Saturday, November 8, 2014

Tagged Under: , , , ,

Facebook CEO Mark Zuckerberg Wears The Same Clothes

By: Prosperity Tech On: 6:46 PM

ප්‍රකෝටිපති ෆේස්බුක් නිර්මාතෘවරයාට ඇත්තේ එක ඇඳුමක් පමණක් ද?

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය භාවිත කරන්නන් විවිධකාරයේ ඇඳුම් පැළඳුම්වලින් සැරසී ඒ ඔස්සේ  ඡායාරුප පළ කරද්දී එය ලොවට හඳුන්වා දුන් මාර්ක් සකර්බර්ග් නිරන්තරව එක ම ආකරයේ ඇඳුමකින් පමණක් සැරසී සිටින්නේ ඇයි ?  
ලෝක ප්‍රසිද්ධ ෆේස්බුක් වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර් සෑම අවස්ථාවකදී ම අළු පැහැති ටී ෂටයකින් සැරසී සිටින්නේ ඇයි ද? යන්න පසුගිය දා හෙළිදරව් කර  තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ප්‍රසිද්ධ සැසියකදී අසන ලද පැනයකට පිළිතුරු ලෙස සකර්බර්ග් එම හෙළිදරව්ව සිදු කර ඇති බව ය.
සකර්බර්ග් පවසා ඇත්තේ, කෑම බීම, ඇඳුම් පැළඳුම් ආදි සුළු කාරණා පිළිබඳ සිතමින් ඒ සඳහා කාලය වැය කිරීමට ගිය හොත් එය තම ජීවිතයට අනවශ්‍ය බරක් බව ය.
සිය ජීවිතයේ වටිනා ශක්තිය එවැනි සුළු ඵලදායි නොවන කාරණා වෙනුවෙන් කැප කිරීම නිරර්ථක ක්‍රියාවක් බව ද ඔහු වැඩි දුරට ත් පවසා තිබේ.
කෙසේ වෙතත් තමන්ට ඇත්තේ, ටී – ෂර්ට් එකක් පමණක් නොවන බවත්  එක ම ආකාරයේ ටී- ෂර්ට් රැසක් තමන් සතුව ඇති බව ත් ඔහු එම සැසියේදී පවසා ඇත.
තමන් මේ වන විට ඉතාමත් වාසනාවන්ත තනතුරක කටයුතු කරන බව ත් සරල දිවි පෙවෙතක් ගත කරන තමන් සෑම උදෑසනක ම නැගිට බිලියනයකට වැඩි සිය ග්‍රාහක පිරිසට සේවය කිරීමට සිය ශ්‍රමය වැය කරන බවත් ඔහු පවසා ඇත.
එමෙන් ම ඇඳුම් පැළඳුම් වැනි සුළු එමෙන් ම ඵලදායි නොවන කටයුතු සඳහා ශ්‍රමය වැය කළේ නම් මෙවැනි විශාල කාර්යය භාරයක් සාර්ථකව ඉටු කිරීමට තමන්ට හැකියාවක් නොලැබෙන බවත් ඔහු අවධාරණය කර තිබේ.
2004 වසරේදී ලොවට හඳුන්වා දුන් ෆේස්බුක් වෙබ් අඩවියේ මේ වන විට සේවය ලබා ගන්නා ග්‍රාහක පිරිස මේ  බිලියන 1.3  ඉක්මවති.

(newsfirst.lk)

 

0 comments:

Post a Comment