Wednesday, September 24, 2014

Tagged Under:

Real footage White tiger kills class 12 student inside Delhi zoo

By: Prosperity Tech On: 4:21 AM

"සුදු ව්‍යාඝ්‍රයෙකුට දිල්ලි පාසල් ශිෂ්‍යයෙකු බිලි(Video)"


ඉන්දියාවේ දිල්ලි සත්ත්වෝද්‍යානයේ සුදු ව්‍යාඝ්‍රයෙකු සපා කෑමෙන් එරට පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම සත්ත්වෝද්‍යානයේ කළමනාකරු පවසන්නේ, එම ශිෂ්‍යයා සුදු ව්‍යාඝ්‍රයින් රඳවා සිටින කුටිය වටා ඉදි කර ඇති තාප්පයෙන් එම කුටිය තුළට වැටුණු බව ය.

අද දහවල් 1.30ට පමණ එම සිසුවා ව්‍යාඝ්‍ර කුටියට වැටී ඇති අතර ව්‍යාඝ්‍රයාගෙන් බේරා ගැනීම සඳහා අවට සිටි පුද්ගලයින්ට කළ හැකි දෙයක් නොවීය.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, ව්‍යාඝ්‍ර කුටිය වටා ඉදි කර ඇති තාප්පය ඉතා පහත් එකක් හෙයින් ඔහු ලිස්සා වැටුණු බව ය.

එසේ මිය ගොස් ඇත්තේ, 12 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයෙකි.

0 comments:

Post a Comment