Sunday, December 21, 2014

Tagged Under: , ,

Samanalee Fonseka reply for gossip

By: Prosperity Tech On: 8:23 PM

සමනලීට ගැසූ මඩ වෙබ් අඩවියකට පාරාවළල්ලක් වෙයි! (වීඩියෝ) 


පසුගියදා එක්තරා පුවත් වෙබ් අඩවියක් මගින් සමනලී ෆොන්සේකා, අනෝමා රාජකරුණා, පරාක්‍රම නිරිඇල්ල වැනි කලාකරුවන් කිහිපදෙනෙකුගේ පෞද්ගලික කරුණක් සම්බන්ධව පුවතක් පළකොට තිබුණි. ඊයේ දිනයේ කලාකරුවන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී රංගන ශිල්පිනි සමනළි ෆෙන්සේකා මහත්මිය එම පුවත සම්බන්ධව අදහස් දක්වා සිටියේ මෙලෙසිනි. පහුවදා තමයි මේ ප්‍රවෘතිය වෙබ් අඩවියක පලවෙන්නේ..මේ ප්‍රවෘතියට අදාළ කිසිම දෙයක් එතන සිදුවුනේ නැහැ...මොකක් හරි පොඩි දෙයක් උනානම් විශාල කරලා පෙන්වන එක මහා දෙයක් නෙවෙයි..ඒක තමයි මඩ ප්‍රහාර කියන්නේ..මොවුන් මඩ ප්‍රහාර එල්ලකරන්න දන්නෙත් නෑ මම හිතන්නේ..ඉතින් මෙවන් අසත්‍ය පුවතක් වගකීමක් සහිතව පළකරන්නට, දැන් ඔවුන් කවුද කියලා අපි දන්නවා..ඔවුන් කව්ද කියල අපි දන්නවා කියලා ඔවුන් දන්නවා..එතකොට කොයිතරම් ලැජ්ජාවක් නැති වෙන්න ඕනද? හෘද සාක්ෂියක් නැති වෙන්න ඕනද ඔවුන්ට? මෙවැනි අසත්‍ය වගකීමක් රහිත ප්‍රවෘතියක් පළකරන්නට..ඉතින් එවැනි හෘද සාක්ෂියක් නැති මිනිසුන් පාලන තන්ත්‍රයේ ඉන්න රටක තව මොනවා වෙන්න පුලුවන්ද? මම කොයිම අවස්ථාවකවත් ඒවගේ දේවලට බය නැහැ..ඒවගේ දේවල් ඉදිරිපත් කරන පිරිමින්ට මම කොහොමටත් බය නැහැ.. කෙසේනමුත් මේවනවිට එම පුවත පළකළ වෙබ් අඩවිය අදාළ පුවත වෙබ් අඩවියෙන් ඉවත් කොට තිබේ. එම පුවත ඉවත්කිරීමට පෙර දිස්වූ ආකාරය බලන්න පහතින්. සමනලී ෆොන්සේකා මහත්මිය විසින් කරනලද සම්පුර්ණ කතාව බලන්න පහතින්.
(nethfm.com)

0 comments:

Post a Comment