Sunday, November 20, 2016

Tagged Under: , ,

Heen Baba - Sena Gunawardhana

By: Prosperity Tech On: 4:57 PM

සිදූ හි හීන් බබා සීයාගේ සැබෑ තතු මෙන්න

හීන් බබා සීයා මේ දිනවල බාල, මහලූ‍ කොයි කා අතරත් කතාබහට ලක්‌වෙන චරිතයක්‌, ”සිදූ” ටෙලි නාට්‍ය තුළින් අප කා අතරත් ජනප්‍රිය චරිතයක්‌ වූ ”හීන් බබා සීයා” සමඟ කෙටි පිළිසඳරකට එක්‌වන්නට අපට අවස්‌ථාව ලැබුණා. රූපගත කිරීම් අතරමඟ වුව ද ඒ සොඳුරු චරිතය අප හා එක්‌වන්නට අමතක කළේ නෑ. ඔහු නමින් ”සේන ගුණවර්ධන”

සේන අයියා කියන්නද ? ”හීන් බබා සීයා” කියන්නද ?

කැමැත්තක්‌.

හරි අපි සේන අයියා කියන්නම්. ඉතිං සේන අයියේ ”සිදූ” ටෙලි නාට්‍ය තුළින් ඔබ මේ වන විට ගොඩක්‌ ජනතාව අතරට ගිහිං. වැඩිපුරම පොඩි දරුවන් අතර.


ඔව්, පොඩි දරුවන් අතර මම ”හීන් බබා සීයා” ගොඩක්‌ ජනප්‍රියයි. පාරේ යන කොටත් හීන් බබා සීයේ කියලා පොඩි දරුවෝ කතා කරනවා. පොඩි දරුවෝ එක්‌ක රඟපාන එක හරිම සතුටුයි. ඒක ජීවිතයේ හරි සොඳුරු අත්දැකීමක්‌. මං හරි ආසාවෙන් තමයි පොඩි දරුවෝ එක්‌ක රඟපාන්නේ. මට හරි සතුටක්‌ ඒක.

ඉතින් අපිට කියන්නකෝ ඔබ මෙතෙක්‌ ආ ගමන ගැන කෙටියෙන් ?

ඔව්, මම ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ අවුරුදු 12 ක්‌ සේවය කරලා වෛද්‍ය හේතු මත සේවයෙන් අයින් වෙනවා. ඊට පස්‌සේ තමයි මං රඟපාන්න පටන් ගන්නේ. මගේ ගම බදුල්ල පහළගම. හරි සුන්දර ගමක්‌. මම ඉස්‌කෝලේ ගියේ බදුල්ල විජයරාජ විද්‍යාලයට. මං දැන් පදිංචි වෙලා ඉන්නේ මත්තෙගොඩ කිරිගත්පමුණුව ගමේ. දැනට අවුරුදු 25 ක්‌ පමණ වෙනවා මෙහේ පදිංචියට ඇවිත්. කලා ක්‌ෂේත්‍රයට ඇවිත් අවුරුදු 12 විතර වෙනවා. මගේ බිරිඳ රාජ්‍ය සේවයේ රැකියාවක්‌ කරනවා. මගේ පුතා පරිගණක අංශයේ රැකියාවක්‌ කරනවා.

හැරී විමලසේන මහත්මා යටතේ රංග කලාව මම දීර්ඝ කාලයක්‌ හදාරනවා. ඊට අමතරව බන්දුල විතානගේ, සරත් දික්‌කුඹුර, සුගත් සමරකෝන් යන අයගෙන් මං නාට්‍ය හා රංග කලාව ගැන බොහෝ දේ ඉගෙන ගන්නවා. ඒ අතරතුර සුගත් සමරකෝන්ගේ වේදිකා නාට්‍යයකට මම සම්බන්ධ වෙනවා. ඒ අතරතුර ටෙලි නාට්‍ය ගණනාවක පොඩි පොඩි චරිත මට කරන්න අවස්‌ථාව ලැඛෙනවා. ඒ අතරම මට ”මලී” හා ”අත්තම්මා” ටෙලි නාට්‍යවල ”හීන් බබා” හා ”හීන් බබා මාම” යන චරිතවලට සම්බන්ධ වෙන්න අවස්‌ථාව ලැඛෙනවා. ඉතිං, ”සිදූ” ටෙලි නාට්‍යයේත් හීන් බබා ම ”හීන් බබා සීයා” වෙලා ප්‍රේක්‌ෂකයන් අතරට යනවා. මනෝඡ් කියලා මගේ යාළුවෙක්‌ තමයි ”මලී” ටෙලි නාට්‍යයට මාව හීන් බබා විදියට සම්බන්ධ කරන්නේ. ඔහොම ආපු ගමනේ දී තමයි හීන් බබා සීයා හමුවන්නෙත්. ”හීන් බබා සීයා” මේ වන විට ජනප්‍රිය චරිතයක්‌.

කොහොම ද මේ චරිතය ඔප මට්‌ටම් කරන්න ඔබේ අනෙකුත් ශිල්පීන්ගෙන් ලැඛෙන සහයෝගය ?

ඔව්, අපි ඉතාමත් සහයෝගයෙන් සතුටින් වැඩ කරන්නේ. මේ ටෙලි නාට්‍ය අධ්‍යක්‌ෂණය කරන්නේ තිළිණ බොරලැස්‌ස, නිෂ්පාදනය ජානක සිරිවර්ධන. අපි හරි සහයෝගයෙන් වැඩ කරන්නේ. මේ අධ්‍යක්‌ෂවරයා ඉතා සුන්දර මනුස්‌සයෙක්‌. ඉතා ඉවසිල්ලෙන් සතුටින් වැඩ කරන කෙනෙක්‌. ඉතිං ගොඩක්‌ සතුටින් වැඩ කරගෙන යනවා. මේ ටෙලිනාට්‍යයේ ගොඩක්‌ ප්‍රවීණ රංගන ශිල්පීන් රංගනයේ යෙදෙනවා. ඒ අතර මතක්‌ කරන්න ඕන ඩබ්ලිව්. ජයසිරි මහත්මා, එතුමා ලොකු හාමුදුරුවන්ගේ චරිතය නිරූපණය කරනවා. ඇත්තටම ඒ වගේ සුන්දර මිනිසුන් සමඟ රඟපාන්න ලැබීම ගැන මම පෞද්ගලිකව ගොඩක්‌ සතුටට පත් වෙනවා.

කොහොමද ඔබ නවක පරපුර ගැන හිතන්නේ ?

මේ ක්‌ෂේත්‍රයේ රැඳිලා ඉන්න හරි අමාරුයි. අපිත් විශාල කැප කිරීමක්‌ කරලා තමයි මේ ක්‌ෂේත්‍රයට ආවේ. හැදැරීමක්‌ සමඟ මේ ක්‌ෂේත්‍රයට එන්න ඕන. එතකොට තමයි පැවැත්මක්‌ තියෙන්නේ. මම පෞද්ගලිකව ලොකු කට්‌ටක්‌ කාලයි මේ තැනට ආවේ. මම කියන්නේ මේකේ ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනව. එක රැයෙන් ජනප්‍රිය වෙන්න බෑ. නවකයන්ට මම කියන්නේ එන්න, හදාරන්න, රැඳිලා ඉන්න, කියන එක තමයි. ගොඩක්‌ දක්‌ෂ නවක රංගන ශිල්පීන් මේ වන කොට බිහිවෙලා තියෙනවා. ඒ අයට මට කියන්න තියෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පීන්ටත් ගරු කරන ගමන් තමන්ගේ ගමන සාර්ථක කර ගන්න කියන එක තමයි.

ඔබ මෙතෙක්‌ ආ ගමනේදී ඔබට මතක්‌ කරන්න එහෙමත් නැත්නම් ඔබේ සාර්ථකත්වය පිටුපස සිටි අය ගැන සඳහන් කළොත් ?

ඔව් මගේ ආදර බිරිඳ හැම වෙලාවෙම මගෙ ළඟ හිටියා. මගෙ පුතා මා එක්‌කම හිටියා. ඒ වගේ ම තමයි බන්දුල විතානගේ ජානක සිරිවර්ධන, ”මලී”, ”අත්තම්මා” කරපු සුනන්ද සිරිවර්ධන මගේ මේ ගමනට ගොඩක්‌ සහයෝගය දුන්නා. ඒ වගේම තමයි නම් කියපු නොකියපු සියලූ‍ දෙනාවම මං මේ වෙලාවේ මතක්‌ කරනවා. ඒ වගේම තමයි දුලීකා මාරපන. සරත් චන්ද්‍රසිරි අමතක කරන්න බැහැ. ඒ අයත් එක්‌ක රංගන ජීවිතයේ ගොඩක්‌ අත්දැකීම් ලබා ගත්තා. ඉතිං ඔහොම තමයි මේ ගමන ආවේ. තව ඉදිරියට රංගන කලාවට ම යොමුවෙලා ප්‍රේක්‌ෂකයන්ට අලූ‍ත් දෙයක්‌ දෙන්න තමයි බලාපොරොත්තුව.

ටිරෝන් බුද්ධික ලියනගේ

මිතුරන්ටත් බලන්න Share කරන්න...
Description: Actors, Entertainment News, Gossip,

0 comments:

Post a Comment