Wednesday, September 17, 2014

I am still going on shopping

By: Prosperity Tech On: 6:03 AM
Add caption

Politicians sing songs in Uva stage

By: Prosperity Tech On: 2:31 AM

ඌව මැතිවරණ වේදිකාවේ ගීත ගායනා (සංස්කරණය නොකළ වීඩියෝ)

Arnold Schwarzenegger says he can work in Bollywood

By: Prosperity Tech On: 2:00 AM

ආර්නල්ඩ් ස්වොට්සනේගර්ගේ කොලිවුඩ් සිහිනය

ඉන්දීය සිනමා පටයකට රංගනයෙන් දායක වීමට තමන් කැමැත්තෙන් පසුවන බව හොලිවුඩ් සුපිරි නළු ආර්නල්ඩ් ස්වොට්සනේගර් (Arnold Schwarzenegger) පවසා තිබේ.
ඔහු මේ බව සඳහන් කළේ, ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින අවස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී ය.

ඔහු ප්‍රකාශ කළේ, ශංකර් (Shanmugam Shankar) නමැති දෙමළ සිනමා‍ අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයකට දායක වීමට වඩා ත් කැමති බව ය.
ඊට අමතරව, ඉන්දීය නළු නිළියන් සමග රඟපෑමට ද තමන් විශේෂ කැමැත්තක් බව දෙවරක් කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධුරය හෙබවූ ආර්නල්ඩ් ස්වොට්සනේගර් පැවසීය.
තමන්ගේ දේශපාලන කටයුතු හේතුවෙන් සිනමාවෙන් ඈත්ව සිටි බව ත්, Terminator 5 චිත්‍රපටය හරහා යළි ත් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ඉඩ සැලසුණු බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
SOURCE: NDTV




Upeksha and Akalanka hot dance in Cinderella

By: Prosperity Tech On: 12:15 AM

උපේක්ෂා හා අකලංකගේ අනුරාගී රැඟුම 

ඉනෝකා සත්‍යාංගනී විසින් අධ්‍යක්ෂණය කරන ලද “සින්ඩරෙල්ලා” චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතය. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අකලංක ගනේගම විසිනි.

මෙම චිත්‍රපටයේ බොහෝ අදාර ජවනිකා හේතුවෙන් චිත්‍රපටය රූගත කරන සමයේම උපේක්ෂා සහ අකලංක පෙම්වතුන් බවට රාවයක් පැතිරී ගොස් තිබුණි. 

රූගත කිරීම් අතරතුරදී උපේක්ෂා මුහුදට ගසාගෙන ගොස් තිබූ අතර මුහුදු රැලේ සරට ඇගේ ඇඳුම් පවා ගැලවී ගොස් තිබූ අවස්තාවක ඇයව බේරාගෙන තිබුනේ අකලංක විසිනි. 

එම චිත්‍රපටයේ උපේක්ෂා හා අකලංක රඟන අනුරාගී වීඩියෝවක් බලන්න පහතින්


Tuesday, September 16, 2014

Solanje Gunawijeya Miss Sri Lanka for Miss Earth 2013 accepts SL Amu Miris Challenge

By: Prosperity Tech On: 10:13 PM

ශ්‍රී ලංකා මිහිකත රූ රැජිණ අමු මිරිස් අභියෝගයට එක්වී

රජරට වකුගඩු රෝගයෙන් පෙළෙන සුවහසක් ජනතාවගේ හිතසුව වෙනුවෙන්, පොළොන්නරුව මහ රෝහලේ වකුගඩු ඒකකයට රුධිර කාන්දු පෙරණය සඳහා අවශ්‍ය වන Reverse Osmosis (RO) පරිත්‍යාග කිරීම පිණිස, SL AID මඟින් සංවිධානය කළ ශ්‍රී ලංකාවේ සොඳුරුතම අභියෝගය SL Amu Miris Challenge සමඟ 2013 වසරේ ශ්‍රී ලංකා මිහිකත රූ රැජිණ සහ ශ්‍රී ලංකා ජාතික කාන්තා පැසිපන්දු කණ්ඩායමේ සාමජිකාවක් වන සොලන්ජි ක්‍රිස්ටිනා ගුණවිජය මෙනවිය පසුගිය 15වැනිදා එක් වුණාය.
එහිදී ඇය අමු මිරිස් කරල් 3ක් මිනිත්තු දෙකක කාලයකදී අනුභව කරන ලද අතර ඇගේ හිතවතුන් වන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලී මහත්මියට, හිරාන් විජේසූරිය මහතාට, ජනප්‍රිය ගායක මලිත් පෙරේරා මහතාට, ජනප්‍රිය ගායක ගයාන් අරෝෂ සහ 2013 වසරේ ලෝක මිහිකත රැජිණ වශයෙන් කිරුළු පැළඳි ඔස්ට්‍රියානු ජාතික කතියා වැග්නර් මෙනවියට අමු මිරිස් අභියෝගය සමඟින් එක්වන ලෙසට අභියෝග කෙරුණා.
ඇය අමුමිරිස් අභියෝගය ජයගත් එම වීඩියෝව අන්තර්ජාලයේදී youtube හරහා ඔබට දැකගත හැකියි.

Bhagya Gurusinghe's Wedding

By: Prosperity Tech On: 5:49 AM
භාග්‍යයා ගුරුසිංහ යුග දිවියට
ජනප්‍රිය යොවුන් නිලි භාග්‍යා ගුරුසිංහ යුග දිවියට එළඹ ඇතැයි වාර්තා වේ. භාග්‍යාගේ විවාහ උත්සවය අද දිනයේ (15) හිල්ටන් හෝටලයේ පැවැත්වෙන බවට අප වෙත තොරතුරු වාර්තා වී තිබේ. 

ඇය විවාහ වී ඇත්තේ පියුශාන් රත්නායක සමගින් වන අතර පියුශාන් ගේ පියා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතෙකු බවද වාර්තා වේ. 

පියුශාන් රත්නායක විසින් ගායනා කරන ලද "ඔබේ නීල නෙත් මානයේ" ගීතයේ රූප රචනා වලට සහභාගී වන අතරතුර පියුශාන් හා භාග්‍යයා අතර හාදකම ඇතිවී තිබේ.

භාග්‍යා මනාලියක ලෙස චම්පි සිරිවර්ධන අතින් හැඩ වූ අයුරු බලන්න පහතින්

Tuesday, September 9, 2014

බ්‍රිතාන්‍ය කිරුළට තවත් උරුමකරුවෙක් එයි

By: Prosperity Tech On: 4:03 AM


කේට් කුමරිය යළි ගැබ්ගෙන ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. ඇය දැන් සති 12ක ගැබිණියක බවත් විවිධ අපහසුතාවලින් පෙළෙන බැවින් දිගින් දිගට ම උත්සව කල් දැමීම හා මග හැරීමට සිදුවීම හේතුවෙන් ඒ බව මාධ්‍යයෙන් වසන් කිරීමට නොහැකි වී ඇතැයි රජ ගෙදර අරංචි පවසයි. විලියම් කුමරු මාධ්‍යයට පවසා ඇත්තේ තම පවුලේ දෙවැනි දරු උපත 2015 වසන්ත කාලයේ දී එනම් අප්‍රේල් මාසයේ දී අපේක්ෂා කරන බවයි. පළමු දරුවා ජෝර්ජ්ගේ දැන් වයස මාස 13කි. විලියම් කුමරු මෙසේ කියා ඇත. ‘‘ ඇය දැන් යම් යම් අපහසුතාවලින් පෙලෙනවා. සතියකින් හෝ දෙකකින් ඇය සාමාන්‍ය තත්ත්යට පත්වේයැයි විශ්වාස කරනවා. මෙය අප ප්‍රීතියට පත්කළ පුවතක්. මා දැන් ඇය ගැන සොයා බැලීමට යා යුතුයි.“ ඉපදිමට සිටින දරුවා කිරුළට හිමිකම් කියන හතරවැනියා වෙයි. එවිට හැරී කුමරුට හිමිවන්නේ පස්වැනි ස්ථානයයි. බ්‍රිතාන්‍ය මාධය පවසන්නේ 1990 වර්ෂයේන පසු බ්‍රිතාන්‍ය රජපවුලේ ගැහැනු දරුවකු උපතලබා නැති බවයි. විලියම් කුමරුගේ නෑනාවන ඉයුජින් කුමරිය 1990 දී උපතලැබුවාය. විලියම් හා කේට් යුවළ ජෝර්ජ් කුමරු සමග මේ මස අවසානයේ නෝෆෝලික්හි නව නිවසකට යාමට නියමිතය. ඒ නිවස මේ යුවළගේ විවාහ මංගල උත්සවයේ දී එලිසබෙත් රැජන විසින් පරිත්‍යාග කරන ලද්දකි. ගුවන් ගිලන්රථ නියමුවකු ලෙස විලියම් කුමරුගේ රැකියාවට මේ නිවසේ පදිංචිව සිටීම පහසුවක් වනු ඇත.
 

Thursday, March 29, 2012

උදාරිගේ තැනට නෙහාරා රිංගයි

By: Prosperity Tech On: 11:39 AM


අපේ නළු නිළියෝ මාධ්‍ය නොසලකා හැරීම දැන් දැන් පුරුද්දක් කරගෙන.

අනර්කලී ආකර්ශා මාධ්‍යට එහෙම දාපු සද්දයක් ගැන පසුගිය දවසක අපි කිව්වනේ.

ඔන්න දැන් නෙහාරටත් මේ උණ බෝවෙලාලූ.

නෙහාරව සම්බන්ධ කරගන්න හදපු ජනමාධ්‍ය ආයතන කිහිපයක්ම හිතාමතාම මග ඇරපු නෙහාරා එහෙම කරන්නෙ ඇයි කියලත් අපි හෙව්වා.

මෙගා නාට්‍ය බහුතරයක පෙම්වතා විදියට රංගනයේ යෙදෙන මේනකගේත් නෙහාරගේත් තිරයෙන් පිටුපස පේ‍්‍රම අන්දරයට පහුගිය කාලේ මාධ්‍ය වලින් හරි හරියට ප‍්‍රචාරයක් දුන්නා.

ජනප‍්‍රිය චරිත වලට මාධ්‍යයන්ගෙන් ඒ විදියෙ ප‍්‍රතිචාර ලැබෙන එක මහ පුදුමයක් වුණු නෙහාරා මාධ්‍ය වලට කුඩම්මාගේ සැලකිල්ල දක්වන්න ඒවත් හේතු වෙන්න ඇති.

ඒ විතරක් නෙවෙයි මේනක රංගනයේ යෙදෙන හැම නාට්‍යකටමත් රිංගන්න නෙහාරා දැන් පටන් අරගෙන මේනක සහ උදාරි ප‍්‍රධාන චරිත නිරූපණය කරන "සිහින පියාපත් ටෙලිනාට්‍යයෙන් සමුගන්න උදාරි මේ වෙද්දි තීරණය කරලා ඉවරයි.

ඒ හිස්තැනටත් රිංගන්න බලාගෙන නෙහාරා ඇහැගහගෙන ඉන්නවා කියලා තමයි අපිට නම් ආරංචි උනේ.


Sunday, February 5, 2012

හිරුණිකා දේශපාලනයට පිවිසීමට තීරණය කරයි

By: Prosperity Tech On: 3:23 AM
මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය දේශපාලනයට පිවිසීමට තීරණය කළ බව වාර්තා වෙනවා.

පියාගේ අඩිපාරේ යමින් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තමා දේශපාලනයට පිවිසීමට තීරණය කළ බව සදහන් කර ඇත්තේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 28වැනි සංවත්සරික උත්සවයට ලිපියක් යොමු කරමිනි.

එම ලිපිය මඟින් ඇය එම පක්‍ෂයේ සාමාජිකත්වය ඉල්ලා ඇති අතර පසුගිය සතියේ දී දේශපාලනයට පිවිසිම පිළිබඳ ශ්‍රී ලංකා මහජන පක‍ෂ නියෝජිතයින් සමග සාකච්ඡා ද පවත්වා තිබෙන බවටද වාර්තා වෙනවා.

හිරුනිකා විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට අදහස් කරන බව පසුගිය කාලයේ එක්තරා පුවත්පතක ප්‍රකාශ කර තිබුනු අතර පසුව ගොසිප්9 කළ විමසුමකදී ඇය ප්‍රකාශ කළේ නව පක්ෂයක් පිහිටුවීමට යන පුවත අසත්‍යයක් බවයි.

mahela

By: Prosperity Tech On: 3:18 AM