Wednesday, October 19, 2016

Tagged Under: , ,

Senali Fonseka hot show At Shooting Location

By: Prosperity Tech On: 10:24 AM

මම තවම.... මගේ තැන හදාගෙන යනවා - සෙනාලි ෆොන්සේකා

කලා පරපුරකින්... පැවත එන සෙනාලි ෆොන්සේකා කාගේ කවුද කියලා හඳුන්වන්න ඕනෑම නැහැ කියලයි අපිට හැඟෙන්නේ. මොකද සෙනාලි කියන නම කියූ

සැනින් බොහෝ දෙනෙක්‌ දන්නවා ඇය මාලනීගේ දුවක්‌ බව. ඔන්න සෙනාලිත් ලංකාවට ඇවිත්. හැබැයි මෙදාපාර ඇය ලංකාවට ඇවිත් තියෙන්නේ ආපහු යන්න බලාගෙන නෙමෙයිලු. අධ්‍යාපන කටයුතු අවසන් කරලා රඟපෑමට ලොකු කාලවේලාවක්‌ ලබාදන්න තමයි මේ පාර ඇය සූදානම් වෙන්නේ.
සෙනාලි කවදාද ලංකාවට ආවේ ? පසුගිය 03 වැනිදා තමයි ලංකාවට ආවේ.
හදිසියේම ලංකාවට ආවේ ඇයි ? හදිසියේම නෙමෙයි. මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරපු හින්දා තමයි ලංකාවට ආවේ.
සෙනාලි දැන් උපාධිධාරිණියක්‌ ?  ඔව්. ජීව විද්‍යා වෛද්‍ය අංශයෙන් විද්‍යාඥවරියක්‌ විදිහට උපාධිධාරිණියක්‌.

ලංකාවට ආවේ දිගටම රඟපාන්න බලාගෙනද? දිගටම රඟපාන්න ලැබෙයිද කියන්න දන්නේ නැහැ. නමුත් මට වැඩිකාලයක්‌ රඟපාන්න ලැබුණේ නැහැ. මගේ මුල් චිත්‍රපටය වන සිරිපැරකුම් චිත්‍රපටයෙන් පසුව මම අධ්‍යාපන කටයුතුවලට තමයි මූලිකත්වය ලබාදුන්නේ. ඒ කාලයේදී රඟපෑම වෙනුවෙන් ලොකු කැපකිරීමක්‌ කරන්න බැරිවුණා.
නිර්මාණ රැසකට ආරාධනා ලැබුණා කියන්නේ ඇත්තද? ඔව්. චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා.
ලැබුණ ආරාධනා භාරගත්තාද? මට වෙනස්‌දෙයක්‌ කරන්න පුළුවන් කියලා හිතුණ වෙනස්‌ම වැඩක්‌ භාරගත්තා. තව නිර්මාණ වලටත් ආරාධනා ලැබිලා තියෙනවා.
දීර්ඝ වැඩකට අතතැබුවා කියන්නේ ඇත්තද? වෙනසකටත් එක්‌ක දිගටම මාව ප්‍රේක්‍ෂකයන්ට දැකබලාගන්න පුළුවන් වෙන විදිහේ වැඩකටයුත්තකට අත තැබුවා.
මෙගා වැඩකට නේද අත තැබුවේ ? ඔව්. මම මෙගා නාට්‍යයක්‌ භාරගත්තා. මට මෙගා නාට්‍යවලට ගොඩක්‌ ආරාධනා ලැබුණා. නමුත් කාලය ප්‍රශ්නයක්‌ හින්දා ඒ දවස්‌වල ඒවාට සහභාගිවෙන්න බැරිවුණා.
ඇයි මෙගා වැඩක්‌ භාරගත්තේ ? මේක වෙනස්‌ම විදිහේ චරිතයක්‌. ඒක හින්දා මේ ආරාධනාව භාරගන්න හිතුවා. මාව දැනට කට්‌ටිය දැකලා තියෙන්නේ හරි නිහඬ, ලැඡ්ජාශීලී, අහිංසක චරිතයක්‌ විදිහට. ඊට හාත්පසින්ම වෙනස්‌ චරිතයක්‌ ලැබුණේ.
පුංචි තිරයේ දී සෙනාලි දඩබ්බරවෙලා ? ඔව්. ගොඩක්‌ දඩබ්බර චරිතයක්‌ තමයි මට ලැබුණේ. ඒක හින්දා මේ දිනවල මම පුංචි තිරයේදී ටිකක්‌ දඩබ්බර චරිතයක්‌ වේවි.

ඇයි මේ වගේ චරිතයක්‌ භාරගත්තේ ? මට හැමතිස්‌සේම ඕනෑවෙලා තිබුණේ වෙනස්‌ම විදිහේ චරිතයකින් ප්‍රේක්‍ෂකයන් හමුවට එන්න. හැමදාම එකම විදිහේ චරිතවලට කොටුවෙන්න කැමැති නැහැ. මම මෙතෙක්‌ භාරගත්ත හැම කතාන්දරයක්‌ම එකිනෙකට වෙනස්‌. ඒක හින්දා මම හිතනවා මේකත් වෙනස්‌ම විදිහේම චරිතයක්‌ කියලා.
මේ පාර ලංකාවට ආවේ ආපහු යන්න නෙමෙයි කියන්නේ ? ඔව්. දිගටම ලංකාවේ ඉන්න තමයි කල්පනාව. මගේ ගෙවල් එහේ තියෙන හින්දා එහෙයි මෙහෙයි දෙකේම ඉඳීවි. නමුත් වැඩිකාලයක්‌ ලංකාවේ ඉඳීවි.
සෙනාලි ලංකාවට ආපු ගමන් ෂූටින් පටන්ගත්තාලු නේද? ලංකාවට ආවේ තුන්වැනිදා. හතරවැනිදාම ෂූටින් පටන්ගත්තා. ගොඩක්‌ දෙනෙක්‌ පුදුම වුණා. කාලය කළමනාකරණය කරගෙන වැඩකරන්න තමයි සූදානම.
අක්‌කා සමනලීව හමුවුණේ නැතිද? සමනලී අක්‌කා රඟපෑ මෝටර් බයිසිකල් චිත්‍රපටය තවම බලන්න බැරිවුණා. ඒ වගේම තවම සමනලී අක්‌කාව හම්බවුණෙත් නැහැ. නමුත් නිතරම කතාකරනවා. එයාටත් මම ගැන හරි සන්තෝසයි. එයාගෙන් විතරක්‌ නෙමෙයි මාලනී නැන්දාගෙනුත් ලොකු සහයෝගයක්‌ ලැබෙනවා.
මෙගා නාට්‍යයකට සම්බන්ධවෙන්න එපා කියලා මාලනී නැන්දා කිව්වේ නැතිද? එහෙම නැහැ. කලාකාරිණියක්‌ විදිහට මෙගාද?. චිත්‍රපටද කියලා දෙයක්‌ නැහැ. හොඳ නිර්මාණයක්‌ නම් මම දායකවෙනවා.
ඉදිරියේදි මෙගා නිළියක්‌ වෙන්නද මේ සූදානම? ලැබෙන චරිත අනුව ඒක වෙනස්‌ වෙන්න පුළුවන්. මගේ හිතේ තියෙන පිළිවෙලට අනුව වෙනසක්‌ කරන්න පුළුවන් විදිහේ චරිත තමයි මම භාරගන්නේ.
චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා කියන්නේ ඇත්තද? ඔව්. ආරාධනාවක්‌ නම් ලැබුණා. හැබැයි ඒක සාකච්ඡා මට්‌ටමේ පවතින්නේ. ඒක හින්දා ඒ ගැන දැන්ම කතා කරන්න බැහැ.
හැබැයි අද කාලේ හරියට නිළියෝ ඉන්නවා. සෙනාලිට මෙතැන රැඳෙන්න ලොකු තරගයක්‌ දෙන්න වේවි නේද? මට ඇත්තටම තරගයක්‌ තියෙන්නේ මාත් එක්‌ක. අද වෙනකොට මේ ක්‍ෂේත්‍රයේ ගොඩාක්‌ දක්‍ෂයෝ ඉන්නවා. මට අනෙක්‌ අයත් එක්‌ක තරගයක්‌ නැහැ. අනික මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක්‌ කරන්න ඕනෑ.
සෙනාලි වැඩපටන්ගත්තාම සමනලීට තැනක්‌ නැතිවේද? මම හිතන්නේ නැහැ එහෙම දෙයක්‌ වේවි කියලා. මොකද සමනලී අක්‌කා මට වඩා ගොඩාක්‌ ඉහළ තැනක ඉන්නවා. මම තාම අලුත්. ඒක හින්දා මම තවම මගේ තැන හදාගෙන යනවා. ඇයට තියෙන තැන හැමදාම තියේවි.
දිනේෂ් විතාන
ඡායාරූප - ලක්‌මාල් ස්‌පෙන්සර්


Description: Senali Fonseka, Actress, Gossip,

0 comments:

Post a Comment