Sunday, August 28, 2016

Tagged Under: , , ,

Ishara Sandamini Hot Real Actress Pics

By: Prosperity Tech On: 2:19 AM

තව ටික කාලයක් දෙන්නා - දෙන්නාම වෙලා ඉන්නවා - ජනප්‍රිය නිළි කිරුළ දිනූ ඉෂාරා සඳමිණි

පසුගියදා නිමාව දුටු සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය වූයේ ඉෂාරා සඳමිණිය. ඇය මෙම වසරේ ජනප්‍රිය නිළිය ලෙස දිනාගත් දෙවැනි සම්මානය මෙය විය. මෙවර ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උලෙළේ දී ඉෂාරා පළමු වතාවට ජනප්‍රියම නිළිය විලසින් අභිෂේක ලැබුවාය.

ඉෂාරා දෙවතාවක්ම ඔබ ජනප්‍රිය නිළිය වුණා? මොකද කියන්න තියෙන්නේ?
ආයේ ඉතින් මොකද ගොඩක් සතුටුයි. ඒ වගේම නිහතමානී ආඩම්බරයක් තියෙනවා මොකද මං ක්ෂේත්‍රයට ඇවිත් වැඩි කාලයක් නැහැ. මේ කෙටි කාලසීමාව තුළදී මට වැඩ කරන්නට ලැබුණු ටෙලි නාට්‍ය ඉතාමත් ජනප්‍රිය වුණා. මාවත් ඉදිරියටම ගෙනගියා. ඒ ආඩම්බරකම මගේ හිතෙහි කොනක තියෙනවා.
ඒ කියන්නේ ඔබ දැන් ටිකක් ආඩම්බර වෙලා?
අයියෝ නැහැ. එහෙම ආඩම්බරකමක් ගැන නෙවෙයි මං කිව්වේ. ඕනෑ කෙනෙකුට තමන් කරන කාර්යයන් සාර්ථක වුණාම තමන් පිළිබඳව නිහතමානී සතුටක් දැනෙනවානේ. අන්න ඒකයි කිව්වේ.
සුමති සම්මාන උලෙළේ ජනප්‍රිය නිළිය ලෙසට ඔබේ නම කිව්වාම කවුද පළමුව ඔබට සුබපැතුවේ?
මගේ සැමියා අනුර පතිරණ. ඔහු තමයි මං ගාව වාඩි වෙලා හිටියේ.
ඔබව ජනප්‍රිය නිළිය කළ නිර්මාණ මොකක්ද?
එකක් කියලා කියන්න අපහසුයි. මොකද මං රඟපෑ නාට්‍ය බැලුවේ එකම ප්‍රේක්ෂක කණ්ඩායමක් නෙවෙයි. උතුම් පැතුම් එක කණ්ඩායමක් බැලුවා. දෙරණෙ ගිය නන්ද අයියා කළ නාට්‍ය තව පිරිසක් බැලුවා. මේ දිනවල විකාශය වන සීතල ගිනිදැල් නාට්‍ය. ඔය නාට්‍ය දෙකම නරඹපු ප්‍රේක්ෂකයෝ බලනවා වෙන්න ඇති. මං හිතනවා මේ නිර්මාණ සියල්ලගෙම බලපෑම මගේ ජනප්‍රිය සම්මානය පිටුපස තිබෙනවාමයි කියලා.
සීතල ගිනිදැල් නාට්‍යය ඔබට විශේෂයි. ඔබට පමණක් නොව ඔබගේ සැමියා වූ අනුරටත් එහෙමමයි?
ඒකට ප්‍රධානම හේතුව අපි දෙන්නම එකට රංගනයේ යෙදෙන පළමු ටෙලි සිතුවම එය වීම. එහි අධ්‍යක්ෂ ලකී ඩයස් මහත්මා තමයි අපි දෙන්නටම එකට රඟපාන්න ආරාධනා කළේ. අනුර මගේ තාත්තගේ ආයතනයට වැඩට එන ගමේ තරුණයෙක්. මං තමයි ඔහුගේ බොස්. හරි අපූරුවට දෙන්නා රඟපෑවා.

ඒත් සමහර අවස්ථාවල දෙන්නා ටිකක් අපහසුතාවයට පත් වුණාලු නේද?
වුණා තමයි. මොකද අපි කැමරාව පිටුපස ජීවන රඟමඬලේ රඟපෑවට කැමරාව ඉදිරියේ රඟපාලම නැහැනෙ. අනික අනුර නාට්‍යයට අනුව මං ඉස්සරහ යටහත්පහත්ව ඉන්න ඕනෑ. ඒ අවස්ථාවන්වලදී මටත් අපහසුයි. ඔහුටත් අපහසුයි. අර කතාවට කියනවා වගේ අතිශය සමීපතමයෝ එක්ක සිරියස් වැඩක් කරන්න හරි අමාරුයි කියලා. අන්න ඒක තමයි මේ වුණේ.
ඔබ මේ දිනවල රංගනයෙන් තරමක් ඈත් වෙලා නේද ඉන්නේ?
ඔව්. එයට ප්‍රධානම හේතුව මගේ අධ්‍යාපන වැඩ කටයුතු. මං කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද විද්‍යා පීඨයේ ශිෂ්‍යාවක්නේ. දැන් අවුරුදු හතර ඉවරයි. මේ දවල්වල අපි රෝහල්වලට දාලා තියෙන්නේ ප්‍රැක්ටිකල් සඳහා. ලබන වසරේ මුල සිට මට ආයුර්වේද වෛද්‍යවරියක ලෙස සේවය කරන්නට ලැබේවි.
එතකොට රංගනයෙන් ඈත් වෙනවාද?
නැහැ. මාව ජනතාව අතරට ගියේ රංගනයෙන්. ඉතින් මං මේ වෘත්තීය අමතක කරලා කොහොමද?
ඔබට වැඩිපුරම ලැබුණේ මෙගා නාට්‍ය?
දැන් ඉතින් වැඩිපුරම හැදෙන්නේ මෙගානේ. මටත් වැඩිපුරම ඇරැයුම් ලැබෙන්නේ මෙගාවලට. වර්තමානයේ තියෙන තත්ත්වයත් එක්ක අපට එවන් වූ නිර්මාණ තමයි කරන්න වෙලා තියෙන්නේ. මම කියන්නේ මෙගා නරකයි කියලා නෙවෙයි. වැරදියට තේරුම් ගන්න එපා.
ඔබේ සැමියා කියන්නේ නැද්ද දැන් රඟපෑවා ඇති කියලා?
කවදාවත්ම නැහැ. ඔහු ද රංගන ශිල්පියෙක්. මට අමුතුවෙන් මේ ක්ෂේත්‍රය ගැන පැහැදිලි කරන්න ඕනෑ නැහැ ඔහුට. මට පූර්ණ නිදහස දීලා තියෙනවා රංගනය සඳහා.
ඔබට ඇයි තවමත් චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබුණේ නැත්තේ?
ක්ෂෙත්‍රයට ආව මුල් කාලේ මට චිත්‍රපට කිහිපයකටම ඇරැයුම් ලැබුණා. නමුත් නොසිතූ පරිදි මට ඒ අවස්ථාවන් මඟ හැරුණා. ඊට පස්සේ මට චිත්‍රපටවලට කතා කළේම නැහැ. අනේ මන්දා මොකක්ද දන්නේ නැහැ හේතුව.
ඔබේ රුව රිදී තිරයට ගැළපෙන්නේ නැහැ කියලා අධ්‍යක්ෂවරු හිතනවාද දන්නේ නැහැ?
එතනත් මට පොඩි ගැටළුවක් තියෙනවා. ඒ සැකය ද දන්නේ නැහැ තියෙන්නේ. ඇතැම් විට මාව එක චිත්‍රපටයකින් හෝ දුටුවා නම් ඒ සැකය දුරු වෙලා යාවි.
රංගන ශිල්පිණියක් විදිහට ඔබ රුව ගැන මොන වගේ උනන්දුවක් ද දක්වන්නේ?
බොහොම ලොකු සැලකිල්ලක් තියෙනවා. බොරු කියන්න ඕනෑ නැහැනෙ. මං ආහාර නම් පාලනයක යෙදෙනවා. ඒ වගේම ව්‍යයාම කරනවා. නැවුම් පලතුරු කනවා. ඔය වගේ දේවල් තමයි කරන්නේ.
ඔබ ජනප්‍රිය නිළිය වුණා. කවද ද හොඳම නිළිය වෙන්නේ?
ඕනෑම රංගන ශිල්පිණියකගේ එකම පැතුම තමයි හොඳම නිළිය වීම. මට ගොඩක් ලැබෙන්නේ මෙගා නාට්‍යනේ. ඒවායින් හොඳම නිළිය තේරෙන්නෙම නැති තරම්. මෙගා නොවන නිර්මාණ කිහිපයක් ලැබෙයි කියන විශ්වාසයෙන් ඉන්නවා. බලමු නේද.
කවදද දෙන්නා තුන්දෙනා වන්නේ?
තව ටික කාලයක් දෙන්නා දෙන්නා ලෙසටම ඉඳීවි. මගේ අධ්‍යාපන කටයුතු හමාර වෙලා වෘත්තිකයකු වශයෙන් ස්ථාවර වුණාම අනිවාර්යයෙන්ම තෙවැන්නෙකු ගැන හිතනවා.




0 comments:

Post a Comment