Tuesday, October 27, 2015

Tagged Under: , ,

A stick is removed from a student’s chest

By: Prosperity Tech On: 9:56 AM

ගසකින් වැටී ලී ඉන්නක් ගෙළ හරහා පපු ප්‍රදේශයේ ඇනුණු සිසුවෙකුට ශල්‍යකර්මයක් (සංවේදී දර්ශන අඩංගුය)


ගෙළ හරහා පපුව ප්‍රදේශයට ලී ඉන්නක් ඇනීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ කළුතර - බුලත්සිංහල ප්‍රදේශයේ පාසල් සිසුවාට මේ වනවිට හදිසි ශල්‍යකර්මයක් සිදුකරමින් පවතිනවා. රෝහල් අධ්‍යක්‍ෂ අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද (27) පස්වරු 4.30 ට පමණ මෙම ශල්‍යකර්මය ආරම්භ කළ බවයි.

බුලත්සිංහල - පේරගස්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තුෂාර ඉඳුනිල් අද පස්වරුවේ සිය බාප්පා සමඟ කුඹුරට ගිය අවස්ථාවේදී අඹ කැඞීමට අසල පිහිටි ගසකට නැග තිබෙනවා. ඉන් ඇද වැටුණු සිසුවා මාන පඳුරකට ඇද වැටී ඇති අතර, එහි තිබූ ලී ඉන්නක් ඔහුගේ ගෙළ හරහා පපු ප්‍රදේශයට ඇතුලූ වී තිබෙනවා. පසුව අසල්වැසියන් එක්ව සිසුවා හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා. 
UPDATE-----------------------------------------

බුලත්සිංහල - පේරගස්ගොඩැල්ල ප්‍රදේශයේදී ගසකින් වැටී ලී ඉන්නක් ගෙළ හරහා පපු ප්‍රදේශයට ඇතුලූවීමෙන් බරපතල තුවාල ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පාසල් සිසුවා - සිය බාප්පා සමඟ කුඹුරට ගොස් ඇති අතර පසුව ඔහු අඹ කැඩීමට ගසට නගින ලද අවස්ථාවේදියි  අනතුරට මුහුණපා ඇත්තේ.

පොළොවේ සිටවා තිබූ ලී ඉන්නක් මෙලෙස ඔහුගේ පපු ප්‍රදේශයට ඇතුලූවී ඇති අතර, එය ඉවත් කිරීමට ශල්‍යකර්මයක් සිදුකරමින් සිටින බවයි අප කළ විමසීමකදී ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.


hirunews.lk

0 comments:

Post a Comment