගන්න කෙනා මොනවගේ කෙනෙක් වෙනවටද කැමැති?
හොඳ ගතිගුණ තියන, මටයි මගේ අම්මටයි , තාත්තටයි ආදරේ කරන,මැරෙනකම් මාත් එක්ක ඉන්න පුළුවන් කෙනෙක් .
 එයා ක්ෂේත්‍රයේම කෙනෙක් වුණොත්?
එයා මගේ ක්ෂේත්‍රයේම කෙනෙක් වෙනවට කැමැති නැහැ. මගේ අම්මයි තාත්තයි දෙන්නම ක්ෂේත්‍රයන් දෙකක.ඉතින් මම හොයන්නෙත් වෙනත් ක්ෂේත්‍රයක කෙනෙක් .
 දිගටම රංගනයේම ඉන්නද කැමැති ?
මම රඟපාන එක අතහරින්නේ නෑ. හොඳ නිර්මාණ ලැබුණොත් , මට පුළුවන්නම් ,මං කැමැති නම් විතරයි මම ඒ චරිත කරන්නේ.
 සම්මාන ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ ?
මට එක පිට එක හොඳම නිළිය සම්මානය නොකඩවා අවුරුදු දෙකක් ලැබුණා.ඒ සම්මාන මට ලොකු වටිනාකමක්.ඇත්තටම සම්මාන කියන්නේ ,අපේ රංගනය වෙනුවෙන් , ඒ මහන්සිය වෙනුවෙන් දෙන ලොකු වටිනාකමකට. අවු. 23 දී හොදම නිළිය වීම හීනයක් හැබෑවීමක්.මම ආපු දුර ගැන ගොඩක් සතුටුයි. මම හෙමින් දුර ගමනක් යන කෙනෙක්.
විශේෂයෙන් කියන්න ඕන , සම්මාන රාත්‍රීන් පැවැත්වීම ඉදිරියටත් වෙන්න ඕන. අපි හරි මහන්සියෙන් රංගනය කියනදේ කර ගෙන යන්නේ. එ්කට රුකුලක් අවශ්‍යයි.ඉදිරියටත් ඒවා පවත්වාගෙන යායුතුයි .
 රියලිටි වැඩසටහන් වල දකින්න නැත්තේ ඇයි ?
ආරාධනා ලැබෙනවා. ඒත් මගේ ප්‍රතිපත්තියක් විදියට මම රියලිටි වැඩසටහන් වලට යන්න කැමැති නැහැ.ඇත්තටම ඒ දේවල් වලට යන්න විවේකයකුත් නැහැ. ලැබෙන නිදහස තුළත් ගෙදර ඉන්න තමයි කැමැති .
 ගෙදරින් ලැබෙන සහයෝගය මතක් කරමු නේද..
ඇත්තටම මගේ ගුරුතුමිය තමයි මගේ අම්මා .මම ඇයගෙන් තමයි රංගනය මුලින්ම ඉගෙන ගත්තේ.ඇය මට දෙයක් කිව්වොත් ඒ දේ මම පිළිගන්නවා . තාත්තා තමයි මට ඉන්න ලොකුම ප්‍රේක්ෂකයා. 'මෙතන මෙහෙම කරන්න තිබුණා කියලා ' කියනවා. හැබැයි මම තාත්ත කියන දේට ඇහුන්කම් දෙනවා. ඕනෑම ප්‍රශ්නයකදී තුන් දෙනා එකතු වෙලා තමයි තීරණයකට එන්නේ.
 ඉදිරියේ දී දකින්න ලැබෙන නිර්මාණ මොනවාද ?
ටෙලි නාට්‍යය හතරක් එන්න තියෙනවා. ඒ වගේම ධර්ම යුද්ධය චිත්‍රපටිය එන්න තියෙනවා.
Description: Actress, Models, Thisuri Yuwanika speks about first love character

0 comments:

Post a Comment