Sunday, April 17, 2016

Tagged Under: , ,

nadeesha hemamali political hutapata

By: Prosperity Tech On: 12:27 AM
දේශපාලනඥයගේ නම ගෑවුණු හුටපටේ ගැන ඇහුවම නදීෂාට තදවෙයි 

නදීෂා හේමමාලි කියන්නේ කාලෙන් කාලෙට කතාබහට ලක්‌වෙන චරිතයක්‌... පසුගිය කාලෙ පුරාවටම ඇය ගැන විවිධ කතා පැතිරෙන්න ගත්තා. ඇය ටිකක්‌ නිෂ්ශබ්දව ඉඳලා අලුත් අවුරුදු උතස්වයක් සමඟින් ආයෙමත් කරළියට ආවා. ඒ පස් වැනි වතාවටත්, ටෙලි නිළියන්ගේ කාන්තා කොට්ටපොර ශූරතාවය පස්වැනි වතාවටත් තමන් යටතට පත්කර ගනිමින්.

පෙනෙන්න තියෙන විදියට නම් නදීෂා එක්ක කොට්ටපොර ගහලා කාටවත් දිනන්න බැහැ වගේ.. නදීෂාත් ඒ කතාවට එකඟයි. ඇයත් කියන්නේ අනෙක් නිළියන්ට තමන් එක්ක හැප්පෙන්න ටිකක් අමාරු වෙයි කියලයි.


කලා ගමේ අවුරුදු උළෙලේ දී කොට්‌ටපොර ගහලා මේ පාරත් දිනුවනේද?
''පස්‌වැනි වතාටවත් මේ පාර ජයග්‍රහණය හිමිවුණා.''

නදීෂාත් එක්‌ක කොට්‌ටපොර ගහලා කාටවත් ලේසියෙන් දිනනන් බැහැ...?
''මම හිතන්නේ ටිකක්‌ අමාරුවෙයි වගේ...''
 

පුංචි කාලේ ඉඳන් ක්‍රීඩාවට දක්‍ෂයි?
''මගේ ගම බළපිටිය. තාත්තා හැම අවුරුද්දටම අවුරුදු උත්සවයක්‌ පවත්වනවා. ඒ අවුරුදු උත්සවයේ තරගවලට අපේ තාත්තත් සහභාගි වෙනවා. අපි පුංචි කාලේ ඒ තරග නරඹන්න යනවා. මට මතකයි ඒ කාලේ අපේ තාත්තත් කොට්‌ටපොර ගහලා හැමදාම දිනනවා.''

සිල් බිඳගත් රූප රචනාවට පසුව සිල් මෑණියන්ගේ චරිතයකින් දායකවුණ රූප රචනාවට ලැබෙන ප්‍රතිචාර ?
''ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අනික මම කරන නිර්මාණ ගැන හොඳට හිතලා මතලා තමයි සහභාගි වෙන්නේ. මේ නිර්මාණයටත් සුවිශේෂී ප්‍රතිචාර තියෙනවා. මගේ ජීවිතයේ පළමු වතාවට තමයි මෙහෙණින් වහන්සේ චරිතයකට රංගනයෙන් දායක වුණේ. ගොඩක්‌ ආසාවෙන් කරපු චරිතයක්‌...''

පසුගිය කාලේ අහපු බැණුම් හින්දා හොඳ නමක්‌ අරගන්න හිතාගෙනද මෙහෙම දෙයක්‌ කළේ ?
''අයියෝ නැහැ.... මම බැණුම් ඇහැව්වේ නැහැ.... මට ලැබුණ හැම ප්‍රතිචාරයක්‌ම හොඳ ප්‍රතිචාර විදිහට තමයි හිතන්නේ. මොකද මම හැමවෙලේම මැදහත් සිතින් ජීවත් වෙන්නේ...''

ඔබේ රංගනය බලන්න ගොඩක්‌ දෙනෙක්‌ මේ රූප රචනාව නැරඹුවා කිව්වොත් ?
''ලංකාවේ පළමු වතාවට තමයි ගීත රූප රචනාවකට මේ තරම් ප්‍රතිචාර ලැබුණේ. මාසෙකට මිලිනය තුනක්‌ විතර නරඹලා තියෙනවා. ඒක මගේ රංගනයේ සාර්ථකත්වයට ලොකු පිටිවහලක්‌ වුණා කියලා මට හිතෙනවා.''

රංගනයට ආරාධනා ලැබෙන්නේ නැතිද?
''ආරාධනා ලැබෙනවා. හැබැයි මම තෝරාබේරාගෙන තමයි වැඩකරන්නේ. ඒකයි අඩුවෙන් දකින්න ලැබෙන්නේ.''

නදීෂා කියන්නේ නිතර කතාබහට ලක්‌වෙන චරිතයක්‌?
''ඒක තමයි සාර්ථකත්වය.'' 

දේශපාලන කටයුතු එහෙම කොහොමද?
''මම දැනටත් ගාල්ලේ දිස්‌ත්‍රික්‌ සංවිධායක හැටියට කටයුතු කරනවා. ඒ වගේම ජාතික යොවුන් පෙරමුණේ තරුණ කලා කටයුතු සම්බන්ධීකාරක විදිහටත් කටයුතු කරනවා.''

ඔබේ නමත් කාලෙන් කාලෙට කතාබහට ලක්‌වෙනවා. මොකද ඒ ගැන හිතන්නේ ....?
''මට කාගෙවත් කටවල් වහන්න බැහැ... මට මගේ නිර්දෝෂී බව ඔප්පු කරගන්න ගියොත් මගේ වැඩක්‌ කරන්න කාලය නැතිවෙනවා. ඒ හින්දා කතා කියන අයට ඒවා කියවන්න දීලා මං මගේ පාඩුවේ මගේ වැඩකරගෙන ඉන්නවා. කතාවලට උත්තර දෙන්න මම ලෑස්‌ති නැහැ...''

නදීෂා ප්‍රේමයෙන් පැරදිලා කියලත් අන්තර්ජාලයේ පළවෙනවා. අලුත් ගීතය ජනප්‍රිය වෙන්න කරපු උප්පරවැට්‌ටියක්‌ද...?
''මම ඒ ගීතය ගැන එවැනි ප්‍රකාශ කිසිම තැනක කරලා නැහැ..... සමහර මාධ්‍යකරුවන් ඔවුන්ගේ බඩවියත රැකගන්න ඇතැම් ප්‍රවෘත්තිවලට මගේ නම යොදාගන්නවා.''

වෙබ් අඩවි නදීෂා ගැන හරියට හොයා බලනවා නේද?
''ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ. ඕනෑ කෙනෙක්‌ ඕනෑ දෙයක්‌ කියපුවාවි. ඒ ගැන කිසිම ගැටලුවක්‌ නැහැ.... කවුරුත් කියන කතාවලට මම සැලෙන්නේ නැහැ....''

කාලෙන් කාලෙට නදීෂාගේ නමත් දේශපාලනඥයන්ගේ නම් සමග කියවෙනවා නේද?
''ඒ ගැන හිතන්න දෙයක්‌ නැහැ.... මම කවුද කියන එක මගේ මිතුරන් දන්නවා. සමහර මිනිස්‌සු ජනප්‍රිය වෙන්න මගේ නම යොදාගන්නවා.''
 

දේශපාලනඥයන්ගේ නම් නදීෂාගේ නමත් සමග සම්බන්ධවෙනකොට දුක නැතිද?
''ඒවා මට අදාල දේවල් නෙමෙයි. මම දන්නවා ඇත්ත මොකක්‌ද කියලා. මොකද ඕවාට ප්‍රශ්න ඇතිකරගන්න ගියොත් මගේ වටිනා කාලය නිකරුනේ නාස්‌තිවෙලා යනවා.''

පෙම්වතියක්‌ කියලත් ආරංචියි ?
''ඔව්.මම පෙම්වතියක්‌...''

ඔහු ගැන විස්‌තර කියන්න බැරිද?
''ඒක මාධ්‍ය දැනගන්න ඕනෑ නැහැ...''

ඇයි ඒ? මාධ්‍ය මඩගහනවා කියලා හිතනවාද?
''නැහැ. මේවා වෙයිද නැද්ද කියලා කියන්න බැහැ.... මොකද සම්බන්ධකම් තියෙනවා, නැතිවෙනවා. ඒ නිසා ඒ දේවල් හරියට නීත්‍යානුකූලව සිදුවෙන වෙලාවට මාධ්‍යයට දැනුම්දෙනවා.''

මේ ප්‍රේමයත් අවිශ්වාසයි, එහෙමනේද?
''අවිශ්වාසයක්‌ නෙමෙයි. මේ දේවල් වෙයිද නැද්ද කියලා දැන්ම කියන්න බැහැ.... ඒක හින්දා නම් ගම් ප්‍රකාශයට පත්කරලා නිකං ප්‍රශ්න ඇතිකරගන්න වුවමනා නැහැනේ...''

දේශපාලනඥයන් සමග ආදර සම්බන්ධතා තියෙනවා කියලත් කියනවා ?
''මම ආදරය කරන්නේ මිනිස්‌සුන්ගේ රස්‌සාවට නෙමෙයි. ඉතිං එයා මට දේශපාලනඥයෙක්‌ද, ක්‍රීඩකයෙක්‌ද, වෛද්‍යවරයෙක්‌ද එහෙනම් නැතිනම් නීතිඥවරයෙක්‌ද කියන කාරණාව අදාල වෙන්නේ නැහැ. මම ආදරය කරන්නේ මනුස්‌ස ගතිගුණවලට...'' 





0 comments:

Post a Comment