Tuesday, October 4, 2016

Tagged Under: , , , ,

Chami Asanka Photos - Hot Model of Sri Lanka

By: Prosperity Tech On: 9:55 AM


ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රයේ චාමි අසංකා කියන නම මතුවුණේ පුංචි ආන්දෝලනාත්මක සිදුවීමක් සමගයි. රිවිසරසි පිටු අතරට චාමිගේ ලස්සන එකතුවන්නේ මේ අයුරිනුයි.

චාමි, නිරූපිකාවක් වුණු තැනින් කතාබහ අරඹමු?
නිරූපිකාවක් කියන හැඳින්වීමට වඩා මං ආසයි සරල කාන්තාවක් කියන හැඳින්වීම ලබන්න. මොකද නිරූපණ ක්‍ෂේත්‍රය හරිම අස්ථාවර තැනක්. හැමදාම නිරූපණයේ නියැළෙන්න අපට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

නිරූපිකාවක් වෙන්න තිබුණු ආසාවට දෙමාපියෝ විරුද්ධ වුණේ නැද්ද?
මගේ දෙමව්පියෝ කිසිම දවසක මට නීති දැම්මේ නැහැ. එයාලට මාව විශ්වාසයි. නිරූපිකාවක් විදියට මම බිකිනි ඇඳුමින් පින්තූර ගන්න අවසර ඉල්ලුවත් මට ඒකට අවසර ලැබෙනවා. මොකද මොන විදියේ නිරූපණ වැඩ කළත්, ඒවා ඉවරවෙලා ආපහු ගෙදරට එන්නේ එයාලගේ “දුව“ බව මගේ දෙමාපියෝ දන්නවා.
ලංකාවේ බොහෝ අය විවෘත ඇඳුම් විලාසිතා හෙළා දකිනවා නේද?
ඔව්. ලංකාවේ ගැහැනුන්ට ඇඟ නිරුවත් කරන්න එපා කියන අය, බොලිවුඩ් හොලිවුඩ් ගැහැනු නිරුවත් වෙනකොට ඒ දිහා ආසාවෙන් බලනවා. මම කියන්නේ මොකක් හරි විලාසිතාවක් කාටහරි ලස්සනයි නම් ඒවා කිරීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. පුද්ගලිකව මම නම් තැනට සුදුසු විදියට අඳිනවා. වෙනත් සීමා මායිම් නැහැ.

විලාසිතා තෝරා ගැනීමේදී චාමි බ්‍රෑන්ඩ් එක ගැන සැලකිලිමත්ද?
මම ලංකාවේ ඇඳුම් කඩවල ෂොපින් කරන්නේ නැහැ. මම ඇඳුම් ගන්නේ තායිලන්තයෙන්. බ්‍රෑන්ඩ් එකක් ගැන හිතනවට වඩා මම ඇඳුමේ ගුණාත්මක බව විතරයි බලන්නේ. මොකද බ්‍රෑන්ඩ් මොනවද, හොර ඒවා මොනවද කියලා අද කා‍ලේ හොයන්න බැහැ. ඒත් සුවඳවිලවුන් සහ අවු කණ්ණාඩි තෝරද්දී නම් මම හොඳම බ්‍රෑන්ඩ්වල දේවල් විතරයි තෝරන්නේ.

චාමි කවුරු හරි නිරූපිකාවක් අනුකරණය කරනවද?
කවදාවත් නෑ. ඒත් මම Sofia Loren කියන ඉතාලි නිරූපිකාවට හුඟක් ආසයි. මම එයාගේ වැඩ උනන්දුවෙන් බලනවා.

චාමි අසංකා සනී ලියෝන් වගේ කියලා කවුරුවත් කියලා නැද්ද?
හුඟක් අය කියනවා මම සනී ලියෝන් වගේ කියලා. එයා ඉන්නේ ඉතිං බොලිවුඩ්වලනේ. මම ඉන්නේ ලංකාවෙනේ. ලංකාවෙත්, සනී ලියෝන් කෙනෙක් ඉන්න එපැයි. එයාටත් තියෙන්නේ මගේ වගේ ඇඟක්. ඉතිං මම සනී ලියොන් වගේ කියනවට මම හුඟක් ආසයි.

කෑම බිම පාලනය කරනවද?
ඔව්. මම පහුගිය කෙටි කාලයට කිලෝ 14 කින් බර අඩු කරගත්තා. ඒකට උදව් වුණේ ව්‍යායාම. ලබන මාසයේ ජාත්‍යන්තර නිරූපණ තරගයකට සහභාගි වෙන නිසා මම මේ දවස්වල කෙට්ටු වෙමින් ඉන්නවා.

ඒ තරගය ගැනත් කියමු?
මිස් ට්‍රාන්සිස්ටා 2016 කියන තරගය මේ වතාවේ සැප්තැම්බර් මාසයේ බාසිලෝනා නගරයේ දී පැවැත් වෙනවා. ඒකට ලෝකයේ රටවල් 25 කින් ලිංගික විපර්යාසවලට ලක් වූ අය එනවා. ලංකාවෙන් කෙනෙක් මේ තරගයට යන පළමු අවස්ථාව මේකයි. ලංකාව වෙනුවෙන් ‍පොඩි හරි ජයග්‍රහණයක් ගේන්න මට පුළුවන් වුණොත් ඒක ලොකු වාසනාවක්.

චාමිගේ ලස්සන වීමේ රහස මොකක්ද?
ඔය ප්‍රශ්නය ඇහුවම හුඟක් නිරූපිකාවෝ කියන්නෙ මම වතුර බිලා ලස්සන වෙනවා කියලයි. ඒත් මම නම් ඒ විදියට ඇත්ත හංගන්නේ නැහැ. මම Grape Seed Oil කියලා තෙල් වර්ගයක් ඇඟේ ආ‍ලේප කරනවා. ඒක මිදි ඇටයේ සාරයෙන් හදන්නේ. ලංකාවේ මිලදී ගන්න තැනක් නැහැ. ඒකෙන් හමේ වයස පෙනුම අඩු කරනවා. මම රාත්‍රියට මුහුණට හොඳ නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. දවසට යෝගට් 2 ක් සහ ගස්ලබු ජූස් එකක් අනිවාර්යයෙන් බොනවා. ක්ෂණික ආහාරවලින් වැළකෙනවා. පැණිබිම වර්ග බොන්නේම නැහැ. හොඳට ව්‍යායාම කරනවා.

ආඩම්බරයි නේද?
ඔව්. හැම ගෑනු ළමයෙක්ම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යම් තරමකට ආඩම්බර වෙන්න ඕන.

ජීවිතය ගැන මොකද හිතන්නේ?
මම අතීතය ගැන පසුතැවෙන්නේ නැහැ. මම ගත්ත හැම තීරණයක් ගැනම මම අද සතුටුයි. ගොඩක් මිනිස්සු ආසාවන් හංගගෙන හිත දුකින් ජීවත් වෙනවා. ඒත් මම මට සාධාරණය ඉෂ්ට කළා.

ඉස්සර මිනිස්සු මට හරියට ගැරහුවා. මට කෙළ ගැහුවා. කතාන්දර කිව්වා. ඒත් මම නොසැලී මගේ ගමන ආවා. අද මම නිරාමිස සුවයෙන් ඉන්නවා.

ආගම දහමට හුඟක් නැඹුරු කෙනෙක්ද?
ඔව්. මම පින් කරනවා. හැමදාම හවස 6.30 ත් 7.00 ත් අතර කාලයේ අනිවාර්යයෙන්ම මම බුදුන් වඳිනවා. ඉස්සර මම මහණ වෙන්න ආසාවෙන් හිටියා. මම බුදුදහම ගැන හරිම උනන්දුයි. බෞද්ධ දර්ශනය හදාරනවා.

ආදරය ගැන?
ඉදිරියේ දී කතා කරමු.
සඳමාලි වර්ණසූරිය | (ඡායාරූප : චමිල කරුණාරත්න)

Description: Man became a woman Chami Asanka Actress, Models, Explore, Men, Women,

0 comments:

Post a Comment