Tuesday, September 23, 2014

Tagged Under: ,

Reaction for TB's broken shoes

By: Prosperity Tech On: 9:36 AM

ටී.බී ගේ කැඩුණු සපත්තුවට ජනපතිගේ ප්‍රතිචාරය

චීන ජනාධිපතිවරයාගේ ලංකා සංචාරයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ගිවිසුම් අත්සන් කිරීමේදී සංස්කෘතික කටයුතු ඇමති ටී.බී.ඒකනායකගේ සපත්තු යුගලය කැඩීයාම දෙස් විදෙස් මාධ්‍ය මගින් අවධානයට ලක්විණි. 

මේ සම්බන්ධව අමාත්‍යවරයා විසින් පසුව පාරම්බෑවද ජනපතිවරයාගේ ප්‍රතිචාරය වී ඇත්තේ වෙනස්ම එකකි. 

ජනපතිවරයා ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී ටී.බී ඒකනායකගේ සපත්තුවේ අඩි ගැලවූ පුවත දැක අරලියගහ මන්දිරයේ නිලධාරීන්ගෙන් විමසා ඇත්තේ "කවුද මේක ගත්තේ?" යනුවෙනි. එහිදී එම නිලධාරින් පවසා ඇත්තේ ජායාරූප ශිල්පින් විශාල ප්‍රමාණයක් සිටිහෙයින් එම ජයාරූපය ලබාගත් පුද්ගලයා ගැන හරියටම දන්නේ නැති බවයි. 

ජනාධිපතිවරයාට තැතිගත් ලෙසින් පිළිතුරු ලබාදුන් එම සේවකයා වෙත ජනපතිවරයා පවසා ඇත්තේ "ඒක ඒ මනුස්සයාගේ දක්ෂතාවය, අපේ බූරුවා දැනගන්න ඕන හොඳට ඇඳලා එන්න..". 

තත්වය මෙසේ තිබියදී මෙම සිදුවීමෙන් වූ ලැජ්ජාව වසාගැනීම සඳහා අමාත්‍යවරයා පවසා ඇත්තේ මේ වන විට ජාත්‍යන්තර සංවිධාන මගින් එම සපත්තු යුගලය වෙන්දේසි කිරීම සදහා ඉල්ලා ඇති බවය.

ප්‍රංශය, ජර්මනිය යන රටවල් දෙකෙහි මෙවැනි විශේෂ අවධානයට ලක්වූ පුවත් සම්බන්ධයෙන් අවධානය දක්වන ආයතන මගින් එය වෙන්දේසි කිරීම සදහා ඉල්ලා ඇති බවත් තමාගේ කැඩුණු සපත්තු යුවලට අමෙරිකන් ඩොලර් මිලියන 1000 ක් ලන්සුවක් ලැබී ඇති බවත් පවසා තිබුණි. 


එවැනි වෙන්දේසියකදී ලැබෙන මුදල අතිවිශාල මුදලක් වන බැවින් එම මුදල් කුරූණෑගල දිස්ත්‍රික්කයේ සපත්තු දෙකක් දෙපයට නොමැති පාසල් ළමුන් සදහා සපත්තු ලබාදීමට යෙදවීමට අමාත්‍යවරයා බලාපොරොත්තුවන බවද මාධ්‍යය වෙත අදහස් දක්වා තිබුණි. 

අප දන්නා තරමින් මෙම පුවත විදෙස් පුවත් වල එතරම් ආකර්ශනීය පුවතක් බවට පත්වුයේ නැත. ඇමතිවරයාගේ කැඩුණු සපත්තු කුට්ටමට ඩොලර් මිලියනයක ලන්සුවක් ලැබීමටනම් ඇමතිවරයා මයිකල් ජැක්සන් වැනි තරුවක් විය යුතුය. අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේම විවේචන එල්ලවී ඇතිබව වාර්තා වේ.

0 comments:

Post a Comment