Saturday, September 20, 2014

Tagged Under: , ,

Final Results : Uva Provincial Council Election 2014

By: Prosperity Tech On: 9:20 PM

ඌව පළාත් සභා මැතිවරණයේ සමස්ථ ප්‍රතිපලය

ඊයේ (20) පැවැත්වූ ඌව පළාත් සහා මැතිවරණයේ සමස්ථ ජන්ද ප්‍රතිඵලය මේවනවිට නිකුත් වී තිබේ. ඒ අනුව බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහනයකොට තිබේ. දිස්ත්‍රික්ක දෙකම සන්ධානය ජයග්‍රහණය කලත් එම ජයග්‍රහණය වෙනදා මෙන් නොව ඉතා අඩු පරතරයක් සහිතව ලබාගත් ජයක් බව පෙන්නේට තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කය
බදුල්ල දිස්ත‍්‍රික්කයේ ආසන 6 ක ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂය ආසන 3 ක් ජය ගැනීමට සමත් විය.


එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ලේ පස්සර, බණ්ඩාරවෙල, ඌව පරණගම, හපුතලේ, මහියංගනේ හා වියලුව යන ආසන ජය ගැනීමට සමත් විය.


එක්සත් ජාතික පක්ෂය හාලිඇල, බදුල්ල හා වැලිමඩ යන ආසන ජය ගැනීමට සමත් විය.

  • අවසන් ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 209,056 (47.37%) ක් වන අතර හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 09 කි.
  • එසේම බදුල්ල දිස්ත්‍රීක්කය තුළ එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 197,708 (44.79%) ක් වන අතර එම පක්ෂයට හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 කි.
  • ජනතා විමුක්ති පෙරමුණ බදුල්ල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 20,625 ( සියයට 4.67) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 1කි.

මොණරාගල දිස්ත්‍රික්කය
මොණරාගල දිස්ත‍්‍රික්කයේ බිබිල ,මොනරාගල , වැල්ලවාය යන ආසන තුනේම ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවී තිබුණි. 



  • මොනරාගල අවසන් ජන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 140850 (58.34%) ක් වන අතර හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 08 කි.
  • එසේම මොණරාගල දිස්ත්‍රීක්කය තුළ එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 77065 (31.92%) ක් වන අතර එම පක්ෂයට හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 5 කි.
  • ජනතා විමුක්ති පෙරමුණ මොණරාගල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 15955( සියයට 1.14) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 1කි.

2009 මැතිවරණය හා සැසඳීමේදී ප්‍රතිඵල
පසුගියවර (2009) පැවති ඌව මැතිවරණය හා සැසදීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විශාල පසුබෑමක් ලබා ඇත.එම මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රීක්කයට මන්ත්‍රී ආසන 21ක් හිමිව තිබිණ.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 2,59,069 (සියයට 67.79) ක් වන අතර එම පක්ෂයට හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 14 කි.

එක්සත් ජාතික පක්ෂය එහිදී ලැබූ ඡන්ද සංඛ්‍යාව 98,635 (සියයට 25.81) ක් වන අතර එම පක්ෂයට හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 05කි.

ජනතා විමුක්ති පෙරමුණ එම අවස්ථාවේදී බදුල්ල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 9,007 ( සියයට 2.36) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් ඔවුනට මන්ත්‍රී ආසනයක් හිමිවිය.

මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වී තරඟ කල කඳුරට ජනතා පෙරමුණ 2009 මැතිවරණයේදී වෙනම තරඟ කර බදුල්ල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 9,227( සියයට 2.41) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් ඔවුනට ද මන්ත්‍රී ආසනයක් හිමිවිය.


මාධ්‍යය ආයතන වලට බලපෑම් 
ඌව පළාත් සභා මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත්වෙමින් පවතින අතර මැතිවරණ ප්‍රතිඵල විග්‍රහකිරීමේදී 2009 ප්‍රතිඵල නොගෙන 2004 වසරේදී පැවති පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල සමග සංසන්දනය කරන ‍ලෙස  මාධ්‍ය ආයතන වෙත ඉහළ නියෝගයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.


මැතිවරණ මහලේකම් කාර්යාලයට මොනරාගල්ක අවසන් ප්‍රතිඵලය වරදී
ඌව පළාත් සභා මැතිවරණයේ මොනරාගල දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රතිඵලයට අනුව ආසන 1ක් සමග ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ගණන දැක්වුණේ 14,960ක් ලෙස දැක්වුණු අතර පසුව මැතිවරණ මහ ලේකම් කාර්යාල විසින් නිවෙදනයකොට ඇත්තේ එම ප්‍රත්ඵලය ඔවුන්ට වැරදුණු බවකි. ඒ අනුව නිකුත් කල නව ප්‍රතිඵල අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ගණන දැක්වුණේ 15,955ක් ලෙස ය.
- See more at: http://www.gossipbook.lk/2014/09/Uva-Provincial-Council-Election-Final-Result.html#sthash.qF6onhU4.dpuf

0 comments:

Post a Comment