Thursday, November 13, 2014

Tagged Under: , , ,

SayThanks with Facebook's personalized video cards

By: Prosperity Tech On: 7:33 PM

ස්තුති කිරීමේ වීඩියෝවක් නිර්මාණය කරමින් මිතුරන්ට ස්තුති කිරීමේ පහසුකමක් ෆෙස්බුක් ආයතනය හදුන්වාදෙයි.


මෙම වසර තුල මහත් වූ සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට ෆෙස්බුක් ආයතනයට හැකි වී තිඛෙනවා. එම සාර්ථකත්වය සදහා හේතුව නම් පරිශීලකයින්ගේ සිත්ගන්නා පහසුකම් ගණනාවක්ම සමාජ ජාලය වෙත එක් කිරීමයි. උදාහරණයක් වශයෙන් පෙබරවාරි මස හදුන්වාදුන් ,ඛදදන ඊ්ජන, පහසුකම හදුන්වන්න පුළුවන්. එම පහසුකම භාවිතා කරමින් ෆෙස්බුක් සමාජ ජාලය තුල තමන් ගත කල කාලය සිහිකරවන කුඩා වීඩියෝ පටයක් තමාටම නිර්මාණය කරගැනීමට හැකියාව තිඛෙනවා.


ෆෙස්බුක් ආයතනය මීට දින කිහිපයකට පෙර හදුන්වා දුන් එවැනිම අලුත් පහසුකමක් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. එම අලුත්ම මෙවලම හදුන්වන්නේ ,ී්හ ඔය්බනි, යනුවෙනි. යම්කිසි මිතුරෙක් සදහා විශේෂ ස්තූතියක් පුද කිරීම සදහා එය ඉතාමත්ම අනර්ඝ පහසුකමකි. එහිදී ඔබේ සහ ඔබේ මිතුරාගේ පින්තූර සහ පොස්ට්ස් යොදා ගනිමින් ස්තූති කිරීමේ අලංකාරවත් වීඩියෝවක් පහසුවෙන්ම නිර්මාණය කරගන්නට පුළුවන්. විශේෂ මිතුරෙකුට ස්තුතිය පුදකිරීම සදහා නිර්මාණය කරගනු ලබන එම වීඩියෝව නිර්මාණය කරගැනීමේදී ඔබ කැමති පින්තූරයන් තෝරාගැනීමේ පහසුකම ඔබට ලැඛෙනවා. එහෙයින් වඩාත් අලංකාරවත් වීඩියෝවක් නිර්මාණය කරගන්නට හැකියාව තිඛෙනවා.

මේ වන විට ඩෙස්ක්ටොප් සහ මොබයිල් සයිට්ස් වලට මෙම පහසුකම ඇතුලත් කර කර ඇති අතර එම පහසුකම මගින් ඔබ උපරිම ප්‍රයෝජන අරගනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. සැමට කලියෙන් මෙම පහසුකම පිලිබදව ඔබව දැනුවත් කිරීමට ලැබීම ගැන නොදුටු ලෝකය අප සතුටු වෙනවා.

එම පහසුකම භාවිතා කිරීම සදහා ඔබ කලයුතු වෙන්නේ පහත ඇති වෙබ් ලිපිනයට පිවිසීමයි. 
http://facebook.com/thanks

අලුත් පහසුකම ගැන මිතුරන් දැනුවත් කරන්න ලිපිය පහතින් ීය්රු කරන්නට අමතක කරන්න එපා.

0 comments:

Post a Comment