Tuesday, September 16, 2014

Tagged Under: ,

Solanje Gunawijeya Miss Sri Lanka for Miss Earth 2013 accepts SL Amu Miris Challenge

By: Prosperity Tech On: 10:13 PM

ශ්‍රී ලංකා මිහිකත රූ රැජිණ අමු මිරිස් අභියෝගයට එක්වී

රජරට වකුගඩු රෝගයෙන් පෙළෙන සුවහසක් ජනතාවගේ හිතසුව වෙනුවෙන්, පොළොන්නරුව මහ රෝහලේ වකුගඩු ඒකකයට රුධිර කාන්දු පෙරණය සඳහා අවශ්‍ය වන Reverse Osmosis (RO) පරිත්‍යාග කිරීම පිණිස, SL AID මඟින් සංවිධානය කළ ශ්‍රී ලංකාවේ සොඳුරුතම අභියෝගය SL Amu Miris Challenge සමඟ 2013 වසරේ ශ්‍රී ලංකා මිහිකත රූ රැජිණ සහ ශ්‍රී ලංකා ජාතික කාන්තා පැසිපන්දු කණ්ඩායමේ සාමජිකාවක් වන සොලන්ජි ක්‍රිස්ටිනා ගුණවිජය මෙනවිය පසුගිය 15වැනිදා එක් වුණාය.
එහිදී ඇය අමු මිරිස් කරල් 3ක් මිනිත්තු දෙකක කාලයකදී අනුභව කරන ලද අතර ඇගේ හිතවතුන් වන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලී මහත්මියට, හිරාන් විජේසූරිය මහතාට, ජනප්‍රිය ගායක මලිත් පෙරේරා මහතාට, ජනප්‍රිය ගායක ගයාන් අරෝෂ සහ 2013 වසරේ ලෝක මිහිකත රැජිණ වශයෙන් කිරුළු පැළඳි ඔස්ට්‍රියානු ජාතික කතියා වැග්නර් මෙනවියට අමු මිරිස් අභියෝගය සමඟින් එක්වන ලෙසට අභියෝග කෙරුණා.
ඇය අමුමිරිස් අභියෝගය ජයගත් එම වීඩියෝව අන්තර්ජාලයේදී youtube හරහා ඔබට දැකගත හැකියි.

0 comments:

Post a Comment