Thursday, January 29, 2015

Tagged Under: , ,

Interim Budget 2015 - Ministry of Finance and Planning sri lanka

By: Prosperity Tech On: 3:27 AM

2015 අතුරු අයවැය යෝජනා සියල්ල මෙන්න

ශ්‍රී ලාංකිකයින්ට උපරිම සහන දුන් අවස්ථාව මෙය වනු ඇති බව නව රජයේ අතුරු අයවැය අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
2014 අවසානයේ රජයේ ණය රු. බිලියන 8800 ඉක්මවන අතර සමස්ත ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 84.9%ක්.
  • මිලදී ගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා වැටුප් වැඩි කළ යුතුයි. 
  • පෙබරවාරි මස සිට රජයේ සේවකයින්ට රු. 5000ක්. ජූනි මාසයේ තවත් රු. 5000ක් ලෙස වැටුප් ඉහළට 
  • පුද්ගලික අංශයේ වැටුප් රු. 2500කින් වැඩි කරන ලෙස ඉල්ලීමක්  
  • පසුගිය රජය සමයේ වසා දැමූ කර්මාන්ත යළි ආරම්භ කිරීමට පියවර 
  • විශ්‍රාමික වැටුප් අප්‍රේල් මස සිට රු. 1000කින් ඉහළට 
  • සමෘද්ධි දීමනාව අප්‍රේල් මස සිට 200%කින් ඉහළට
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ගිණුම් සඳහා 15%ක පොළියක් 
  • ගර්භණී මාතාවන්ට රු. 20000ක දීමනාවක් 
  • වී සඳහා රු. 50ක සහතික මිලක් 
  • අඩු මුදලකට අත් ට්‍රැක්ටර් 
  • පොහොර සහනාධාරය තවදුරටත් 
  • නැවුම් කිරි ලීටරයක් මිලදී ගැනීමේදී රු. 10කින් ඉහළ දැමේ 
  • කොළඹ යළි පදිංචි කළ පවුල් සඳහා වන්දි මුදල් ඉහළට 
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විමධ්‍යගත අරමුදල 100%කින් එනම් රු. මිලියන 10ක් දක්වා ඉහළට
  • සෞඛ්‍ය සේවය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 3%ක් දක්වා ඉහළට 
  • රෝහල්වල බාහිර රෝගී අංශය පැය 24 ම ක්‍රියාත්මක කෙරේ
  • වකුගඩු රෝගීන් වෙනුවෙන් විශේෂ අරමුදලක් 
  • අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කෙරේ
  • භූමිතෙල් මිල තවත් රු. 6කින් පහළට. භූමි තෙල් ලීටරයක නව මිල රු. 59යි  
  • සූර්ය බලශක්ති ඒකක පිහිටුවා විදුලි බල වියදම් අවම කරයි
  • අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට සීනි මිල රු. 10කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට කිරි පිටි ග්‍රෑම් 400 මිල රු. 325 දක්වා අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රු. 12.50කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට හාල්මැස්සන් කිලෝ ග්‍රෑමයක මිල රු. 15කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට ටින් මාළු මිල රු. 60කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට කොත්තමල්ලි කිලෝග්‍රෑමයක මිල රු. 150කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට උම්බලකඩ කිලෝවක මිල රු. 200කින් අඩු කෙරේ
  • අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කිරීමට පොරොන්දු වුණ ත් 13ක අඩු කළා 
  • අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් අඩු කෙරේ
  • රාජ්‍ය බැංකුවල රු. ලක්ෂ 2ට අඩු උකස් කළ ස්වර්ණාභරණ සඳහා වන පොළිය කපා හරී
  • උපයන විට ගෙවීමේ බද්දෙන් මුල් රු. ලක්ෂ 6 ඉවතට 
  • අද මධ්‍යම රාත්‍රී සිට ධාරිතාව 1000ට අඩු මෝටර් රථ සඳහා වන බදු 15%කින් අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට දෙමුහුන් වාහනවල බදු අඩු කෙරේ
  • අද මධ්‍යම රාත්‍රී සිට සිමෙන්ති මිල රු. 90කින් අඩු කෙරේ
  • කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් රු. මිලියන 1000ක බද්දක් 
  • මත්පැන් අලෙවි හල්වලින් එක් වරක රු. 250000ක බද්දක් 
  • රු. 5000ක්ව පැවති විවාහ ලියාපදිංචි ගාස්තුව රු. 1000 දක්වා අඩු කෙරේ
  • චන්ද්‍රිකා මධ්‍යස්ථාන භාවිත කරන්නන්ගෙන් එක් වරක් ගෙවන රු. මිලියන 1000ක බද්දක් 
  • සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක් 
  • රජයේ අබලන් වාහන වෙන්දේසි කර රු. මිලියන 1000ක් ඉපයීමට පියවර
  • ආබාධිත රණවිරුවන්ට රු. ලක්ෂ 5ක උපරිමයක ණය මුදලක්  
  • මහපොළ ශිෂ්‍යාධාරය පෙබරවාරි සිට රු. 5000ක් දක්වා ඉහළට
  • විදුලි බල සහ ජලසම්පාදන වැනි ආයතනවල වසර 7කට වැඩි කාලයක් සේවය කරන අනියම් සේවකයින් ස්ථිර කරයි
  • පාඩු අවම කිරීම සඳහා මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් ඒකාබද්ධ කෙරේ 
  • ආරම්භක මුදලක් නොමැතිව බැංකු ගිණුමක් ආරම්භ කිරීමට අවස්ථාව  
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 50%කින් බස් ගාස්තු අඩු කරයි 
  • සියලු ධීවරයින්ට රු. මිලියනයක ජීවිත රක්ෂණයක් 
  • ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) සඳහා පොළී අනුපාතය 30%ක් දක්වා පහලට 
  • රජයේ වියදම්වලින් දේශපාලකයින්ගේ දැන්වීම් පළ කිරීම වහා නතර කළ යුතුයි.

0 comments:

Post a Comment