Monday, December 22, 2014

Tagged Under: , ,

I don't like casual relationships - Sheryl decker

By: Prosperity Tech On: 7:11 PM
මම කැමති නෑ අනියම් සම්බන්ධතා ‍ගොඩනගාගන්න
 
මොනවද ‍මේ දවස්වල අලුත් ‍තොරතුරු? කර්යබහුල ‍වෙලා ඉන්‍නේ, මමයි, රුවනුයි නත්තලට ලෑස්ති ‍වෙන නිසා ‍මේ ‍වෙලාවේ ම‍ගේ ආදරණිය ‍ප්‍රේක්ෂකයන්ට

සුබ නත්තලක් ‍වේවා කියා ප්‍රාර්ථනා කරවා.
රුවනුයි, ඔබයි විවාහ ගිවිස ගත්තට විවාහ උත්සවය ගත්තේ නැත්තේ ඇයි? ලබන අවුරුද්දේ ජනවාරි 05 වැනිදාට අපි විවාහ ගිවි‍ස‍ගෙන වසර ‍දෙකක් ‍වෙනවා, එදාට ‍පොඩි උත්සවයක් ගන්න සැලසුම් කරලා ති‍යෙන්නේ, එ‍‍හෙම නැතුව ‍‍ලොකුවට විවාහ උත්සව ගන්න අපි ‍‍දෙන්නටම අදහසක් නැහැ.
විවාහ‍යෙන් පස්සේ ‍ප්‍රේම ආරාධනා එ‍හෙම ලැබිලා ඇති ‍නේද? අනන්තයි, අප්‍රමාණයි කී‍වොත් හරි, ඒත් මම හිතන්නේ මම කසාද බැදපු ‍කෙ‍නෙක්, මට ‍හොද ආදරණීය සැමි‍යෙක් ඉන්නවා කියලා, විවාහ‍යෙන් පස්සේ ප්‍රේම ආරාධනා ලැ‍බෙන්නේ අනියම් සම්බන්ධතා ‍ගොඩනගන්න, මම ඒ ව‍ගේ අනියම් සම්බන්ධතාවලට ‍පොඩ්ඩක්වත් ආස නෑ, ඒ නිසා ඒ ‍ප්‍රේම ආරාධනා මම භාර ගන්නේ නෑ.
අනියම් සම්බන්ධතා වැඩි ‍වෙන්න ‍හේතුව ‍මොකක්ද? එකට ‍හේතුව සැමියා බිරිද‍ගෙන් ‍වෙන අඩුපාඩු, අපි එකි‍නෙකාව ‍තේරුම්ගෙන ජීවත් ‍වෙනවා නම් එ‍හෙම අනියම් සම්බන්ධතා ඇති ‍වෙන්නේ නෑ.
ඔබයි රුවනුයි ‍වෙන්වෙලා කියලත් විවිධ කටකතා ප්‍රචාරය වුණා ‍නේද? ඔව්, අපි ‍දෙන්නා සතුටින් ආද‍රෙන් ඉන්නවට ‍ගොඩක් අය කැමැති නෑ, මම ඩාන්සින් ‍ෂෝ එකකට වි‍දේශගත වුණහමත් හිතන්නේ රුවන්ව දාලා ගියා කියලා, අ‍පේ සමාජය නිතරම බලන්නේ වැරදි විදියට, ඒ නිසා මම කියන්නේ කව්ද කියලා දැන‍ගෙන ජීවිත ‍වෙන ‍කෙ‍නෙක්, හැබැයි ඒ ව‍ගේ කතා ම‍ගේ කනට ඇහු‍ණොත් මම ඒ ‍කෙනා‍ගෙන් මූණටම අහනවා.
‍ෂෙරිල්ද රුවන්ද වැඩිපුර ජනප්‍රිය ? මම හිතන්නේ අපි ‍දෙන්නම ජනප්‍රියයි කියලා.
ව්‍යාපාර කටයුතු ‍කො‍හොමද? ගොඩක් ‍හොදින් ‍කෙරී‍ගෙන යනවා, ‍මේ ව්‍යාපාරය පටන් ගත්තේ ‍ගොඩක් දුක් මහන්සි‍යෙන්, ‍මේ දවස්වල මට තර්ජනය කරනවා ම‍ගේ සැ‍ලෝන් එක කරන්න ‍දෙන්නේ නෑ කියලා, මම කියන්නේ ම‍ගේ මූණට තර්ජනය කරන්න කියලා, ‍මොකද මම කාටවත් වැරැද්දක් කරලා නැති නිසා බය නෑ.

2014-12-21 GossipClanka.com

0 comments:

Post a Comment