Wednesday, January 28, 2015

Tagged Under: , ,

Tharuka Wanniarachchi young viharamaha devi in Maharaja gemunu movie

By: Prosperity Tech On: 7:39 PM

තුරුණු වියේ විහාරමහා දේවිය වූ තාරකා
2015 ජනවාරි මස 27 12:24:30 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

Tharuka Wanniarachchi


SAN_3266
SAN_3206
 
  • විහාරමහාදේවිය ඔබ දන්නේ මොනවිදියටද?
ඉතිහාසයේ සිටි වීර කාන්තාවක ලෙස.
 
  •  විහාරමහාදේවිය ගැන ලියැවුණු කතා කියවලා තියෙනවද?
මුහුද ගොඩගලද්දී තම ජීවිතය පරදුවට තබා බිලිවූ වීර කාන්තාවක ලෙස, රට දැය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළ කාන්තාවක ලෙස අහලා තියෙනවා, කියවා තියෙනවා.

 
  • ඇය රූපයෙන් මොනවගේ කියලද ඔබ දැන සිටියේ?
රජ බිසවක්වූ නිසා අනිවාර්යයෙන් රූප සම්පත්තියෙන් අගතැන්පත් වෙන්න ඇති.

 
  • ඒ චරිතය රඟපෑමට ඔබට අවස්ථාව ලැබුණෙ කොහොමද?
ඇත්තටම මහරජ ගැමුණු චිත‍්‍රපටයේ විහාරමහාදේවියගේ තුරුණුවියේ චරිතය තමයි මට රඟපාන්න ලැබුණේ. මෙය මගේ පළමු චිත‍්‍රපට රංගනයයි. ජයන්ත චන්ද්‍රසිරි වැනි ප‍්‍රවීනයකුගේ චිත‍්‍රපටයක රඟපාන්න ලැබීමම වාසනාවක්. මෙම චරිතය සඳහා බොහෝදෙනෙකු ගැන ජයන්ත මහතා විමසුම් කර තිබුණා. නමුත් අවසානයේ මා ගැන අවධානය යොමුවෙලා. ඇත්තම කිව්වොත්, එය ලෙහෙසියෙන් ලැබුණු අවස්ථාවක් නොවෙයි. පවුලේ වතගොත වගේම පුද්ගලිකව චරිතය ගැනත් හොයලා තිබුණා. මම පාසල් අධ්‍යාපනය ලැබුවේ සපුගස්කන්ද විශාඛාවෙන්. ඉතින් ඒකම එක්තරා අවස්ථාවක් වුණා.

 
  • විහාරමහාදේවියගේ තුරුණු විය වෙනුවෙන් ඔබ හැඩගැන්වූ පසු මොකද හිතුණේ?
පුදුම ආඩම්බරකමක් වගේම අමුතු ගැම්මක් ඇතිවුණේ. මේ චරිතය හොඳටම කරන්න  ඕනෙ කියලා හිතුණා. මේ විදියට ඒ හැඩතල මවන්න, සෞන්දර්යය සරසවියෙ, අක්කලා, අයියලාගේ නිර්මාණ දායකත්වය ලැබුණා. එයාලවත් මේ මොහොතේ මතක් කළ යුතුමයි.

 
  • ඒ විදියට හැඩවෙලා රඟපාන්න ගියාම වෙච්ච දේවල් මොනවද?
මේ චිත‍්‍රපටයේ රූගත කිරීම් ඇරඹුණේ මා සහභාගී වූ දර්ශන පෙළකින්. එදා මම අශ්ව කරත්තයෙන් ඇවිත් බහින දර්ශනයකට රූගත කිරීම් කළ යුතු වුණා. ශිව හාමුදුරුවන් හමුවට යන දර්ශනයක්. එය අවස්ථා දෙකකදී රූගත කළා. දෙවන වතාවේදී ඉස්සරහින් ගිය අශ්වයින්ගෙන් එක් අශ්වයෙක් එකපාරටම ඇවිත් මා සිටි දෝලාවට ඔලූව එබුවා. පිඹගෙන ඇවිත් එහෙම කළේ. එක් වතාවක් ඔලූව දාලා, ආයෙත් IMG_3237පිඹගෙන එහෙම කළා. කොච්චර හයියෙන් මම කෑගැහුවද කිව්වොත්, මුළු පළාතටම ඇහෙන්න ඇති. ඒ පළාතේම මිනිස්සු ඒ සද්දයට දුවගෙන එන්න ඇති. ඒ මොහොත නම් මට කවදාවත් අමතක වන්නෙ නැහැ. මාවනැල්ල ප‍්‍රදේශයේදී තමයි මේ රූගත කිරීම් සිදුකළේ.

 
  • ඒ අශ්වයා කළබල වුණේ ඔබ දුටු නිසාලූ නේද?
කට්ටියම මට විහිළු කරන්න පටන්ගත්තෙ ඒ විදියට තමයි.

 
  • මෙහි කාවන්තිස්ස රජුලෙස රඟපාන්නෙ ශ‍්‍රියන්ත මෙන්ඩිස්. තරුණ වියේ බිසව ලෙස ඔහු හා රඟපාද්දි ඔබට ඇතිවූ හැඟීම?
ශ‍්‍රියන්ත අයියා එක්ක මීට පෙර මම රඟපාලා තියෙනවා. මෙහි විහාරමහාදේවිය ලෙස රඟපාන්නෙ ඔහුගේම බිරිඳ කුසුම් රේණු අක්කායි. මෙහි පළමු දර්ශනයට පෙනී සිටීමට ප‍්‍රථම කුසුම් රේණු අක්කා, හොඳට කරන්න පුතේ කියලා මට සුබ පැතුවා. කාවන්තිස්ස රජු සමඟ මට දෙබස් තිබුණෙ නැහැ. නමුත් ඒ ප‍්‍රවීනයින් එක්ක රඟපාද්දී පුදුම ගෞරවයක් ඇතිවුණේ.

 
  • මෙම චිත‍්‍රපටයේ පළමු දර්ශන පෙළ රූගත කළ අවස්ථාවේ ඔබ ඇත්තටම හැඬුවා කියලා ආරංචියි?
SAN_3260ඒ දර්ශන පෙළේ හැටියට ඇත්තටම ඇඬුණා. ගොඩාක් තාත්වික අවස්ථාවලදී එහෙම වෙනවා. එය නිරායාසයෙන්ම වෙන දෙයක්. මේ වගේ අලූත් කෙනෙකුගෙන්, එවැනි දෙයක් දැකීම සතුටට කරුණක් කියලා ජයන්ත චන්ද්‍රසිරි මහතා කිව්වා. උද්දික අයියා සහ කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා ඇතුළු බොහෝදෙනා මට සුබ පැතුවා.

 
  • මීට අමතරව අද දවසේ ඔබ රඟපාන තවත් නිර්මාණ මොනවද?
ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන අකඩවාරිය සහ ටීඑන්එල් එකේ විකාශය වන ඇහැලමහ නිකිණිය නාට්‍ය වෙතින් දැකගන්න පුළුවනි.

 
  • සැබෑ ජීවිතයේ ඔබගේ පේ‍්‍රම රාජයා කවුද?
රජෙක් කියලාම කියන්න බැහැ. එහෙම කෙනෙක් කවදාහරි ලැබේවි. ආදරය කියන දේ හරි පුදුම දෙයක්නෙ. සමහරවිට එක් මොහොතකින් නිමේෂයකින්, ආදරයක් ඇති වෙන්නත් පුළුවනි.
 

හැඩගැන්වීම් - චන්දිමා රාජපක්ෂ
 
SAN_3267
(lankadeepa.lk)
sadun-gamage
 

0 comments:

Post a Comment