Wednesday, September 17, 2014

Tagged Under: ,

Arnold Schwarzenegger says he can work in Bollywood

By: Prosperity Tech On: 2:00 AM

ආර්නල්ඩ් ස්වොට්සනේගර්ගේ කොලිවුඩ් සිහිනය

ඉන්දීය සිනමා පටයකට රංගනයෙන් දායක වීමට තමන් කැමැත්තෙන් පසුවන බව හොලිවුඩ් සුපිරි නළු ආර්නල්ඩ් ස්වොට්සනේගර් (Arnold Schwarzenegger) පවසා තිබේ.
ඔහු මේ බව සඳහන් කළේ, ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින අවස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී ය.

ඔහු ප්‍රකාශ කළේ, ශංකර් (Shanmugam Shankar) නමැති දෙමළ සිනමා‍ අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයකට දායක වීමට වඩා ත් කැමති බව ය.
ඊට අමතරව, ඉන්දීය නළු නිළියන් සමග රඟපෑමට ද තමන් විශේෂ කැමැත්තක් බව දෙවරක් කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධුරය හෙබවූ ආර්නල්ඩ් ස්වොට්සනේගර් පැවසීය.
තමන්ගේ දේශපාලන කටයුතු හේතුවෙන් සිනමාවෙන් ඈත්ව සිටි බව ත්, Terminator 5 චිත්‍රපටය හරහා යළි ත් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ඉඩ සැලසුණු බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
SOURCE: NDTV




0 comments:

Post a Comment