Monday, September 26, 2016

Tagged Under: , , ,

Malee - Samadhi Arunachaya - Gossip Chat

By: Prosperity Tech On: 12:01 AM

ළඳ බොළඳ චරිත බාර ගන්න මගේ කැමැත්තක් නැහැ - පුංචි තිරේ මලී සමාධි අරුණචායා

මලී ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනා ගත් සමාධි අරුණචායා මව් පදවිය ලැබීමෙන් පසු රංගනයට කෙටි විරාමයක් තැබුවා. නමුත් ඒ නිහැඩියාවට සමු දෙමින් මලී හෙවත් සමාධි නැවත ඔබේ ආලින්දයට ගොඩවදින්නේ මේ දිනවල විකාශය වන මලී තුන හෙවත් සිඳු ටෙලි නාට්‍ය ඔස්සෙයි.
සමාධි නැවත කාර්යබහුල වෙලා?
ඔව් නේ.
මලී දැන් මවක්?
ඔව්. එය නම් ලොකු වෙනසක්. මගේ පොඩි වයසට වඩා තරමක් මුහුකුරා ගිය චරිතයක් නිසා මුල් කාලේදී තිගැස්මකුත් තිබුණා. මට වයසට සමිප වයසක ඉන්න නංගිලා මල්ලිලාට තමයි මේ චරිතය තුළ මට දුව පුතා කියලා කතා කරන්න වෙන්නේ.. ඉතින් යම් නුහුරු ගතියකුත් තිබුණා.හැබැයි මමත් මේ වෙනකොට මව් පදවිය ලැබූ කෙනෙක් ඉතින් ඒ තුළ යම් මුහුඛුරා ගිය මානසික මට්ටමකට මට එන්න පුළුවන් වුණා.. අනික අම්මා කෙනෙක් වෙන්නම ඕනේ මවකගේ හැඟීම හරියටම තේරුම් ගන්න. ඉතින් ඒ දැනෙන මවකගේ හැඟීම එක්ක මට මේ චරිතයට අවතීර්ණ වෙන්න තරමක් පහසු වුණා.

මලී ට තිබුණු ප්‍රේක්ෂක ආදරේ වෙනසක් තියෙනවාද?
මම හිතන්නේ තිබුණාටත් වඩා වැඩි ප්‍රේක්ෂක ආදරයක් දැන් තියෙනවා.
සිඳු හෙවත් මලී 3 පිළිබඳ ඔබේ අදහස?
මලී කොටස් 500 කළා. ඉන් පසු අත්තම්මා තවත් පැතිකඩක් ඔස්සේ ප්‍රේක්ෂකයාට ළං වුණා. මලි 3 හෙවත් සිඳු වෙනස්ම තේමාවක් ඔස්සේ තමයි දිග හැරෙන්නේ.නව චරිත කිහිපයක්ම සිඳු ඔස්සේ ඉස්මතු වෙලා ප්‍රේක්ෂක ආදරය දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මෙවරත් පුංචි දරුවන් ඔස්සේ සමාජයට හොඳ පණිවුඩයක් දෙමින් අලුත් වෙනසක් එක්ක සිඳු නිර්මාණය වෙලා තියෙනවා කියන්න පුවවන්.

ඔබ එකම චරිතය තුළ කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
නොහිතෙනවාම නෙමෙයි. හැබැයි එහෙම දැනෙන්නේ මම කරපූ නිර්මාණ ගොඩක් තවමත් විකාශනය වෙලා නැති නිසා. ඒ ිනිර්මාණත් එළියට ආවාට පස්සේ ඒකාකාරිබව දැනෙන එකක් නැහැ.. අනික මම කොහොමත් තෝරා බෙරා ගෙන රඟපාන කෙනෙක්. ළඳ බොළඳ චරිත බාර ගන්න මගේ කැමැත්තක් නැහැ.
සමාධි තෝරා ගන්න කැමැති චරිත මොනවද?
තෝරා ගන්න චරිතයේ ගුණාත්මක භාවය ගැන මම ගොඩක් හිතනවා. ඒ චරිතය මට ආලෝකයක් වෙනවා නම් මට ඒ චරිතය ආලෝකමත් කරන්න පුළුවන් නම් මම භාර ගන්නවා. මුදල් සෙවීමට හෝ ජනප්‍රිය වෙන්න හිතාගෙන ලැබෙන ඕනෑම චරිතයක් මම බාර ගන්නේ නැහැ.
ජනප්‍රියත්වය ගැන එතරම් තැකීමක් නැහැ වගේයි?
එදා ඉඳන්ම නොඅඩුව මට ඒ ජනප්‍රියත්වය ලැබුණා. එක චරිතයකින්ම මෙතරම් ප්‍රේක්ෂකයාගේ අවධානය ආදරය දිනා ගන්න ලැබිමත් වාසනාවක්. ඉතින් ඒ වාසනාවත් එක්ක මට ඕනේ හොද නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක හදවත්වල රැදෙනනයි.
දිර්ඝ කාලීනව සමාධි රංගනයේ යෙදේවිද ?
එහෙම ලොකු බලාපොරොත්තු නෑ.
පුංචි දූ ගැනත් විස්තර කියමු නේද?
දුවට තවම මාස හයයි. ඇගේ නම සලන්‍යා සයුන්දි මොරගොල්ල
දුවගේ වැඩ කටයුතු එක්ක කාලය වෙන් කර ගන්නේ කොහොමද?
බබාට කිසිම අඩුපාඩුවක් වෙන විදිහට මම වැඩ යොදා ගන්නේ නැහැ. එ නිසා රූ ගත කිරිම වලට පැය කිහිපයයි මම වෙන් කර ගෙන ඉන්නේ. කො‍ෙහාමත් මගේ ගෙදර අයගේ සහයෝගයත් මට නොඅඩුව ලැබෙනවා.
විවේකි වේලාවක් ලැබුණොත්?
පවුලේ අය එක්ක එකතු වෙලා කාලා බිලා මොනවාහරි කතා කරගෙන ඉන්න තමයි කැමැති.
ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමු නේද?
මගේ සැමියාගේ ප්‍ර‍ඩක්ෂන් හවුස් එකෙන් කෙරෙන ‘උක්කුවා‘ ටෙලි නාට්‍යයේ රූ ගත කිරිම් මේ දවස් වල කෙරි ගෙන යනවා මමත් ඒ නිර්මාණයට සම්බන්ධ වුණා. නමුත් බබාගේ වැඩ කටයුතු එක්ක වෙනත් අලුත් නිර්මාණ බාර ගත්තේ නැහැ. නමුත් මම කලින් කරපු ටෙලි නාට්‍ය සහ චිත්‍ර‍පටය ඉදිරියේදි නරඹන්න පුළුවන් වේවි.
Description: Samadhi Arunachaya, Sri Lankan Actress, Actress, Gossip,

0 comments:

Post a Comment