Sunday, August 28, 2016

Tagged Under: , , , ,

Wildly popular Prisma app just made a major breakthrough

By: Prosperity Tech On: 2:33 AM

'ප්‍රිස්‌මා' උන්මාදයක්‌ වෙයිද ?

'ප්‍රිස්‌මා' යන වචනය මේ වන විට කා අතරත් ඉතා ප්‍රචලිතය. ප්‍රිස්‌මා යනු මේ දිනවල ශ්‍රී ලංකාවේ මෙන්ම ලොවපුරා සිටින ස්‌මාර්ට්‌ ෆොන් භාවිතා කරන්නන් අතර මෙන්ම ෆේස්‌බුක්‌ භාවිතා කරන්නන් අතර ද වැඩියෙන්ම භාවිතයට ගැනෙන ඡායාරූප සංස්‌කරණය කිරීමට යොදා ගැනෙන යෙදුමකි (ඇප් එකකි.) මෙම ප්‍රිස්‌මා ඇප් එක භාවිතා කිරීමෙන් ඔබ ලබාගන්නා ඡායාරූපයට, මනරම් චිත්‍රයක පෙනුමක්‌ ලබා දීමට ඔබට පුළුවන්කම ලැබේ. මෙම ඇප් එක කොතරම් ජනප්‍රිය වීද කියනවා නම් ෆේස්‌බුක්‌ ඇතුළු සමාජ ජාල හරහා මෙම ප්‍රිස්‌මා ඇප් එක මගින් ලබාගත් ඡායාරූප නිරන්තරයෙන්ම භාවිතා වන්නට විය. මෙය ඉතා ප්‍රබල තාක්‌ෂණයන්ගෙන් සමන්විතය. එය අනෙකුත් ඡායාරූප සංස්‌කරණය කරන ඇතැම් ඇප්ස්‌ වලටත් වඩා අති ප්‍රබලය. මේ නිසා මෙම ජයාරූප ඉතා ආකර්ෂණය බවින් අනූන නිසා බොහෝ දෙනෙක්‌ තම ප්‍රොµයිල් ජායාරුපයට ද මෙය යොදා ගත්තේය. එය තවමත් වේගයෙන් පැතිර යමින්ද තිබේ.

දිනෙන් දිනම මෙය භාවිත කරන්නන් ප්‍රමාණය ඉහළ ගිය නිසා ඇතැම් අවස්‌ථාවල එය මන්දගාමී බවටද පත් විය. එය යොදා ගැනීම පවා දුෂ්කර විය. පසුගිය දිනවල එය භාවිත කරන්නන් ප්‍රමාණය මිලියනය පවා ඉක්‌මවා ගිය බවද වාර්තා විය. මෙය ඉතාම සරලව කියන්නේ නම් ජයාරූප සංස්‌කරණය සදහා යොදා ගන්නා මෘදුකාංගයකි. මෙම ඇප් එක මගින් ඔබ ගන්නා ඡායාරූපය සම්පූර්ණයෙන් අධ්‍යයන කිරීමෙන් පසුව, එය නැවතත් ඇඳීම සිදු කරනු ලබයි. මෙහි නිර්මාණකරුවන් පවසන අන්දමට මෙම ඇප් එක ෆිල්ටර්ස්‌ 34 කින් සමන්විතය. එක්‌ එක්‌ ෆිල්ටර, එයටම ආවේණික වූ ලක්‌ෂණවලින් සමන්විතය. ඇතැම් ෆිල්ටර, ලොවපුරා විසූ අති දක්‌ෂ චිත්‍රශිල්පීන්ගේ රටාවන් ලබාදීමට සමත්ය. ඇතැම් ෆිල්ටර මගින් ලොව බිහිවූ සුපිරි ගණයේ සිතුවම් වල ලක්‌ෂණ ලබා දෙනු ලබයි. මෙහිදී ඇත්තවශයෙන්ම සිදු වන්නේ ජායාරූපයක්‌ අලුතින්ම සිතුවමකට නැගීමකි. එනම් මෙමගින් ඔබට ඔබගේ ඡායාරූපයට පිකාසෝගේ චිත්‍රවල ඇති ලක්‌ෂණ ඇතුළත් කළ හැකිය. එසේත් නැත්නම් වෙනත් ලොව ප්‍රසිද්ධ වෙනත් චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍රවල ගුණය ලබා දීමට ද හැකියාවක්‌ තිබේ. කෙසේ වෙතත් ඔබ තෝරා ගන්න ෆිල්ටරය ඡායාරූපයෙන් ඡායාරූපයට වෙනස්‌ විය හැකිය.
මෙම ප්‍රිස්‌මා කලාව මෙතරම් ජනප්‍රිය වීමට තවත් හේතුවක්‌ වුයේ එය භාවිතා කිරීමේ පහසුවයි. මෙහිදී ඔබ තෝරා ගන්නා ෆිල්ටරය මගින් ස්‌වයංක්‍රීයවම ඔබට අවශ්‍ය ජායාරුපය සිතුවමක්‌ බවට පත් කර ගත හැකිය. මේ වන විට වෙනත් කටයුතු සදහා ද මේ ප්‍රිස්‌මා කලාව යොදා ගනිමින් තිබෙන බව පෙනේ. උදාහරණයක්‌ ලෙස දැන්වීම්කරණයට ද මෙය යොදා ගත හැකිය. ඒ අනුව පසුගියදා ලංකාවේ ප්‍රකට සමාගමක්‌ වන සිංගර් සමගම ද තම ප්‍රචාරක කටයුතු සදහා මේ වේගයෙන් උන්මාදයක්‌ ලෙස පැතිර යමින් තිබෙන ප්‍රිස්‌මා කලාව යොදා ගත්තේය .මෙය බොහෝ දෙනෙක්‌ට ඉතා පහසුවෙන් යොදා ගැනීම චිත්‍ර ශිල්පීන්ට නම් අහිතකර ලෙස බලපාන්නට ඉඩ තිබේ. එහෙත් මේ නවීන තාක්‌ෂණයන් පැමිණීම හෝ ප්‍රචලිත වීම වළක්‌වන්නට කාටවත් පුළුවන් කමක්‌ නැත. අපට හැකි වන්නේ ඊට අනුගත වී ඉන් වැඩ ගන්නට පමණි. මේ ප්‍රිස්‌මා උන්මාදය හෙට දවසේ තවදුරටත් පැතිර යන ආකාරය ඔබට ද ඉදිරි දිනවල අත්විඳීමට ලැබෙනු ඇත.

0 comments:

Post a Comment