Saturday, September 20, 2014

Tagged Under: ,

Incredible story of the woman raised by monkeys!

By: Prosperity Tech On: 10:15 AM

වානරයන් සමග පස් වසරක් දිවි ගෙවූ දැරිය වසර 50කට පසු යළි වනගත වෙයි

වානරයන් රංචුවක හැදී වැඩී මුළු වන පෙතම තම අණසකට නතු කරගත් ‘ටාසන්’ ගේ වික්‍රම පිළිබඳ ත්‍රාසජනක කතා අනන්තවත් ඔබ අසා ඇතුවාට සැක නැත. එඩ්ගාර් රයිස් බොරොස් නම් ‍ලේඛකයාගේ විශිෂ්ට ප්‍රබන්ධයක් වූ ටාසන්ගේ කතාවට බොහෝ සමාන පුවතක් පසුගියදා මෙක්සිකෝවෙන් වාර්තා වුණා. මේ පුවත හෙළිකරන කතා නායිකාව 63 හැවිරිදි චරිනා චැප්චන් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්. එහෙත් ඇයගේ කුඩා අවදිය ගෙවා දමා ඇත්තේ කොලොම්බියාවේ වැසි වනාන්තරයකට මායිම් වූ කුඩා ගම්මානයකයි.
චරිනාගේ මතකයට අනුව ඇය උපත ලබා ඇත්තේ 1950 දශකයට පෙරය. ඒ 1948 වැනි වසරක විය හැකිය. මේ යුගයේ කොලොම්බියාව දරුණු සිවිල් යුද්ධයකට පැටලී සිටියහ. දහස් ගණන් අහිංසක දරුවන් සන්නද්ධ කණ්ඩායම් මගින් පැහැර ගැනීම මේ කාලයේ සාමාන්‍ය පුවතක් බවට පත්ව තිබුණා. එක් දිනක ඇය තම ගෙමිදු‍ලේ ධාන්‍ය වර්ගයක් වේලමින් සිටිනා කල එහි පැමිණි සන්නද්ධ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ඇය ගණ වනාන්තරය තුළට පැහැර ගෙන ගොස් තිබෙනවා. මේ සිදුවීම  වන විට තමා පස්වැනි වියේ පසුවූ බව ඇය පවසනවා. ගණ වනාන්තරය තුළදී ඔවුන් තමා අතහැර දැමූ බව ඇයගේ මතකයයි. එතැන් සිට ඇය හැදී වැඩී ඇත්තේ කැපුචින්  නම් දකුණු ඇමෙරිකානු වානර රංචුවක් සමගයි.
වසර පහකට පමණ පසු දඩයක්කරුවන් දෙදෙනකු ඇය වනයෙන් පිටතට ගෙනවිත් තිබෙනවා. ඔවුන් ඇය ගණිකා නිවාසයකට විකුණා මුදල් ලබාගෙන තිබෙනවා. මෙම ගණිකා නිවාසයේ කෙටි කලක් සිටි කුඩා දැරිය පසුව මෙක්සිකෝවේ ව්‍යාපාරික පවුලක් විසින් ලබා ගෙන තිබෙනවා. ඒ නමක් හෝ උපන් දිනයක් නොමැති දැරියක් ලෙසයි. ඇය චරිනා ලෙස නම් කර ඇත්තේ ඔවුන් විසින්. ඇගේ වයස අවුරුදු 27දී පමණ මේ මෙක්සිකෝ පවුල ඇය කැටිව බ්‍රිතාන්‍යයට එනවා. එහිදී ඇය ජෝන් චැප්චන් නමැත්තෙකු හා විවාහ වුණ අතර එංගලන්තයේම නතර වූ බව වාර්තා වෙනවා.
එහෙත් තමා කුඩා කල දිවි ගෙවූ මෙක්සිකෝවේ වැසි වනාන්තරය ඇගේ මතකයෙන් ගිලිහී නෑ. “මා නිතර එහි යාමේ උමනාවෙන් පසු වුණා. මා රැකබලාගත් වානර මිතුරන්ගේ මුහුණු මට මැවී පෙනුණා.” යැයි ඇය පවසයි. ඇය තම ජීවන අත්දැකීම් අලලා ලියූ කෘතියට හොඳ අලෙවියක් ලැබි තිබෙනවා.
නැෂනල් ජෝග්‍රෆි රූපවාහිනී නාලිකාවට ඇය පිළිබඳ ආරංචිය ලැබෙන්නේ මේ කෘතිය මගින්. ඔවුන් ඇය සමග මෙක්සිකෝවට යන්නට තීරණය කරනවා. ඇය සැතපුම් 5000කට වඩා දුර මේ ගමන පිටත් වනුයේ ඇගේ දියණිය වන වෙනිස් සමගයි.
බොහෝ දෙනා චරිනාගේ කතාව ගැන සැක කළත් ජෝග්‍රෆි රූපවාහිනී කණ්ඩායම එය විශ්වාස කරන බව වාර්තා වෙනවා. ඔවුන් මේ ගමනට එක්වන්නේ එනිසා බව පවසනවා. මේ ගමනේදී චරිනාගේ හැසිරීම් සහ වානරයන්ගේ තොරතුරු කැටිකර චිත්‍රපටයක් සෑදීමට ඔවුන් බලා‍පොරොත්තු වෙනවා. මෙම සිනමාපටයේ අධ්‍යක්ෂ ටොබි ට්‍රැක්චන් පවසනුයේ චරිනාගේ කතාව සත්‍ය බවයි. “අපි ඇය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළා. වෛද්‍යවරු තහවුරු කරනවා ඇගේ අස්ථි පද්ධතිය වයස අවුරුදු පහ දහය අතර හොඳින් වැඩීනැති බව. එමෙන්ම ඇගේ මොළය ආශ්‍රිතව සිදු කළ විද්‍යුත් සංඥා පරීක්ෂාවෙන් ද ඇයගේ කතාව තහවුරු වෙනවා.” යැයි ටොබි ට්‍රැක්චන් පවසනවා.
තමා කැපුචින් වානරයන් සමග දිවි ගෙවූ වසර 5 තුළ ආහාර සොයාගැනීමට ඔවුන් උදව් කළ බව ඇය පවසනවා. උස් තුරු මුදුන්වල තමා ඔවුන් සමග දිවි ගෙවූ බව ඇය පවසනවා. ප්‍රයිවේටාවන් පිළිබඳ විශේෂඥයකු වන වෛද්‍ය තෝමස් ඩෙෆ්ලර් ඇගේ කතාව ගැන සැක පළකරනවා. ‘කැපුචින් වඳුරන් ඉතා ඉහළ තුරු මුදුන්වල සිටින්නේ. ඔවුන් මිනිස් පවුලක සාමාජිකාවක්    ‍පෝෂණය කිරීම සැක සහිතයි.” තෝමස් ඩෙෆ්ලර් පවසනවා. නැෂනල් ජෝග්‍රෆි කණ්ඩායම සමග මෙම චාරිකාවට එක්ව සිටිනා චරිනාගේ දියණිය චෙනීස් පවසනුයේ තම මව කුඩා කල සිට සමාජයෙන් ඈත්වී සිටි බවත්, වඳුරන් සමග ගෙවූ    ළමා කාලය ගැන පුවත් නිතර කියූ බවත්ය.
මෙක්සිකෝ වැසි වනාන්තරය තුළ චරිනාගේ හැසිරීම ඉතා පුදුම සහගත බව ඔවුන් පවසනවා. “ඝන කටු පඳුරු අතරින් ඇය ගිය ආකාරය පුදුම සහගතයි. එමෙන්ම ඇය උස් තුරු මුදුන්වලට බඩ ගා ගිය හැටි අප පුදුමයට පත් කළා. ඇය අතු දිගේ ඇවිද ගිය ආකාරය පුදුම සහගතයි. අඩි 50ක් වගේ උස ගසක අතු දිගේ ඇවිද යෑමට ඇය පෑ දස්කම වානරයෙකුට දවෛනි නෑ. ඒ විතරක් ද ඇය ගෙඩි වර්ග ආහාරයට ගත්තේ වානරයෙකු ලෙසයි. ඉතා ඝනකම් ලෙල්ලක් සහිත බධබභථධ පලතුරුවල ‍පොත්ත ඇය ඉවත් කළේ කටින්. අපිට එය සිතන්නටවත් බැහැ. පලතුරු බිම දමාගන්නට ඇය ගස්වල අතු සෙලවූයේ වානරයන් කේන්ති ගිය විට අතු සොලවන ආකාරයටමයි.” නැෂනල් ජෝග්‍රෆි කණ්ඩායමේ චිත්‍රපට අධ්‍යක්ෂ ටොබි ට්‍රැක්චන් පවසයි. වනාන්තරයට ඇය දැක්වූ හුරුපුරුදු බව සහ ගස් නැගීමට පෑ හපන්කම නිසාම මුලදී ඇය ගැන සැක කළ වෛද්‍ය තෝමස් ඩෙෆ්ලර් පවා මෙම පුවතේ යම් සත්‍යතාවක් ඇති බව පිළිගෙන තිබෙනවා. එමෙන්ම ඇය බ්‍රිතාන්‍යයේ සිට කියූ බොහෝ මංසළකුණු තවමත් මෙක්සිකෝ වනාන්තරයේ තිබෙන බව තහවුරු වී තිබෙනවා.

 

0 comments:

Post a Comment