Saturday, December 20, 2014

Tagged Under: , ,

Our children joke

By: Prosperity Tech On: 10:22 PM

කාගේ ගෑණු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි

උමතුසං වර්ෂාවට තෙමුණහම මොකද වෙන්නේ කියලා බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කියනවා.
ඒ ගැන දැන ගනිමු රට වට කර බැන්දත් කට වට කර බදින්න බැරි වැට නැති කටෙන්...

දුමින්ද දිසානායක
- අපි ජනවාරි මාසේ හදන ආණ්ඩුව වැඩ ගොඩක් කරන ආණ්ඩුවක්. විධායක බලය පමණක් අහෝසි කරන ආණ්ඩුවක් නෙමෙයි. යහ පාලනය විතරක් ගේන ආණ්ඩුවක් නොවෙයි.

විජිත් විජයමුණි සොයිසා
- වට්ටෝරුව හොදයි කියලා තමයි වාඩි වුණේ. අම්මට සිරි කෝකියෝ ටික පරණ සෙට් එක. චම්පික, ෆොන්සේකා, චන්ද්‍රිකා. මේ කෝකියෝ දැක්කට පස්සේ අයියෝ කෑම එපා වුණා. -

හරීන් ප්‍රනාන්දු
- අපි මේ දියත් කරන සටන පුද්ගලයෙක්ව දිනවන ඡන්දයක් නෙමෙයි. මේක ඇවිල්ලා වැඩපිළිවෙළක් දිනවන ඡන්දයක්. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණොත් අනාගතයක් හැදෙන්නේ ඔබේ දරුවාට. -

ආර්. දුමින්ද සිල්වා       
- මේක ගැන දරුවනි විශ්වාස කරන්න එපා. මෛත්‍රිපාල සිරිසේන ගිහිල්ලා තියෙන්නේ එතුමාට අගමැති ධුරය ලබාදුන්නේ නැහැ කියලා.  අගමැති ධුරය ලබා දුන්නානම් ඇතුලේ කුමන්ත්‍රණ ගහලා ගියානම් මොකද වෙන්නේ. -

සුනිල් හදුන්නෙත්ති
- බෝම්බේ පත්තු වුණේ ගේ අතුලෙමයි. හිතන්නකෝ බෝම්බයක් ගේ ඇතුළේ පත්තු වුණාට පස්සේ මොනවද කතා.  සුන් බුන් ගේ ඇතුලෙමයි.  වෙන තැනක බෝම්බයක් පත්තු වෙයි කියලා බලාගෙන සිටියේ.දැන් අතේ පත්තු වුණා.-

නිශාන්ත මුතුහෙට්ටිගම   
- හැබැයි යන්න හිටපු මැති ඇමතිවරු නැවතුනා. යන්නේ කොහෙද කියලා නොදැන යන රෑ කළුවරේ යන ගමනක් යන්නේ මෛත්‍රිපාල සිරිසේන. -

රාජිත සේනාරත්න        
- මේ පළාතේ ඉන්නවා එකෙක් ඔලුව පොඩියි බඩ මහතයි. මොලේ තියෙන්නේ ඔලුවේ නෙමෙයි පස්ස පැත්තේ. ඒක හින්දා වාඩි වෙන වෙලාවට ඒක තැලෙනවා. එහෙම උන් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ. -

බන්දුල ගුණවර්ධන       
- ඉතිං රටක් මෙහෙම පිස්සු කෙලින්න පුළුවන්යැ. ඉතිං සෝමපාල ගුණධීර ලීවා උමතුසං වරුසාව එනවා තෙමෙන අය ඒ මහා වැස්සට සිහි විකල්වී පරළ වෙනවා. පිස්සන් රජ වුණත් එකයි රජුන් පිස්සෝ වුණත් එකයි. කාගේ ගෑණු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි. 

(hirunews.lk)


0 comments:

Post a Comment